ඉරාන තෙල් මිලදී ගන්නා සමාගම්වලට පැනවූ ඇමරිකානු සම්බාධක චීනය ප්‍රතික්ෂේප කරයි..
ඉරාන තෙල් වෙළඳාමට සම්බන්ධ බවට චෝදනා කරමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් චීන සමාගම් පහකට පනවන ලද සම්බාධක අවහිර කිරීමට චීන වාණිජ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වොෂින්ටනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම "දේශසීමා ඉක්මවා ගිය අධිකරණ බලය" (Long-arm jurisdiction) දැඩි ලෙස හෙළා දකින බව බීජිං පාලනය මීට පෙර නිවේදනය කළ අතර, මේ වන විට එම සම්බාධක අවහිර කරමින් චීනය විසින් නිල තහනම් නියෝගයක් (Injunction) නිකුත් කර තිබේ.
චීන රජයේ නිල පුවත් ඒජන්සිය වන 'සින්හුවා' වාර්තා කරන පරිදි, මෙම සම්බාධකවලට ලක්ව ඇති සමාගම් ලෙස, Hengli Petrochemical (Dalian) Refinery, Shandong Jincheng Petrochemical Group, Hebei Xinhai Chemical Group, Shouguang Luqing Petrochemical, Shandong Shengxing Chemical සඳහන්.
චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉරානය සමඟ සිදුකරන සාමාන්‍ය වෙළඳ ගනුදෙනු සඳහා ඇමරිකාව මැදිහත් වීම අනුමත කළ නොහැකි බවයි.
කෙසේ වෙතත්, චීනය විසින් පැනවූ මෙම තහනම් නියෝගය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු අනාවරණය වී නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මූලාශ්‍රය - අල්ජසීරා
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්