2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී ඇරඹෙයි.. චීන ජනපති ෂී ජින්පිං වෙතින් සිව්වැදෑරුම් යෝජනාවලියක්..
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම චීනයේ ශැංහයි නුවරදී අද (17) නිල වශයෙන් ආරම්භ විය.
'සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.
එහිදී ඔහු අවධාරණය කළේ ජනතාව කේන්ද්‍ර කර ගත්, ත්‍යාගශීලී සහ හිතකර සංකල්පයකට අනුගත වීම චීනයේ ප්‍රධාන ස්ථාවරය වන අතර, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කරන වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට සියලු දෙනා උත්සාහ කළ යුතු බවයි.
මෙම ගෝලීය කළමනාකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා චීන ජනාධිපතිවරයා විසින් ප්‍රධාන සිව්වැදෑරුම් යෝජනාවලියක් සමුළුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව විවෘතභාවය හා පොදු ජයග්‍රහණය මත පදනම් වෙමින් නවෝත්පාදන සංවර්ධනය ඉදිරියට ගෙන යාම පළමු යෝජනාව වන අතර, අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් සුරක්ෂිතතාව සහ පාලනය කිරීමේ හැකියාව සහතික කිරීම දෙවන යෝජනාව ලෙස දක්වා තිබේ. එමෙන්ම, අන්තර්කරණය හා ශිෂ්ටාචාර අතර අධ්‍යයනය දිරිමත් කිරීම මෙන්ම, පවතින දුෂ්කරතාවන්ට පොදුවේ එක්ව මුහුණ දෙමින් ගෝලීය කළමනාකරණය සාධනීය ප්‍රවේශයකට යොමු කිරීම සෙසු යෝජනා වෙයි.
නිසි වගකීමකින් යුත් දැවැන්ත රාජ්‍යයක් වශයෙන් චීනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේදී පොදු නිෂ්පාදන සපයන්නෙකු මෙන්ම ඵලදායී විසඳුම් ඉදිරිපත් කරන්නෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම වෙනුවෙන් චීනය ගන්නා ඉදිරි ප්‍රධාන පියවර ද මෙහිදී ප්‍රකාශයට පත් කළේය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කසක්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කාම්බෝජ අගමැති Hun Manet, තායිලන්ත අගමැති Anutin Chavirakul සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres යන මහත්වරුන් ද එක්වෙමින් විශේෂ දේශන පවත්වා තිබේ.
එහිදී එම නායකයන් ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය උදෙසා චීනය දක්වන දායකත්වය බෙහෙවින් අගය කළ අතර, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නව යෝජනා සහ පියවරයන් කෙරෙහි සිය සක්‍රිය ප්‍රතිචාරය ද දක්වා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..