2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී ඇරඹෙයි.. චීන ජනපති ෂී ජින්පිං වෙතින් සිව්වැදෑරුම් යෝජනාවලියක්..
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම චීනයේ ශැංහයි නුවරදී අද (17) නිල වශයෙන් ආරම්භ විය.
'සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම' යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය.
එහිදී ඔහු අවධාරණය කළේ ජනතාව කේන්ද්‍ර කර ගත්, ත්‍යාගශීලී සහ හිතකර සංකල්පයකට අනුගත වීම චීනයේ ප්‍රධාන ස්ථාවරය වන අතර, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කරන වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට සියලු දෙනා උත්සාහ කළ යුතු බවයි.
මෙම ගෝලීය කළමනාකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා චීන ජනාධිපතිවරයා විසින් ප්‍රධාන සිව්වැදෑරුම් යෝජනාවලියක් සමුළුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව විවෘතභාවය හා පොදු ජයග්‍රහණය මත පදනම් වෙමින් නවෝත්පාදන සංවර්ධනය ඉදිරියට ගෙන යාම පළමු යෝජනාව වන අතර, අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් සුරක්ෂිතතාව සහ පාලනය කිරීමේ හැකියාව සහතික කිරීම දෙවන යෝජනාව ලෙස දක්වා තිබේ. එමෙන්ම, අන්තර්කරණය හා ශිෂ්ටාචාර අතර අධ්‍යයනය දිරිමත් කිරීම මෙන්ම, පවතින දුෂ්කරතාවන්ට පොදුවේ එක්ව මුහුණ දෙමින් ගෝලීය කළමනාකරණය සාධනීය ප්‍රවේශයකට යොමු කිරීම සෙසු යෝජනා වෙයි.
නිසි වගකීමකින් යුත් දැවැන්ත රාජ්‍යයක් වශයෙන් චීනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේදී පොදු නිෂ්පාදන සපයන්නෙකු මෙන්ම ඵලදායී විසඳුම් ඉදිරිපත් කරන්නෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම වෙනුවෙන් චීනය ගන්නා ඉදිරි ප්‍රධාන පියවර ද මෙහිදී ප්‍රකාශයට පත් කළේය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කසක්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කාම්බෝජ අගමැති Hun Manet, තායිලන්ත අගමැති Anutin Chavirakul සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres යන මහත්වරුන් ද එක්වෙමින් විශේෂ දේශන පවත්වා තිබේ.
එහිදී එම නායකයන් ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය උදෙසා චීනය දක්වන දායකත්වය බෙහෙවින් අගය කළ අතර, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නව යෝජනා සහ පියවරයන් කෙරෙහි සිය සක්‍රිය ප්‍රතිචාරය ද දක්වා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..