News Category
From Date
To Date
Maximum Number of Result

"චීන ණය උගුල" පිළිබඳ කතාව පදනම් විරහිත ප්‍රබන්ධයක්- භූ-ආර්ථික විද්‍යාව පිළිබඳ කීර්තිමත් ඉරාක-ස්වීඩන් විශාරදයෙකු වන හුසේන් අස්කරි

Apr 29, 2026 at 01:50 PM
|

චීනයේ තීරයක් සහ මාර්ග මුලපිරීම ((Belt and Road Initiative) බටහිර විවරණ මගින් බොහෝ විට වරාය, දුම්රිය මාර්ග සහ මහාමාර්ගවලට ලඝු කරන තත්වයට වඩා බොහෝ සෙයින් අභිලාෂකාමී බව ජාත්‍යන්තර සබඳතා සහ භූ-ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රමුඛ ඉරාක-ස්වීඩන් විශාරදයෙකු වන හුසේන් අස්කරි පවසයි.

ඔහුගේ තර්කයට අනුව චීනයේ තීරයක් සහ මාර්ග මුලපිරීමෙහි ඇති හරය තුළ,  "මනුෂ්‍ය වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක්" යන සංකල්පය පවතී. එලෙසම, තීරයක් සහ මාර්ග මුලපිරීම  ආර්ථික සහයෝගීතාවය පමණක් නොව, ශිෂ්ටාචාර අතර සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ද ඇතුළත්වන අදහසකි.

"තීරයක් සහ මාර්ගයක් යනු යටිතල පහසුකම් සම්බන්ධයෙන් වන මැදිහත් වීමක් පමණක් නොවේ," අස්කරි බීජිං හි පැවති සමුළුවකට සමගාමීව "21st Century Business Herald" සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. " තීරයක් සහ මාර්ග මුලපිරීම යනු පුරාණ සේද මාවතේ සැබෑ ආත්මය වන දැනුම බෙදා ගැනීම සහ එකිනෙකාගෙන් ඉගෙනීම පිළිබඳ ශිෂ්ටාචාරවත් බවයි." ඔහු පැවසුවේය.

අස්කරි ස්වීඩනයේ තීරයක් සහ මාර්ග මුලපිරීම ආයතනයේ (BRIX) සම-නිර්මාතෘ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වන අතර එම මුලපිරීම වෙනුවෙන් පර්යේෂණ කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට වසර ගණනාවක් ගත කර ඇත.

ඔහු බටහිර ආසියාව සහ අප්‍රිකාවට නව සේද මාවත දිගු කිරීමේ සම කර්තෘ, ජාත්‍යන්තර උපාය මාර්ග සඳහා වූ ගුවැන්ඩොං ආයතනයේ විශේෂ පර්යේෂණ සහකරුවෙකු සහ ෂිලර් ආයතනයේ ආර්ථික උපාය මාර්ග විශ්ලේෂකයෙකි.

අප්‍රේල් 14 වන දින ඔහු චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ චොංයැං මූල්‍ය අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද කලාපීය සහ රාජ්‍යන් අධ්‍යයන සංසදයේ “එක්සත් ජනපද මාලාවේ” 21 වන සැසිය ඇමතීය. “‘ඇමරිකාව පළමුව’ ‘චීනයේ ප්‍රවේශය හමුවෙයි’: චීනය බටහිර ආසියාව සහ අප්‍රිකාව ගැඹුරින් සම්බන්ධ කර ගන්නේ කෙසේද?” යන මාතෘකාව යටතේ ඔහු පැවැත්වූ දේශනය, ලෝකයේ විවිධ කලාපවල තීරයක් සහ මාර්ග මුලපිරීම හි වර්ධනය වන බලපෑම පරීක්ෂා කළේය.

“ණය උගුල” හෙවත් පදනම් විරහිත වෘතාන්තය 

සමුළුවේ විවේක කාලය අතරතුර පැවැති පුළුල් සාකච්ඡාවකදී, චීනය අප්‍රිකාවේ සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින කලාපවල “ණය උගුලක්” නිර්මාණය කරන බවට දිගු කලක් තිස්සේ පැවති බටහිර චෝදනාව අස්කරි තර්කානුකූලව ප්‍රතික්ෂේප කළේය. අප්‍රිකානු රටවල් මුහුණ දෙන ණය ගැටළුවේ සැබෑ මූලාශ්‍රය චීනය සමඟ නොව බටහිර මූල්‍ය ආයතන සමඟ ඇති බව ඔහු තර්කානුකූලව ඔප්පු කළේය.

"සැම්බියාව, කෙන්යාව හෝ පකිස්ථානය වැනි රටවල ණය ව්‍යුහය දෙස බැලුවහොත්, බ්ලැක්රොක්, ඈෂ්මෝර් වැනි බටහිර පෞද්ගලික ණය දෙන්නන් හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන සමඟ සසඳන විට චීනයේ කොටස ඉතා කුඩා බව ඔබට පෙනෙනු ඇත," අස්කරි පැහැදිලි කළේය. "ඊනියා 'ණය උගුල' ආඛ්‍යානය කරුණු මත පදනම් නොවේ - එය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සමහර හාවඩ් ශාස්ත්‍රඥයින් විසින් නිර්මානය කරන ලද භූ දේශපාලනික කතාවකි."

චීන ණය සාමාන්‍යයෙන් දිගු කාලීන (අවුරුදු 20-25), 2-3% පමණ අඩු පොලී අනුපාත දරන අතර, අනාගත ආදායමක් උපයා ගැනීමට උපකාරී වන ඵලදායී යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරනු ලබන බව ඔහු තවදුරටත් පැවසීය.

