News Category
From Date
To Date
Maximum Number of Result

ISIS ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම සිංහල බෞද්ධ ජනතාව මත පැටවීමට ඇතැම් පාර්ශ්වයන් විසින් දරන්නා වූ කුප්‍රකට උත්සාහයන් පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කර සිටියි.

සහරාන් හෂීම් ඇතුළුව ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාදයට අනුව ක්‍රියාකරන මෙරට පුද්ගලයින් 129 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් 2019 ජනවාරි මසදී රාජ්‍ය බුද්ධි සේවය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබූ බවත් ඒ පිළිබඳ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය නිසි ක්‍රියාමාර්ග නොගත් බවටත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (17) චෝදනා කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා (17) මාලඹේ, තලහේන ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙය සියදිවි හානිකර ගැනීමක් බවට සැක කරන බවයි.

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම චීනයේ ශැංහයි නුවරදී අද (17) නිල වශයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකාව අතීතයේදී දෙමළ නිජබිමක්ව පැවති බවට සමාජගත කිරීමට උත්සාහ කරන මතවාදයන්ට එරෙහිව මෙරට සිංහල ජනතාව වහාම එක්විය විය යුතු බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අවධාරණය කරයි.

හිටපු පොලිස්පතිවරයෙකු වූ සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ පමණක් රුපියල් බිලියන 4.5කට (කෝටි 450ක්) අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.

ලෝක බලවතුන් කෙරෙහි ගෝලීය ජනතාව දක්වන පැහැදීම සහ විශ්වාසය පිළිබඳව සිදුකළ නවතම ජනමත සමීක්ෂණයකදී ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි පවතින සුභවාදී ආකල්ප කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සමට මැදිහත් වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මැදිහත් පෙත්සමක් ගොනුකොට තිබේ.


දේශීය පුවත්

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ලංකාවේ දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක.. - ලෝක බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.

ලෝකයේ ඒඩ්ස් රෝගීන් පහළ යද්දී ශ්‍රී ලංකාවේ 48%ක ඉහළ යාමක්.. – ජාතික ඒඩ්ස් මර්දන ඒකකය

එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.

ජනතාව සතයක් නොගෙන හැදූ සූර්ය බලය මාලිමා ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට විකුණලා.. - පුබුදු ජයගොඩ

රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.