ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
යූටියුබ් සංවාදයකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ බටහිර බලවතුන් විසින් හූතීන් යනු ඉරානයේ වෙනත් පාර්ශ්වයක් (Proxy) ලෙස හැඳින්වීමට උත්සාහ කළද, ඔවුන් දැඩි කැපවීමකින් සහ ආත්ම විශ්වාසයකින් යුතුව සටන් වදිමින් සැලකිය යුතු ප්‍රදේශ රැසක බලය අත්පත් කරගැනීමට සමත්ව ඇති බවයි.
මොකා (Mocha) වැනි ලෝක ප්‍රකට සහ වැදගත් වරාය නගර අත්පත් කරගැනීමේ මට්ටමට හූති සටන්කාමීන්ගේ ජයග්‍රහණ වර්ධනය වී ඇති බව සඳහන් කළ ඒ මහතා, මැදපෙරදිග සහ ගල්ෆ් කලාපයේ පවතින මේ උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ලෝක බලශක්ති අර්බුදය තවදුරටත් දැඩි විය හැකි බවටද අනතුරු ඇඟවීමක් සිදු කළේය.
එමෙන්ම බ්‍රික්ස් (BRICS) සමුළුව හරහා පස්සියවසක බටහිර රාජ්‍යයන්ගේ ආධිපත්‍යයෙන් මිදීමේ නව ගෝලීය ප්‍රවණතාවයක් නිර්මාණය වෙමින් පවතින බවද ආචාර්ය චන්ද්‍රවංශ වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම සමුළුවේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ඉන්දියාවේ කෘෂිකාර්මික හා බලශක්ති අවශ්‍යතාවලට අවශ්‍ය පොහොර සහ ඉන්ධන අඛණ්ඩව ලබාදීමට පොරොන්දු වීම ජාත්‍යන්තර ආර්ථික ක්ෂේත්‍රයේ සිදුවූ වැදගත් පියවරක් ලෙස හඳුන්වා දුන් ඒ මහතා, එක්සත් රාජධානිය අභ්‍යන්තරයේ ස්කොට්ලන්තය, වේල්සය වැනි රාජ්‍යයන් වෙන්වී යාමේ ප්‍රවණතාවයන් හේතුවෙන් මහ බ්‍රිතාන්‍යයද දේශපාලනමය වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් කළේය.
සවිස්තරාත්මක තොරතුරු ඇතළත් වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ
ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..