News Category
From Date
To Date
Maximum Number of Result

හමුදා ඔත්තුසේවා ප්‍රමුඛ සන්නද්ධ හමුදා යොදාගනිමින් පොලීසියේ හා රාජ්‍ය නීති අංශයේ ද ආවරණය ඇතිව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් පසුගිය කාලයේ සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇතිදැ'යි යන සැකය ත්‍රීවෘ කරමින්, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකුට එරෙහිව තවදුරටත් නීතිමඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස්කර යැවිය හැකි බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතුය යි නීතිපති පාරින්ද රණසිංහ පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබේ.

මුලින්ම රටක් ලෙස 1505 දී පෘතුගීසීන්ට යටත් වූ පසුව ලංදේසීන් සහ ඉංග්‍රීසීන්ට ද යටත් වී වසර 443ක් වැනි දීර්ඝ කාලයක් යටත්වී සිටි ජාතියක් ලෙස 1948 නිදහස ලැබීමෙන් පසු අදටත් නොයෙක් පුද්ගලයන් ඉංග්‍රීසීන්ට තවදුරටත් යටත්වී සිටියා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් වසර 443කට පසුව රට නිදහස් වීමේ දී මෙරට ජනයාගෙන් විදුලිය තිබුනේ සියයට එකක පිරිසකට පමණක් බවත්, නල ජලය තිබුනේ එම සියයට එකක පිරිසගෙනුත් බාගයකට පමණක් බවත්, පාසල් 2000ක් සහ විශ්ව විද්‍යාල තිබුනේ එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

2025 පෙබරවාරි 3 වන දින, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති කාර්යාලය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 95 වන සංවත්සරය සැමරීම සඳහා අනුස්මරණ උත්සවයක් සංවිධානය කළේය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ (USAID) නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ USUSAID යනු “රැඩිකල් පිස්සන්” විසින් දුර්වල ලෙස කළමනාකරණය කර ඇති ආයතනයක් බවය.

පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) සන්ධානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක අද නිල වශයෙන් ප්‍රකාශ කළේය.

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.

දෙරණ රූපවාහිනි නාලිකාවේ BIG FOCUS වැඩසටහනට එක් වු ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසුවේ ජාතික ජන බලවේගයට තිබෙන ජනතා විශ්වාසය තබා ගැනීමට නම් අනුර දිසානායක මහතාටද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ළමයින් වඩාගැනීම, බදා ගැනීම වැනි තාවකාලික

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ට ශක්තිමත්ව හා එක්සත්ව නැගී සිටින ලෙසත්, නිදහස පිළිබඳ නවීන දැක්මක් හැඩගැස්වීමට සහභාගී වන ලෙසත්, මෙම නව පුනර්ජීවන යුගයේ සාමූහික ආරම්භයට දායක වන ලෙසත් ආරාධනා කරයි.

කොළඹ බෞද්ධ පරම විඥ්ඥාර්ථ සමිතියට අයත් කරගම්පිටිය සුමග විද්‍යාලය දෙහිවල මිලාන් මුස්ලිම් පාසලට පවරාදීම පිළිබඳව පැන නැගී ඇති මහජන විරෝධතා පිළිබඳව ලංකාලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී.


දේශීය පුවත්

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේට වෙඩි ප්‍රහාරයක්..

කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනතාව රෝහල් ගතවීම අවම කිරීමට අවධානය..

ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා‌ සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම – 2025” පාගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කන්ටේනර් නිදහස් කළේ අනුරයි, බිමලුයි.. - නාගානන්දගෙන් අනාවරණයක් (වීඩියෝ)

පරීක්ෂා නොකර රේගුවෙන් පිට කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් ආනාවරණයක් කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන්කර ඇත්තේ මෙම කන්ටේනර් නිදහස් කර ඇත්තේ අනුර දිසානායක ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය බිමල් රත්නායකගේ උපදෙස් මත බවය.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

විදුලි බිල වැඩි කරනවා.. වැඩි කරන්නේ රට හදන්න .. ජනතාව කැප කිරීමක් කරන්න..- රංජන් ජයලාල්..

විදුලිය ගාස්තු යම් වැඩි කිරීමක් කිරීමට සිදුවනු ඇති බව කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට?

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ ඉදිරි දින කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇමතිවරයා එතනෝල් 800 ට දෙන බව කියන්නේ 500ටවත් දෙන්න බැරිව ඉන්න වෙලාවක... සෙවනගල උක්ගොවීන් මාධ්‍ය අමතයි

සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බව සෙවනගල උක් ගොවීන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියහ.

එකදු කලාකරුවෙකු හෝ නොමැතිව ලංකාවේ ප්‍රකට ගායිකාවක් මීගමුවේ දී අවසන් ගමන් යයි..

ග්‍රැමෆෝන් මුල් යුගය පෝෂණය කළ "මුණි නන්දන සිරි පාද වඳිම්" ගීතයේ මුල් ගායිකාවද වන ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99ක් අයු වළදා පසුගියදා (02/06/2025) අප අතරින් සදහටම සමුගත්තාය.

මුල්‍ය වංචාවකට සිර දඩුවම් නියම වූ අයෙක් නිදහස් වූ හැටි බන්ධනාගාර කොමසාරිස් කියයි..

වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම් පිළිබද මාධ්‍ය හා සමාජ මධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධව බන්දනාගාර කොමසාරිස් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.