News Category
From Date
To Date
Maximum Number of Result

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනාවක් ගෙන එමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ආ යුතු බවයි.

නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බව අනාවරණය කළේය.

අභිනවයෙන් පත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පත්වීම භාරගත් පළමු දිනයේ සිටම කිසිදු හේතුවක් නොමැතිව කියුබාවට එරෙහිව චෝදනා එල්ල කරමින් සිටී.

පැරණි ජාතික හැඳුනුම් පතේ මුල් අංක 5 උපන් වසර හා තමන් උපන් දවස වන වනවිට එම අවුරුද්දේ ගෙවීගිය දින ගණන බවත්, ඒ නිසා එම දිනය මානව වර්ගයාගේ අසමසම දිනය වන හෙයින් එය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවත් 2004 දී ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන සිදුකළ බිලයන 3. 9ක වැට් වංචාව පිළිබඳව වසර 28ක් තිස්සේ අධ්‍යයනයක නිරත වූ විජය උඳුපිටිය මහතා පවසයි.

ලෝකයේ සුරක්ෂිතම ඩිජිටල්කරණ වැඩ පිළිවෙල ඉන්දියාවේ “ආධාර්“ (Aadhaar) ක්‍රමවේදය බව ජනපති පැවැසුවත් එහි තිබූ මිලියන 815ක ඉන්දියානු පුරවැසියන්ගේ දත්ත හොරකම් කර ඇති බවත් එම නිසා ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමට පෙර සිය දහස් වාරයක් කල්පනා කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනාධිපති ධුරයට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් අනවසර සංක්‍රමනිකයන් ඉලක්ක කර ගෙන යෑමට නියමිත "Operation Safeguard" මෙහෙයුම ලබන සතියේ චිකාගෝ නගරය ඉලක්ක කර ගනිමින් දැවැන්ත පිටුවහල් කිරීමේ සැලැස්මක් සහිතව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එයට රේගු,ආගමන හා විගමන බලකායේ නියෝජිතයන් 150-200 ක් අතර පිරිසක් සම්බන්ධ වීමට නියමිතය.


දේශීය පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේ දී ජනිපෙට මන්ත්‍රී ධුර 26ක්.. අභියෝග හමුවේ නව ආරම්භයක් (වීඩියෝ)

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී මුල්වරට තනිව තරඟකර පළාත් පාලන ආයතන 53කට තරගවැදී මන්ත්‍රී ධුර 26ක් දිනාගැනීමට ජාතික නිදහස් පෙරමුණට හැකි වූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

අපි ෆේල් වෙලා - අගමැති හරිනි..

කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

මියගිය සිසුවිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා විරෝධතාවක්..

කොළඹ විද්‍යාලයක 10 වන වසරේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක් පාසල තුලදීම ගුරුවරයකු අතින් අපයෝජනයට ලක්ව පසුව තවත් ටියුෂන් ගුරුවරයකු විසින් ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් සියදිවි නසාගන්නා ලද ශිෂ්‍යාව වෙනුවෙන් යුක්තිය ඉල්ලා කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ ලොක්කා පත්කිරීමට එරෙහිව ඇපැල් උසාවියෙන් නියෝගයක්..

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනුලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය ඊයේ රිට් ආඥාවක් නිකුත් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.