කප්පම් ඉල්ලූ දොස්තර ලොක්කෙක් ගැන ඖෂධ සමාගම්වලින් පොලිසියට පැමිණිලි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කරනවාය පවසමින් මෑතක දී කරළියට පැමිණි වෛද්‍යවරයෙක් ඖෂධ නිෂ්පාදන සහ ආනයන සමාගම් වලින් කප්පම් ඉල්ලන බවට එම සමාගම් කිහිපයක් පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
එම සමාගම්වලට සහ ඒවායේ ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡාවල දී පහර දෙන බව පවසමින් එසේ නොකිරීමට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙසට බලපෑම් කරන බව වාර්තා වෙයි.
පසුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි පැවති විශ්වාසභංග යෝජනා සමයේදී මෙම වෛද්‍යවරයා සමගි විපක්‍ෂ මන්ත්‍රී හමුවේ ඉදිරිපත්කිරීමක් ද (presentation) සිදු කර ඇත. විපක්‍ෂ මන්ත්‍රීවරු විශ්වාස භංගයේ දී ඉදිරිපත් කරන්නේ තමා ලබාදෙන තොරතුරු හෙයින් එම සමාගම්වල තොරතුරු ලබා නොදීමට බව පවසා සමාගම් කිහිපයකින් රුපියල් මිලියන 4, 5 ආදී ලෙස මුදල් ලබා ගෙන ඇති බව පැවසේ.
එසේ මුදල් ලබා දුන් පසු ද දිගින් දිගටම කරන බලපෑම් නිසා අදාල සමාගම් මෙසේ පැමිණිලි කර ඇත. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැන පැවසීමට ජිනීවා මානව හිමිකම් කොමිසමට යෑමට මෙම වෛද්‍යවරයාට විපක්‍ෂ ප්‍රබලයෙක් ගුවන් ටිකට්පත් ලබා දීමට මුලදී පොරොන්දු වී සිටියද ඔහුගේ කප්පම් ගැනීම ආරංචි වීමත් සමග එම අදහස පසුව අත හැර ඇති බවත් පැවසේ.
මෙකී වෛද්‍යවරයා පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයා පවසා ඇත්තේ විනය විරෝධී ක්‍රියා කිහිපයක් හේතුවෙන් දැනටමත් ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ‘රාජ්‍යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්‍රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..