බෝයිං ගුවන් යානා 200ක් චීනය ඇණවුම් කරන බව ට්‍රම්ප් පැවසීමෙන් පසු සමාගමේ කොටස් මිල 4%කින් පහළට..
චීනය බෝයිං සමාගමෙන් ගුවන් යානා 200ක් මිලදී ගැනීමට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ අතර, එම සංඛ්‍යාව විශ්ලේෂකයින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වීම හේතුවෙන් සමාගමේ කොටස් අගය පහත වැටී තිබේ.
මෙම ගනුදෙනුවට අදාළ විස්තර, එනම් ලබාදෙන ගුවන් යානා වර්ගය හෝ ඒවා ලබාදෙන කාලසීමාව පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ නමුත්, එම ප්‍රමාණය රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබූ යානා 500ක පමණ එකඟතාවයට වඩා බෙහෙවින් අඩු අගයකි.
"ඔහු අද එකඟ වූ එක දෙයක් තමයි, ගුවන් යානා 200ක් ඇණවුම් කරනවා... විශාල යානා 200ක්," යනුවෙන් ජනපති ට්‍රම්ප් ෂී ජින්පිං ජනපතිවරයා ගැන සඳහන් කරමින් ෆොක්ස් නිවුස් නාලිකාවට පවසා සිටියි.
ඊයේ (14) වෙළෙඳපොළ ගනුදෙනු අතරතුර බෝයිං කොටස් අගය සියයට 4.1කින් පහත වැටි තිබේ.
බෝයිං සමාගමට ලැබෙන මහා පරිමාණ ඇණවුම, මෙම සුවිශේෂී සමුළුවෙන් අපේක්ෂා කළ බොහෝ ව්‍යාපාරික ගනුදෙනුවලින් එකක් වූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී දෙරට අතර ඇති කරගත් තාවකාලික වෙළෙඳ එකඟතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමක් ලෙසද සැලකිණි.
වෝල් ස්ට්‍රීට් (Wall Street) කොටස් වෙළෙඳපොළ මෙයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව අදහස් දැක්වීම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
සාකච්ඡාවලට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බෝයිං 737 මැක්ස් (737 MAX) වර්ගයේ ගුවන් යානා 500ක් සහ තවත් අධික මිලෙන් යුත් පුළුල් බඳක් සහිත ගුවන් යානා කිහිපයක් ලබාගැනීම පිළිබඳව මීට පෙර අවධානය යොමු වී තිබූ බවයි.
මීට සමාන ප්‍රමාණයේ ගනුදෙනුවක් සඳහා චීනය යුරෝපයේ එයාර්බස් සමාගම සමඟ ද සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
-රොයිටර්ස්-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්