News Category
From Date
To Date
Maximum Number of Result

අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. එම සම්පූර්ණ ලිපිය පහතින්

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.

යාපනයේ තිස්ස රජ මහා විහාරය කඩා බිඳ දමන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රජය මෙවැනි තත්වයන් නොසලකා හැරිය හොත් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් සිදුවන බවත් මෙවැනි තත්වයකදී ක්ෂණිකව හා තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් මෙවැනි ක්‍රියාමාර්ග වලට දිගින් දිගටම ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගියදා ජාතික පුවත්පතකට '' රටට අවශ්‍ය කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද මාතෘකාව සහිතව පළවූ ලිපියකි. එහි ඇති කාලීන වැදගත්කම සලකා අප මෙසේ එය පලකරන්නෙමු.

ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජය ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව අමාත්‍යවරයෙක් ඊයේ ප්‍රකාශ කළේය.

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැටුප් ගැටලුව ඇතුළු රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සංවිධාන රැසක සහභාගීත්වයෙන් ඊයේ (13) උද්ඝෝෂණයක් පැවැත්විණි. උද්ඝෝෂයකයන් එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගෙන් ඉල්ලා සිටිවේ වියානා සම්මුතිය කඩපු සහ USAID සංවිධානය හරහා රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත්වන ජුලී චන්ග් මෙරටින් ඉවත් කරන ලෙසයි.


දේශීය පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනපතිගේ අමාත්‍යංශයේ ලොක්කන් කිහිපදෙනෙක් මත්පැන් සමාගම්වලින් අල්ලස් ගන්නා බව ඇමති හඳුන් කියයි..

අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

පොසොන් සතිය අදින් ඇරඹෙයි..

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.