News Category
From Date
To Date
Maximum Number of Result

බහුජාතික සමාගම් ආරක්ෂා කිරීම සඳහා ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා කරන බවට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට එල්ල වෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද? නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශීය සබන් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා දීර්ඝ කාලීන ඉල්ලීමකට අනුව ආනයනික ෆාම් තෙල් නිෂ්පාදන කිහිපයක් සඳහා සියයට 29 ක බද්දක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් නොකර කල් මැරීමට ක්‍රියාකිරීම නිසා ආණ්ඩුවට රුපියල් මිලියන 2000 ක පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇති බවයි.

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතව තිබේ.


දේශීය පුවත්

දිවුලපතාන සිංහල ගොවීන්ට වෙලා තියෙන දේ.. ඊයෙත් හරක් 500ක් ආවා..

දිවුලපතාන සිංහල ගොවීන්ගේ වගා බිම්වලට දෙමළ ජනයා විසින් ගවයන් මුදාහැරීම දිගින් දිගටම සිදුවෙමින් ඇති පසුබිමක එම ගොවීන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පවසන්නේ තමන්ගේ මෙම ප්‍රශ්නය විසඳා දීමට ආණ්ඩුවේ බලධාරීන් හෝ නිලධාරීන් හෝ කිසිවෙකු මැදිහත් නොවන බවයි.

නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන කර්මාන්තය වන ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින පසුබිමක, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.

සර්බියානු ශිෂ්‍ය අරගලකරුවෝ වසර 14ක පාලනය ඡන්දයකින් බිඳදමති..

සර්බියාවේ පැවති හදිසි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඓතිහාසික පෙරළියක් සිදු කරමින් එරට වසර 14කට ආසන්න කාලයක් පැවති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ පාලන අධිකාරිය නිමා කිරීමට ශිෂ්‍ය නායකත්වයෙන් යුත් ව්‍යාපාරය සමත්ව තිබේ.

බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්‍රේමරතන නාහිමි

බෞද්ධයන්ට සහ භික්ෂූන් වහන්සේලාට දිනෙන් දින එල්ල වන විවිධ අඩම්තේට්ටම්, නින්දා අපහාස සහ ජාතික උරුමයන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාසන විමර්ශන මහ සභාව විසින් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කයන්හි ත්‍රෛනිකායික ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලාගේ එකතුවෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබේ.

නාමල්ට අධි චෝදනා..

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධි චෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාවට.. – ජනපති පුටින් හමුවීමටත් සූදානමින්..

ගෑස් අපනයනය කරන රටවල සංසදයේ (GECF) 8 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් රුසියාව වෙත ළඟා වී තිබේ.

සුපිරි ක්‍රීඩකයාගේ බිරිඳ සීගිරියේ ඉඩම් ජාවාරමක.. වසර 5ක් ගතවී ඇතත් සීඅයිඩී වාර්තාවක් නෑ..

ලෝක පූජිත ශ්‍රී ලංකික ක්‍රීඩකයෙකුගේ බිරිඳක් විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන මඟින් වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනාවරණය කරයි.

නාමල් අධිකරණයට රැගෙන එයි..

එයාර් බස් ගනුදෙණුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වනවිට අධිකරණයට රැගෙනවිත් තිබේ.

ෆිදෙල් සහ ගෝලීය දකුණ: ෆිදෙල් කස්ත්‍රෝගේ 100 වැනි ජන්ම සංවත්සර සැමරුම සහ විශේෂ දේශනය කොළඹදී..

කියුබානු විප්ලවවාදී නායක ෆිදෙල් කස්ත්‍රෝ මහතාගේ 100 වැනි ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා - කියුබා මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් සහ දේශනයක් 2026 ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා පස්වරු 3:30 ට කොළඹ නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.