දින 14ක් ඇතුළත වාහන දඩය නොගෙව්වොත් ඩබල් ගෙවන්න වෙයි..
මාර්ග වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කරනු ලබන රථවාහන දඩ පත්රිකාවට අදාළ දඩ මුදල දින 14ක් ඇතුළත ගෙවීමට අපොහොසත් වුවහොත්, එම දඩ මුදම මෙන් දෙගුණයක් තැපැල් කාර්යාලයට ගෙවීමට සිදුවන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්ය පොලිස්පති ඩී.පී.ජේ. සේනාධීර මහතා ප්රකාශ කර තිබේ.
ඒ අනුව, පොලිස් නිලධාරීන් විසින් දඩ පත්රිකාව නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත තැපැල් කාර්යාලය වෙත අදාළ දඩ මුදල ගෙවන්නේ නම් මුල් දඩ මුදල පමණක් ගෙවීමට අවස්ථාව හිමිවේ. කෙසේ වෙතත්, එම දින 14 ඉක්මවා ගියහොත් දඩ මුදල මෙන් දෙගුණයක් ගෙවා රියැදුරු බලපත්රය ලබාගැනීමට සිදුවන අතර, දින 28ක් ඉක්මවා ගියහොත් අදාළ වැරැද්ද සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවනු ලැබේ.
මීට අමතරව, අන්තරායකර රිය පැදවීම සහ බීමත් රිය පැදවීම වැනි බරපතළ වැරදි කිහිපයක් සඳහා දඩ පත්රිකා ලබාදීමෙන් තොරව, ඍජුවම අධිකරණයට යොමුකරන බවද නියෝජ්ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..