News Category
From Date
To Date
Maximum Number of Result

එක පෑන් පහරින් රටේ ප්‍රශ්න විසඳන බවට පවසමින් බලයට පැමිණි ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

යුක්රේනය කෘත්‍රිමව නිර්මානය කළ රටක් බවත් යුක්රේනය සෝවියට් සංගමයේ නිර්මාතෘ ව්ලැදිමිර් ලෙනින්ගේ නමින් නම් කිරීමට යෝජනා වූ රටක් බවද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස් දගාරියන් මහතා පවසයි.

අමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමත් සමග USAID සංවිධානය සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ වී ඇති බවත් මෙම සංවිධානයේ මුදල් වලින් රටවල් රැසක ආණ්ඩු පෙරළිම සදහා සහ ආණ්ඩු පත්කිරීම සදහා කටයුතු කර ඇති බවත් ලංකාවේද එම සංවිධානයෙන් මුදල් යොදාවා ඇති බවත් එහි මුදල් ලබාගත් නාමලේඛනවල රාජයේ උසස් තැනැත්තන් සිටින බැවින් ජනාධිපතිවරයා ‍ වහාම මැදිහත්වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා ප්‍රකාශ කරයි.

ජාතික සංවිධාන එකමුතුව විසින් ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට ලිපියක් යොමු කරමින් USAID සංවිධානයේ රහසිගත මෙහෙයුම් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය තුළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව පළමු අවස්ථාව සඳහා සත්කාරක රටක් ලෙස සෞදි අරාබිය විය හැකි බවට නම් කර තිබේ.

වී කිලෝවක මිල රු. 120ක් බව ලාල්කාන්ත ඇමැතිතුමා තීරණය කර ඇත. එතුමාත් මේ ලියුම්කරුත් 1989යේ සන්නද්ධ අරගලයට දායක වන විටත් අක්කරයකට අස්වැන්න බුසල් 85කි. ජීවිතයේ පළමු වතාවට අප විසින්ම “අපේ ආණ්ඩුව” 2024 පිහිටුවන විටත් අස්වැන්න අක්කරයකට බුසල් 85ට අඩුය. අපට ඇත්තේ එතරම්ම දක්ෂ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවකි. එය දැන් ලාල්කාන්ත ඇමැතිතුමාට ලැබී ඇත.

නඩුවක විත්තිකරුවන් තිදෙනා නිදහස් කිරීමට මෑතකාලීන නිර්දේශ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවනීය සම්ප්‍රදායන්ට අනුකූලව නීතිපතිවරයා සහ අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් සිය ස්වාධීන වෘත්තීමය විනිශ්චය ක්‍රියාත්මක කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තරයේ ප්‍රකාශ කළේය.

USAID ආයතනය සැමවිටම කියුබානු රජය බිඳ වැට්ටවීමේ අරමුණින් ක්‍රියාතමක කර ඇතැයි කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්රිගස් පවසයි.

ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ලෝක රාජ්‍ය සමුළුව ඊයේ (12දා) ආමන්ත්‍රණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


දේශීය පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජනපතිගේ අමාත්‍යංශයේ ලොක්කන් කිහිපදෙනෙක් මත්පැන් සමාගම්වලින් අල්ලස් ගන්නා බව ඇමති හඳුන් කියයි..

අරක්කු මිල වැඩි වී තිබෙන්නේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු අරක්කු මුදලාලිලාගෙන් මුදල් ගන්නා නිසා බවටත්, ඔවුන් මෙම ගැටළුව විසඳීමට ඉඩ නොදෙන බවටත් අමාත්‍යවරයා චෝදනා කරයි.

පොසොන් සතිය අදින් ඇරඹෙයි..

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.