අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති..
අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන්වලට සම්බන්ධ වන පුද්ගලයන් සහ විදේශීය මාධ්‍යවේදීන් සඳහා මෙතෙක් පැවති වීසා නීතිරීති දැඩි ලෙස සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.
රොයිටර් පුවත් සේවයට අනුව, අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් මේ සම්බන්ධයෙන් වන නවතම අවසන් රෙගුලාසි මාලාව ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය 2025 ජනවාරි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ පුළුල් ආගමන විගමන මර්දන වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් ලෙස ක්‍රියාවට නැංවේ.
මෙම නව රෙගුලාසි මගින් සිදුවන ප්‍රධානතම වෙනස්කම වන්නේ වීසා බලපත්‍ර සඳහා ස්ථාවර කාලසීමාවන් හඳුන්වාදීමයි. මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය අනුව විදෙස් සිසුන් සඳහා වන 'F' වීසා, සංස්කෘතික හුවමාරු සේවකයන් සඳහා වන 'J' වීසා සහ මාධ්‍යවේදීන් සඳහා වන 'I' වීසා බලපත්‍ර, ඔවුන්ගේ අධ්‍යාපන පාඨමාලාව හෝ රැකියා කාලය පවතින තාක් කල් වලංගු වුවද, නව නීති යටතේ සිසුන් සහ සංස්කෘතික හුවමාරු වීසා වලංගු කාලය උපරිම වසර 4කට සීමා වේ.
එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන්ගේ වීසා බලපත්‍ර දින 240ක් දක්වා සීමා කෙරෙන අතර, චීන ජාතික මාධ්‍යවේදීන් සඳහා එම සීමාව දින 90ක් දක්වා තවදුරටත් අඩු කර තිබේ. මීට අමතරව, අධ්‍යාපන හෝ පුහුණු කටයුතු සාර්ථකව නිම කිරීමෙන් පසු අමෙරිකාවෙන් පිටවීම සඳහා මෙතෙක් ලබා දී තිබූ දින 60ක සහන කාලය (Grace Period) දින 30ක් දක්වා අඩකින් අඩු කර ඇති අතර, විදේශීය උපාධිධාරී සිසුන්ට පූර්ව අනුමැතියකින් තොරව තම අධ්‍යාපන අරමුණු වෙනස් කිරීමට හෝ වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු වීම ද තහනම් කර ඇත.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2024 වසරේදී පමණක් විදෙස් සිසුන් මිලියන 1.8කට අධික පිරිසක් අමෙරිකාවට ඇතුළු වී ඇති අතර, එය පෙර වසරට වඩා 11%ක වර්ධනයක් බවයි. මෙම ශීඝ්‍ර පැමිණීම හේතුවෙන් ඔවුන් නිරීක්ෂණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අපහසුතාවක් මතුව ඇති බවත්, ඇතැම් පුද්ගලයන් මෙම වීසා බලපත්‍ර අවභාවිත කරමින් දශක කිහිපයක් තිස්සේ අමෙරිකාවේ රැඳී සිටින බවත් ඔවුන් පවසයි. කෙසේ වෙතත්, අවශ්‍යතාවක් පවතී නම් මෙම නිශ්චිත කාලසීමාවන් ඉක්මවා රැඳී සිටීම සඳහා වීසා දීර්ඝ කර ගැනීමට (Extensions) අයදුම් කිරීමේ අවස්ථාව පවතී.
කෙසේ වුවද, මෙම නව නීතිරීති සම්බන්ධයෙන් විවිධ ආයතන සහ විශේෂඥයන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ද වාර්තාවේ. කැටෝ ආයතනයේ (Cato Institute) ආගමන විගමන අධ්‍යයන අධ්‍යක්ෂ ඩේවිඩ් ජේ. බියර් පෙන්වා දෙන්නේ, අධ්‍යාපනය නිම වී දින 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත තමන්ට අනුග්‍රහය දක්වන සේවා යෝජකයෙකු සොයා ගැනීමට සිසුන් අපොහොසත් වුවහොත්, ඔවුන් වහාම නීති විරෝධී සංක්‍රමණිකයන් බවට පත්වීමේ අවදානමක් පවතින බවයි. එමෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියෙකු වන ඩග් රෑන්ඩ් ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් අනවශ්‍ය පාලන යාන්ත්‍රණයක් නිර්මාණය වන බවයි.
මෙම නව නීති මාලාව ෆෙඩරල් ලේඛනාගාරයේ ප්‍රකාශයට පත් කර දින 60කින් පසුව, කොංග්‍රස් මණ්ඩලයේ සමාලෝචනයට යටත්ව නිල වශයෙන් බලාත්මක වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..