රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.
Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවැති සංවාදයකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් මුළුමනින්ම බැහැර වීමක් බවයි.
මෙවැනි හමුදා සන්ධානයක් සමඟ සම්බන්ධතා පැවැත්වීම හරහා ආණ්ඩුව ගෙන ඇත්තේ දැඩි අදූරදර්ශී තීරණයක් බවත්, මෙරට පාලකයින් ගන්නා මෙවැනි පියවර හේතුවෙන් ඉන්දියාව තුළද දැඩි අවධානයක් සහ කථිකාවක් නිර්මාණය වී ඇති බවත් වෛද්‍ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඉන්දියාව වැනි අසල්වැසි බලවතුන් අසන්තෝෂයට පත් කරගැනීමෙන් මීට පෙරද රටට නරක අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව මතක් කර දුන් ඒ මහතා, ඉන්දියාව සහ ඇමෙරිකාව වැනි රටවල් සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම්වල අන්තර්ගතය පිළිබඳවද රටට පැහැදිලි අනාවරණයක් සිදු කර නොමැති බව සඳහන් කළේය.
එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පමණක් යැපෙන්නේ නැතිව, දකුණු කොරියාව වැනි රටවල් අනුගමනය කළ සැලසුම්ගත ආර්ථික ක්‍රමවේදයක් ඔස්සේ රටේ රාජ්‍ය හා පුද්ගලික අංශ රැකගත යුතු බව ඔහු අවධාරණය කළේය. තවද ආසියානු කලාපීය සහ ගෝලීය දකුණේ රටවල් සමඟ වෙළඳ හා ආර්ථික සබඳතා වැඩිදියුණු කරගනිමින් මෙරට ආර්ථික ස්වෛරීභාවය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති