මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය.
තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
සිය බිරිඳට තලවතුගොඩ ප්රදේශයේ මෝටර් රථ අලෙවි සැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවට ශ්රී ලංකාවේ ප්රසිද්ධ වෙබ් අඩවියක් 2021 වසරේදී පළ කළ පුවත අමූලික අසත්යයක් බවත්, එමගින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චන්න ජයසුමන මහතා නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව අද කැඳවා තිබිණි.
දේශීය පුවත්
නව ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
සර්බියානු ශිෂ්ය අරගලකරුවෝ වසර 14ක පාලනය ඡන්දයකින් බිඳදමති..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
නාමල්ට අධි චෝදනා..
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාවට.. – ජනපති පුටින් හමුවීමටත් සූදානමින්..
සුපිරි ක්රීඩකයාගේ බිරිඳ සීගිරියේ ඉඩම් ජාවාරමක.. වසර 5ක් ගතවී ඇතත් සීඅයිඩී වාර්තාවක් නෑ..
නාමල් අධිකරණයට රැගෙන එයි..
ෆිදෙල් සහ ගෝලීය දකුණ: ෆිදෙල් කස්ත්රෝගේ 100 වැනි ජන්ම සංවත්සර සැමරුම සහ විශේෂ දේශනය කොළඹදී..
දින 14ක් ඇතුළත වාහන දඩය නොගෙව්වොත් ඩබල් ගෙවන්න වෙයි..
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..