එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාල සැකකරුවන් සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලැබී ඇති බැවින් අදාල චෝදනා ප්‍රමාදයකින් තොරව ගොනු කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ ඊයේ (16) ප්‍රකාශ කළේය.
ඒ, මෙම සිද්ධිය ඊයේ (16) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදිය.
මෙම සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවකු ලෙස නම් කර තිබූ අතර අධිකරණ නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව බන්ධනාගාරය විසින් ඊයේ (16) අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙහිදී අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අය සිව්වැනි සැකකරු ලෙස නම් කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර්වරයා මෙලෙස ද ප්‍රකාශ කළේය.
" ස්වාමීනී, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බඳ මහත එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක ( යූරෝ මිලියන 1.5 ක්) අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළා. දුෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදු කරනු ලබනවා. මෙම සිද්ධියේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඔහු මේ වනවට එම අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
මෙම අධිකරණයේ තිබෙන පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා සම්බන්ධයෙන්. අදාළ එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමයි මෙම පැමිණිල්ල මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.
මෙම නඩුකරයේ හතරවන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා ඔබතුමාගේ අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ඔහු මෙම නඩු කටයුත්තේ හතරවන සැකකරු වශයෙන් නම් කර තිබෙනවා.
පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට කළ නියෝගයකට අනුව තමයි ඔහු අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ."
" ස්වාමීනී... මෙම එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් සිංගප්පූරුවේ තිබෙන මෙහි දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැත්තිය ගේ "බිස් සොලියුෂන්" නමැති සමාගමේ බැංකු ගිණුමට ලැබෙනවා. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන එකක් මේ වන විට මියගොස් සිටින කපිල චන්ද්‍රසේනගේ ඔස්ට්‍රේලියාවේ තිබෙන කොමන්වෙල්ත් බැංකුවට යොමු කරලා තිබෙනවා. තවත් රුපියල් මිලියන 25ක් සිංගප්පූරුවේ තිබෙන sl agro නමැති සමාගමට යොමු වෙලා තිබෙනවා.
පසුව එම සමාගමින් අදාළ මුදල මෙම නඩුවේ තවත් සැකකරුවකු වන ශමින්ද්‍ර රාජපක්ෂ නමැත්තාගේ ගිණුමට බැර වී තිබෙනවා. ඉන්පසුව ප්‍රියංකා නියෝමාලි විජයනායකගේ " බිස් සොලියුෂන්" නමැති සමාගමේ ගිණුමෙන් තවත් ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නමැත්තාට අයත් "සේවර් විෂන්" නමැති සමාගමේ ගිණුමට බැර වෙලා තිබෙනවා. පසුව එම මුදල එනම් රුපියල් මිලියන සීයක් සැකකාර නාමල් රාජපක්ෂට ලබා දුන් බවට නිමල් පෙරේරා විසින් අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයකින් හා දිවුරුම් ප්‍රකාශයකින් සඳහන් කර තිබෙනවා."
" මෙය අන්‍යෝන්‍ය සහයෝගීතා සම්මුතිය යටතේ ඇමරිකාව, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි රාජ්‍යවල පිහිටි විමර්ශන ආයතනවලින් සහාය ලබාගෙන සිදුකරන විමර්ශනයක්. මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් එයාර් බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන්නා. වෝහාරික විගණන වාර්තා ලබා දුන්නා. එම වාර්තාවල අන්තර්ගත ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හා එයාර් බස් සමාගම නිලධාරීන් අතර සම්බන්ධතා පවත්වා තිබෙන ආකාරය මනාව පැහැදිලි වෙනවා"
" ස්වාමීනී... මෙම සිද්ධියට අදාළව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නමැත්තෙකු ප්‍රකාශ ලබාදීලා තිබෙනවා. ඔහු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පලා ගිය බවයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. තර්ජන හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවත් නිමල් පෙරේරා සඳහන් කර තිබෙනවා. මේ නඩුකරයේ පළමු වන සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විට මිය ගිහින් තිබෙනවා. ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක්ද? එහෙමත් නැත්නම් මිනීමැරුමක්ද? කියලා තවමත් දන්නේ නැහැ. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායකත් මේ වන විට ඕස්ට්‍රේලියාවට පලා ගිහිල්ලා. ඇයව ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.
තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ නමැත්තාත් ඇමරිකාවට පලා ගොස් තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා. එම වරෙන්තුව අභියෝගයට ලක් කරමින් ඔහු මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවෙන්න පුළුවන්. මෙම විමර්ශනවලට අදාල ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුට අදාල විමර්ශන අවසන් කර කඩිනමන් චෝදනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධ වනවා.’’
සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයේ කරුණු ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ අනිල් සිල්වාය.
" ස්වාමීනී... පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ල මා ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී අදාල වන්නේ ඇප පනතයි. ඇප පනතේ කොතැනකවත් සඳහන් කරලා නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ව ඕන ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා. ඇප දීම තමයි අපේ රටේ නීතිය. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජිනීවා සමුළුව වගේ අවස්ථාවක තමයි ඒ ගැන කතා කරන්නේ. කෙසේ වෙතත් මගේ සේවාදයකයා දේශපාලකයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන තැනැත්තෙක්. කිසිදු අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒවගේම ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයෙක් නෙවෙයි.
ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා කරුණු ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ අවස්ථාවේදී ඔහුට අදාල වෙනවා. නිමල් පෙරේරා නමැත්තාගේ ගිණුමකට මුදල් ලැබිලා තිබෙනවා. නිමල් පෙරේරාට කියන්න ලේසිම දේ තමයි එම මුදල මේ සැකකරුට ලබා දුන් බව ප්‍රකාශ කරන එක. ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා සිටිනවා.”
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශය කළේ සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.
එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..
ගොවියා අසරණ කර, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව වනසන මාලිමා රජයේ රහස් ETCA න්‍යාය පත්‍රය ජයන්ත සමරවීර හෙළිකරයි..
නාමල් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ්..
කථානායකට එරෙහිව බරපතළ දූෂණ චෝදනා.. - අල්ලස් කොමිසමෙන් විමර්ශන ආරම්භ වෙයි..
දුම්රිය වෘත්තීය සමිති 26ක් අද මැදියම් රැයේ සිට වර්ජනයේ..
අතුරුදහන් වූ ඥානසාර හිමි යළි මතුවේ.. ගෝඨාභය, සෞදි සහ නෝර්වේ ඩීල් ගැන හෙළිදරව්වක්..
මරාගෙන මැරෙන පුතුන් හැදූ ඊබ්‍රහීම්ලා සහ පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි රවිලා ශානිලා එළියේ.. බුද්ධි අංශ නිලධාරීන් ඇතුළේ.. - විමල් වීරවංශ
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්