News Category
From Date
To Date
Maximum Number of Result

වත්මන් රජය “නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරනවා” යන සටන් පාඨය ඉදිරියට දමා ගනිමින්, මෙරට මානුෂීය මෙහෙයුමේ වීරයන් මෙන්ම තමන්ට අභියෝගයක් විය හැකි දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගනිමින් දැවැන්ත දේශපාලන මර්දනයක් සහ දඩයමක් ආරම්භ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (4) අලුයම ටෙහෙරාන් නුවරදී නිල වශයෙන් ආරම්භ විය.

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වී මාස හතරකට වැඩි කාලයකට පසු, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් දින කිහිපයක රාජ්‍ය ශෝක කාලයක් සහ අවමංගල්‍ය පෙරහැර මාලාවක් ඉරාන බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.

චීනයේ සිනොපෙක් (Sinopec) සමාගම විසින් හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත, ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් වටිනා දැවැන්ත තෙල් පිරිපහදු ව්‍යාපෘතිය එහි කොන්දේසි සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් තවදුරටත් ප්‍රමාද වෙමින් පවතින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ලෝක වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

The Telegraph පුවත්පත විසින් කරන ලද විශ්ලේෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ නිල උසස් අධ්‍යාපන දත්තවලට අනුව, එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල පහෙන් එකකට ආසන්න සංඛ්‍යාවක සුදු ජාතික සිසුන් මේ වන විට සුළුතරයක් බවට පත්ව ඇති බවයි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ස්වභාවික ආපදාවලින් සිදුවන හානියට වඩා ඉතා කෙටි කාලයකින් රටක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට දුර්වල අධිකරණ පද්ධතියකට හැකියාව පවතින බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පවසයි.

වත්මන් ජාතික ජන බලවේග (මාලිමා) ආණ්ඩුව බලයට පත් වුණේ මේ රටේ පොදු ගොවි ජනතාවගේ සහ වැඩකරන ජනතාවගේ කරමතින් වුවද, බලයට පත්වූ වහාම ඔවුන් ගොවියා පාවා දී මහා පීඩාවකට ඇද දමා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි. බත්තරමුල්ලේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” දෙන බව කියා බලයට පැමිණි පාලකයින් අද වන විට රටේ සමස්ත ගොවි ජනතාවම හිඟමනට පත් කර මහමඟට ඇද දමා ඇති බවයි.


දේශීය පුවත්

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය.. බුද්ධි නිලධාරීන් දෙදෙනෙක් ලබන 21 දක්වා යළිත් රිමාන්ඩ්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරින් දෙදෙනෙක් ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝගේ ජන්ම ශතසංවස්සර සමරුව වෙනුවෙන් යාපනයේදී විශේෂ උත්සවයක්..

කියුබානු විප්ලවීය නායක ආචාර්ය ෆිදෙල් කැස්ත්‍රෝ ශ්‍රීමතාණන්ගේ ජන්ම ශතසංවස්සරය (1926 - 2026) සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවයක් 2026 ඔක්තෝබර් 16 වන දින පස්වරු 3.00 සිට 5.30 දක්වා යාපනය මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වේ.

සුගීෂ්වර ලබන 21 වැනිදා තෙක් යළිත් රිමාන්ඩ්..

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර තවදුරටත් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (07) නියෝග කළේය.

ඓතිහාසික මහ කරඬුව ඉවත් කිරීම ගැන විමර්ශනයක් ඉල්ලයි..

ශ්‍රී දළදා මාළිගාවේ පෞරාණික ‘මහ කරඬුව’ ඉවත් කර ඒ වෙනුවට නව කරඬුවක් යොදාගැනීම පිළිබඳව මතුව ඇති බරපතළ සැකසංකා සහ චෝදනා විමර්ශනය කිරීම සඳහා වහාම ස්වාධීන ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ‘මහාසෝන් බලකාය’ සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

මෙරට ගුවන් ගමන් මෙහෙයුම් 9%කින් පහළට..

සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.