News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ 2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙනු ඇති බවයි.

ගොවි ගැටලු සම්බන්ධව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනයේදී ඊයේ (20) පැවැත්වුණු ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ රැස්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ දේවානි ජයතිලක නිලධාරිනියට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙරට භූමියෙන් වී වගාකළ හැකි බිම් සියයට 42ක් පමණ ඇති බවත්, නොයෙකුත් දුෂ්කරතා මැද රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවය සපුරන වී ගොවියාට ආණ්ඩුවෙන් නිසි මිලක් නොගෙවන තත්ත්වයක් නැවත ඇති වී තිබෙන බවත් ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පවසයි.

ටෙලෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක කරුස්වාමීන් සුරේන්දිරන් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, උතුරේ සිටින හමුදා පිරිස් අදියරෙන් අදිර අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සංවිධානයට පොරොන්දු වූ බවයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය හෝ වෙනත් තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව දින 05ක සංචාරයක් සඳහා සඳහා ඊයේ(12) දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව ඇති බව වාර්තාවේ.


දේශීය පුවත්

සර්බියානු ශිෂ්‍ය අරගලකරුවෝ වසර 14ක පාලනය ඡන්දයකින් බිඳදමති..

සර්බියාවේ පැවති හදිසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඓතිහාසික පෙරළියක් සිදු කරමින් එරට වසර 14කට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ පාලන අධිකාරිය නිමා කිරීමට ශිෂ්‍ය නායකත්වයෙන් යුත් ව්‍යාපාරය සමත්ව තිබේ.

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

නාමල්ට අධි චෝදනා..

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාවට.. – ජනපති පුටින් හමුවීමටත් සූදානමින්..

ගෑස් අපනයනය කරන රටවල සංසදයේ (GECF) 8 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාව වෙත ළඟා වී තිබේ.

සුපිරි ක්‍රීඩකයාගේ බිරිඳ සීගිරියේ ඉඩම් ජාවාරමක.. වසර 5ක් ගතවී ඇතත් සීඅයිඩී වාර්තාවක් නෑ..

ලෝක පූජිත ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන මඟින් වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනාවරණය කරයි.

නාමල් අධිකරණයට රැගෙන එයි..

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට අධිකරණයට රැගෙනවිත් තිබේ.

ෆිදෙල් සහ ගෝලීය දකුණ: ෆිදෙල් කස්ත්‍රෝගේ 100 වැනි ජන්ම සංවත්සර සැමරුම සහ විශේෂ දේශනය කොළඹදී..

කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතාගේ 100 වැනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා - කියුබා මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් සහ දේශනයක් 2026 ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 3:30 ට කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දින 14ක් ඇතුළත වාහන දඩය නොගෙව්වොත් ඩබල් ගෙවන්න වෙයි..

මාර්ග වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් නිකුත් කරනු ලබන රථවාහන දඩ පත්‍රිකාවට අදාළ දඩ මුදල දින 14ක් ඇතුළත ගෙවීමට අපොහොසත් වුවහොත්, එම දඩ මුදම මෙන් දෙගුණයක් තැපැල් කාර්යාලයට ගෙවීමට සිදුවන බව රථවාහන හා මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කර තිබේ.

ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ඔර්නබ් ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්‍රබල සුළි කුණාටුවක්' බවට පත්වී ඇත.

පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාම: හෝමාගම අපරාධ අංශ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම්..

හෝමාගම මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ පසුවූ 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.