ප්‍රසිද්ධ වෙබ් අඩවියක් මහාචාර්ය චන්නගෙන් විවෘත අධිකරණයේදී සමාව ඉල්ලයි... නෝනට රේන්ජ් රෝවර් අරන් දුන්නයි කිව්වේ වැරදිලාලු
සිය බිරිඳට තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිලට ගෙන දී ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් 2021 වසරේදී පළ කළ පුවත අමූලික අසත්‍යයක් බවත්, එමගින් තමන්ට සිදුවූ අපකීර්තිය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා නුගේගොඩ දිසා අධිකරණයේ පවරා තිබූ නඩුව අද කැඳවා තිබිණි.
එම අවස්ථාවේ එකී වෙබ් අඩවිය විවෘත අධිකරණයේ දී පැමිණිලිකරුගෙන් සමාව භජනය කිරීමත් සමග නඩු කටයුත්ත අවසන් විය.
එකී පුවතට පාදක කර ගත්තේ මාධ්‍ය සාකච්ඡාවල දී කියවුනු තොරතුරු සහ නිරන්තරයෙන් ප්‍රවෘත්ති සපයන මූලාශ්‍ර වෙතින් ලැබුණු තොරතුරු කිහිපයක් වුවත් පසුව වැඩිදුර සොයා බැලීමේදී එම තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව තහවුරු වූ බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම පුවත පළ කරන ලද්දේ හුදෙක් ප්‍රවෘත්තියක් වශයෙන් මිස මහාචාර්ය චන්න ජයසුමන මහතාට හෝ ඒ මහතාගේ බිරිඳට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් ඇතිව නොවන බව ද ප්‍රකාශ විය.
අදාළ ප්‍රවෘත්තියෙන් පසු එහි කියැවුණු මෝටර් රථ අලෙවි සමාගම පැවසුවේ තමන්ට තලවතුගොඩ ප්‍රදේශයේ කිසිදු වාහන අලෙවිසලක් නොමැති බවත් තම ආයතනයෙන් චන්න ජයසුමන මහතා හෝ ඔහුගේ බිරිඳ කිසිදිනක මෝටර් රථයක් මිලදී ගෙන හෝ පැමිණවත් නොමැති බව ය.
නඩුව නුගේගොඩ දිසා විනිසුරු කලහාරි කේ. ලියනගේ මහත්මිය ඉදිරියේ දී කැඳවුණු අතර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ජනාධිපති වී.කේ. චොක්සි මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමකුත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අයි.ආර්.පී. ද සිල්වා මහතා ද පෙනී සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ‘රාජ්‍යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ හරහා GSP+ බදු සහනය දැඩි අවදානමක.. - ඇඟලුම් සංගම් සංසදයෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්‍රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..