ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
ලොව විවිධ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වී ඇති ආකාරය සංසන්දනය කරමින් එම සටහනේ දක්වා ඇත්තේ වෙනත් රටවල ව්‍යවස්ථා ගණනාවකට සංශෝධන එක්වී තිබුණද එම රටවල ස්ථාවරත්වය පවත්වාගෙන යන බවයි.
එහි දැක්වෙන පරිදි විවිධ රටවල ව්‍යවස්ථා සංශෝධන සංඛ්‍යාවන් මෙසේය:
ඉන්දියාව: 1950 මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – සංශෝධන 106
ජර්මනිය: 1949 මූලික නීතිය – සංශෝධන 70 කට වැඩි
පාකිස්තානය: 1973 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – සංශෝධන 26
දකුණු අප්‍රිකාව: 1996 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – සංශෝධන 17 කට වැඩි
ශ්‍රී ලංකාව: 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – සංශෝධන 21
තවද, නේපාලය 2015 වසරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දී වසර 10ක් ඇතුළත සංශෝධන 2ක් සිදුකර තිබුණද, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් පමණක් නේපාලයේ පැවැති ගැටලුවලට විසඳුම් ලැබී නොමැති බවද එහි පෙන්වා දෙයි.
සෑම ගැටලුවකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දොස් පැවරිය නොහැකි බව සහ ගැටලුව ව්‍යවස්ථාව නොව රට පාලනය කිරීමේ ඇති අසමත්කම බව විද්වතුන් තේරුම් නොගැනීම පුදුමයට කරුණකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..