සුපිරි ක්රීඩකයාගේ බිරිඳ සීගිරියේ ඉඩම් ජාවාරමක.. වසර 5ක් ගතවී ඇතත් සීඅයිඩී වාර්තාවක් නෑ..
ලෝක පූජිත ශ්රී ලංකික ක්රීඩකයෙකුගේ බිරිඳක් විසින් ඓතිහාසික සීගිරිය ආසන්නයේ පිහිටි වටිනා රජයේ ඉඩමක් කූට ලේඛන මඟින් වංචනික ලෙස අත්පත් කරගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තාව වසර පහක කාලයක් ගතවී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් ලබා දී නොමැති බව දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය අනාවරණය කරයි.
දඹුල්ල ප්රදේශයේ මාධ්යවේදී කාංචන කුමාර ආරියදාස මහතා විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ සිදුකරන ලද විමසීමකට ප්රතිචාර දක්වමින් මෙම තොරතුරු හෙළි වී තිබේ.
සීගිරිය ආශ්රිත ප්රදේශයේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදාදීමට වෙන් කර තිබූ මෙම රජයේ ඉඩම, සුපිරි ක්රීඩකයාගේ බිරිඳ විසින් තමන්ද අඩු ආදායම්ලාභිනියක ලෙස ව්යාජව පෙන්වා දෙමින්, ව්යාජ ජාතික හැඳුනුම්පත් අංක සහ කූට පදිංචි සහතික ඉදිරිපත් කරමින් 2021 වසරේදී අත්පත් කරගෙන ඇත.
මෙම අක්රමිකතාව සම්බන්ධයෙන් සිදුකළ ප්රාථමික විමර්ශනවලදී, කූට ලේඛන සකස් කිරීමට හා වැරදි තොරතුරු සැපයීමට ආධාර අනුබල දුන් බවට තහවුරු වූ දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්රාම නිලධාරීවරයෙකුගේ සේවයද ඒ දිනවලම තහනම් කිරීමට පියවර ගැනිණි.
පසුව, රජයේ ඉඩම් වංචා කිරීමේ මෙම බරපතළ සිදුවීම පිළිබඳව තොරතුරු පනත යටතේ 2021 මාර්තු 22 වන දින කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් දඹුල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලය දන්වා ඇත්තේ අදාළ සියලු විමර්ශන ලිපිගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවයි.
කෙසේ වෙතත්, එම සිදුවීමට වසර පහක් සපිරුණු පසුබිමක පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා යළිත් තොරතුරු පනත යටතේ කළ විමසීමේදී ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඉඩම් පැවරීමට අදාළ දීමනා පත්ර තුනෙහි මුල් පිටපත් 2025 නොවැම්බර් 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත භාරදුන් නමුත්, එම පරීක්ෂණවල අවසන් වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..