රැඳවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රදානී සුරේ සලේ විසින් ඊට එරෙහිව ගොනුකල පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණයට සලකා බැලූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා තමන්ට සහ රණවිරු පදක්කම්වලට අපහාසාත්මක ලෙස අදහස් පළ කළ බව විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී නිශාන්ත ජයතිලක මහතා පවසයි.
එවන් පපාජෝ(ර්)ජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ කණ්ඩායමක් 2026 වසරේ ජුනි 24 සිට 30 දින දක්වා කොළඹ සංචාරය කළ අතර, මෑත කාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමෙහි සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් බලධාරීන් ලබා ඇති ප්‍රගතිය සාකච්ඡා කිරීම එම සංචාරයේ අරමුණ විය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය (Password) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) සැකකාර සුරේෂ් සලේට නියෝග කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් බෙයිජිංහි පැවති නිල සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, වසර 105ක් පුරා විහිදුණු පක්ෂයේ අඛණ්ඩ අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කිරීමට සමත් වී ඇති බවයි. මෙම ඓතිහාසික ගමන්මඟ චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම සඳහා නිවැරදි මාවත විවර කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මාක්ස්වාදයේ බලගතු ජීවගුණය මනාව පෙන්නුම් කරන මෙම වසර 105ක ඉතිහාසය ලෝක ඉතිහාසයේ ගමන් මඟ ශක්තිමත්ව ගොඩනැගීමට ද සෘජුවම දායක වී ඇති බව අවධාරණය කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීම හරහා මානව හිමිකම් කඩවීමක් සිදුව ඇති බවට පෙනෙන්නට ඇති බවත්, ඒ පිළිබඳව සහ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනීසිටීමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස සැම විටම කටයුතු කරන බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
දේශීය පුවත්
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..
ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..
සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..
ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද..
මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..