News Category
From Date
To Date
Maximum Number of Result

සිදුව ඇතැයි කියන බහාලුම් මගඩිය ජාතික ජනබලවේගයේ ජනවරමට පටහැනි බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසනත් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා කොළඹ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවේදීය.

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

පසුගිය දා රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක මහතා පවසන්නේ ‌මෙම කන්ටේනර් මගින් ලබාගැනීමට තිබූ විශාල බදු මුදලක් රටට අහිවි වෙන්නට ඇති ඉඩ කඩ වැඩි බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ඊයේ(29) පවසා සිටියේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිරිස තිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක් වන ග්වාන්ටනාමෝ නාවික කඳවුරට යැවීමට එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


දේශීය පුවත්

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.