News Category
From Date
To Date
Maximum Number of Result

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි කනස්සල්ල පළ කරන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.

තම පාර්ශවයට එල්ල කෙරෙන චෝදනා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති අතර, සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමේ නිර්දේශය ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුවට සම්බන්ධ නොවන බව පවසයි.

USAID, ඇමරිකානු තානාපති කාර්යාලය, ඇමරිකානු නියෝජිත ජූලි චුන්ග්, IREX සහ MEND වැඩසටහන් මගින් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට “ද්විමය-ලිංගික භාෂාව” වළක්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා ඩොලර් මිලියන 8 ක් වෙන් කිරීම මේ වන විට ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවය දේශපාලනීකරණය කිරීම පිළිබඳ අතීත විවේචන නොතකා, ජාතික ජන බලය (NPP) රජය විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානියා සඳහා දේශපාලන පත්වීම් ලබාදීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ඩේලි මිරර් වාර්තා කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ

මගේ නමත් මේකේ තියෙනවා. ඒ සල්ලි මට ලැබුණා. ලැබුණේ මගේ කාර්යාලයේ තිබුන ලී බඩු, ප්ලාස්ටික් පුටු, විදුලි උපකරණ සදහා. කාර්යාලය ගිනි තැබීමට මූලික වුනේ ජනතා විමුක්ති පෙරමුණේ ‍ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. මම දන්න විදිහට ඔහු දැන් ඉන්නේ ඇප මත: ඔහු කවුද කියලා අනුර කුමාරට දිසානායක මැතිතුමාටත් මම කියලා තියෙනවා..ඔහුට විරුද්ධව නඩුවක් තියෙනවා.

යුක්රේනයේ නේටෝ සාමාජිකත්වය සම්බන්ධයෙන් වන අභිලාෂය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය රුසියාව පිළිගන්නා බව විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

අන්තර්ජාතික සබඳතා, භූ දේශපාලනික ප්‍රවණතා සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රාමාණික බුද්ධිමතුක වන ඉන්දියාවේ ඇස්. ඩී. මුනි මහතා අනුර කුමාරගේ ජයග්‍රහණය පිළිබඳ එරට සරසවියක පැවැත් වූ දේශනයක දී දැක්වූ අදහස් සමගින් අරුණ පුවත්පතට දේශපාලන ලිපියක් යොමුකර ඇත. කෘතින් දුසිමකට වඩා රචනා කර තිබෙන ආචාර්ය මුනි ලංකාවේ දේශපාලන ප්‍රවණතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ඒ පිළිබඳ තම අදහස් දක්වන බුද්ධිමතෙකි. ඔහු පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමන් මගට අවශ්‍ය පුහුණුව අනුර කුමාරට ලැබුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙනි. ඉන් අනතුරුව පැවැති ජනාධිපතිවරණවල දී ද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාශීලීව වැඩ කළේය. 2015 යහපාලන ආණ්ඩුව සමයේ දී අනුර කුමාරට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හිමිවීම ද ඔහුගේ දේශපාලන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය. අනුර පිළිබඳ මුනි දෙසුමෙන් පැහැදිලි වන්නේ ඔහු දේශපාලන සිද්ධීන් නිවැරදිව නිරීක්ෂණය කර තිබෙන බව බව ඔහුසදහන් කරයි අරුණ පුවත්පතේ පළ කල එම සම්පූර්ණ ලිපිය පහතින් බලන්න


දේශීය පුවත්

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.