News Category
From Date
To Date
Maximum Number of Result

ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ලෝක රාජ්‍ය සමුළුව ඊයේ (12දා) ආමන්ත්‍රණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අන්තවාදී තර්ජනයන්ට ලක්ව ඇති යාපනය තිස්ස රජ මහා විහාරය ඇතුලු උතුරේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහ ඉන් පරිභාහිරව ක්‍රියාත්මකවන අන්තවාදින් සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන නිහඩ පිළිවෙත පිළිබඳ ගැටළුකාරී තත්වයක් මතුව ඇති බව දේශප්‍රේමී දේශප්‍රේමී ජාතික බලවේගයේ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.

යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදී තර්ජන සම්බන්ධයෙන්ශ වහාම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දේශාප්‍රේමී ජාතික බලවේගය විසින් පොලිස් මූලස්‌ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එමගින් ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම අනතුරුදායක තත්වය ගැන අවධානය යොමු කර , තිස්ස විහාරයේ සහ එහි ආගමික කටයුතු වල යෙදෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමටත් ආගමික සංහිදියාව උල්ලංඝණය කරමින් රටේ නීතිය අභියෝගයට ලක්කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිමය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා ලෙසයි. පොලිස්පපති තුමන් වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින්

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳුදා එක්සත් ජනපදය හා ජපානයෙන් ඉල්ලා සිටියේ "එක් චීනයක් මූලධර්මයට" අනුකූල වන ලෙසත් තායිවාන් ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයන්ට ගරු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

වහාම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කළ යුතු බවට කාදිනල්තුමා විසින් රජයට බල කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්

"යුක්‍රේනයේ තිබෙන ඛනිජ සම්පත් කෙදිනක හෝ රුසියානුවන් සතු විය හැකිවීම " නොසලකා යුක්රේනයේ තිබෙන දුර්ලභ ඛනිජ සම්පත් වොෂින්ටනයට අලෙවි කිරීමෙන් වොෂින්ටනයට තම මුදල් ආපසු ලබා ගැනීම සහතික කිරීම සඳහා කියෙව් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.


දේශීය පුවත්

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනපතිගේ අමාත්‍යංශයේ ලොක්කන් කිහිපදෙනෙක් මත්පැන් සමාගම්වලින් අල්ලස් ගන්නා බව ඇමති හඳුන් කියයි..

අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

පොසොන් සතිය අදින් ඇරඹෙයි..

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.