මැලේසියාවේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ
මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනය කර තිබේ.
එම ඝාතන සිදුකර ඇත්තේ ද ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු බවට සැක කෙරෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව එරට ක්වාලාලම්පූර් පොලීසිය ප්‍රකාශ කර ඇත.
ඊයේ (22) රාත්‍රියේදී සෙන්තූල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවළකට අයත් නිවසකදී මෙම ඝාතන සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම යුවළගේ 20 හැවිරිදි පුත්‍රයා සහ නිවසේ කුලී පදනම මත රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.
මීට දින 02කට පමණ පෙර තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අදාළ නිවසට පැමිණ ඇති අතර ඔවුන් විසින් මෙම ඝාතන සිදුකර පළාගොස් ඇති බවට මැලේසියානු පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත පොලීසිය එම නිවසට පැමිණ ඇති අතර එහිදී හිස් ආවරණය කර, අත් පා බැඳ ඝාතනය කර තිබූ පුද්ගලයින් තිදෙනාගේ මළසිරුරු සොයාගෙන ඇත.
එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ ඡායාරූප ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්
රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..
පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?
ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..
ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..
“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!
නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ නවතම තත්ත්වය මෙන්න..
මහර බන්ධනාගාරයේ තත්වය දරුණුයි.. රාගම ග්‍රාමසේවා වසම් තුනකට පොලිස් ඇඳිරි නීතිය..
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම ලබා දිය හැකියි.. - උදය ගම්මන්පිල
ඉතිහාසයේ පෙරළිකාර තීන්දුවක්: හේමසිරිට සහ පූජිත්ට ලැබුණු මරණ දඬුවමේ සම්පූර්ණ කතාව..