ඊට පටහැනිව, බටහිර ණය බොහෝ විට කෙටි කාලීන වන අතර, 6-10% පොලී අනුපාත සහිතව, සහ අයවැය හිඟයන් ආවරණය කිරීමට හෝ පවතින ණය අළුත් කිරීමට නිතර භාවිතා කරනු ලැබේ. එමගින් සැබෑ "හිමබෝල බලපෑමක්" නිර්මාණය කරන බව ඔහු පෙන්වා දුන්නේය. "සැබෑ ණය උගුල"  "චීනයෙන් නොව බටහිර මූල්‍ය පද්ධතියෙන් පැමිණේ" යනුවෙන් අස්කරි අවධාරණය කළේය.

ඇමරිකාවේ පරිහානිය වේගවත් කරන “ඇමරිකාව පළමුව”

එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ව්ශ්ලේශණය කරමින්, අස්කරි තර්ක කළේ මෙම වසරේ නිතර සිදුවන ඇමරිකානු මිලිටරි ක්‍රියාමාර්ග, වෙනිසියුලාවේ සිට මැදපෙරදිග දක්වා, “නිස්සාරණ මැදිහත්වීමක්” ලෙස හැඳින්වූ දෙයට අනුකූල උපාය මාර්ගයක් පිළිබිඹු නොකරන බවයි. එවැනි ප්‍රවේශයක්, ස්ථාවරත්වයක් ලබා දීමට අපහසු බවත්, ඒ වෙනුවට ඇමරිකාවේ සාපේක්ෂ පරිහානිය ඉක්මන් කළ හැකි බවත් ඔහු අවධාරණය කළේය.

සැබෑ දිගුකාලීන ජාතික ශක්තිය, කෙටි කාලීන මිලිටරි හෝ දේශපාලන ලීවරයක් වෙනුවට ආර්ථික ඵලදායිතාව සහ ජීවන තත්වයන් මගින් මනිනු ලබන බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය. “මෙම ප්‍රතිපත්ති දිගටම පැවතුනහොත්, ඒවා අස්ථායී ජාත්‍යන්තර පරිසරයක් ඉතිරි කරන අතරම ඇමරිකාවේම සංවර්ධනයේ අත්තිවාරම් ඛාදනය කරනු ඇත.” අස්කරි පැවසීය.

ඔහු සඳහන් කළේ, අධිරාජ්‍යයන් බොහෝ විට අන් අයව ආධිපත්‍යය දැරීමට දීර්ඝ කාලයක් තිස්සේ දරන උත්සාහයන් හරහා තමන්ව දුර්වල කරන බව ඉතිහාසය ඔප්පු කර ඇති බවයි.

මැදපෙරදිග ගැටුම් සාමකාමීව විසඳා ගත යුතු නම්, ගෝලීය දකුණේ රටවල් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන සහ වැළඳ ගැනීමට උනන්දු වන වඩාත් සහයෝගීතා ආදර්ශයක් ලෝකයට දැකගත හැකි බව ඔහු විශ්වාස කරන බව අවධාරණය කළේය.

ශිෂ්ටාචාර සංවාදය සඳහා වාහනයක් ලෙස තීරයක් සහ මාර්ග මුලපිරීම

දේශනයේදී, අස්කරිගේ කේන්ද්‍රීය අරමුණ වූයේ තීරයක් සහ මාර්ග මුලපිරීම සෑම විටම පටු යටිතල පහසුකම් ඉලක්ක ඉක්මවා ගොස් ඇති බවත්, එහි ගැඹුරු අරමුණ වන්නේ මනුෂ්‍යත්වය සඳහා බෙදාගත් අනාගතයක රාමුව යටතේ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම පෝෂණය කිරීම බව තහවුරු කිරීමටය.

ඔහු පෙන්වා දුන්නේ,පුරාණ සේද මාවත, කිසි විටෙකත් ප්‍රධාන වශයෙන් සේද සම්බන්ධයෙන් නොවන බවත් එය මහාද්වීප හරහා අදහස්, තාක්ෂණයන් සහ සංස්කෘතීන් තිරසාර ලෙස හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් වන බවත්ය.

බොහෝ ශිෂ්ටාචාරවල නැගීම සහ වැටීම ඓතිහාසිකව ප්‍රචණ්ඩ ගැටුම් සහ අතිමහත් මානව පිරිවැය මගින් සලකුණු කර ඇති අතර, චීනයේ අඛණ්ඩ ශිෂ්ටාචාරය වෙනස් ආකෘතියක් ඉදිරිපත් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

අස්කරි පෙන්වා දුන්නේ, ඉතිහාසයේ පළමු වතාවට, ලෝකයට අව්‍යාජ "ශිෂ්ටාචාර අතර සංවාදයක්" සාක්ෂාත් කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති බවයි. එනම්, ජාතීන් සහ සංස්කෘතීන් එකම ඓතිහාසික කාල පරිච්ඡේදයක් තුළ සමාන කොන්දේසි යටතේ සම්බන්ධ වන අවස්ථාවක් බවයි.

සම්බන්ධිත පුවත් | Related News

සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ප්‍රංශයේ Limoges නගරයේ පිහිටි වසර 143ක් පැරණි ඓතිහාසික නගර ශාලාව (Hôtel de Ville) ඔක්තෝබර් 17 වැනිදා පැවති විරෝධතා අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් ගිනි තැබීමෙන් දැඩි ලෙස විනාශ වී තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.