ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
ශ්‍රී ලංකාවේ සුනඛයින් වසරක් පාසා ලියාපදිංචි කිරීම සහ සුනඛයන් ලියාපදිංචියට ගාස්තුවක් අයකර ගැනීම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට ආණ්ඩුව විසින් පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පාර්ශ්ව පෙන්වා දෙන්නේ 1848 බ්‍රිතාන්‍ය පාලන සමයේදී පනවන ලද ආන්දෝලනාත්මක "බලු බද්ද" මතකයට නංවමින්, වර්තමාන ආණ්ඩුව මගින් ද සුනඛයන් ලියාපදිංචි කිරීම සහ බදු අය කිරීම සම්බන්ධයෙන් නව තීරණයක් ගෙන ඇති බවය.
අතීතයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ටොරිංටන් සාමිවරයා විසින් 1848 අංක 9 දරන පනත යටතේ බලු බද්ද හඳුන්වා දුන්නේ ද රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට සහ ජලභීතිකා මර්දනයටයි. එදා එම බද්දට එරෙහිව දැඩි මහජන විරෝධයක් එල්ල වූ අතර, එය වීරපුරන් අප්පු ප්‍රමුඛ පිරිස 1848 සිදුකළ මාතලේ ඓතිහාසික කැරැල්ල හටගැනීමට ද ප්‍රධාන හේතුවක් විය.
එම ඓතිහාසික සිදුවීමට සමානව, වර්තමාන ආණ්ඩුව විසින් ද පළාත් පාලන ආයතන හරහා ගෘහස්ථ සුනඛයන් ලියාපදිංචි කිරීම සහ ඊට අදාළ ගාස්තු අය කිරීමට පියවර ගෙන ඇති අතර, ආණ්ඩුව පෙන්වා දෙන්නේ මෙය ජලභීතිකා රෝගය පාලනය කිරීමට, වීදි සුනඛ ගහනය නිසි ලෙස කළමනාකරණය කිරීමට සහ මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීමට ගත් පියවරක් ලෙසය.
කෙසේ වෙතත්, අතීතයේ මෙන්ම වර්තමානයේ ද ජනතාව අතර මේ පිළිබඳව දැඩි සංවාදයක් සහ විවේචන මතුවෙමින් පවතී. ජනතාව පවසන්නේ පවතින ආර්ථික අපහසුතා හමුවේ මෙවැනි බදු අය කිරීම් හරහා තමන් තවදුරටත් පීඩාවට පත්වන බවයි.
එමෙන්ම ඉදිරියේ දී බලු බද්දට අමතරව තන බද්දක් ද මෙලෙසම පැමිණිය හැකි බවටද විවිධ පාර්ශ්ව විසින් අදහස් පළකරමින් සිටී.
එදා බලු බද්දට එරෙහිව වීරපුරන් අප්පු ප්‍රමුඛ පිරිස විසින් සිදුකළ මාතලේ කැරැල්ල පිළිබඳව ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් විසින් ගායන කළ පහත වීඩියෝවේ දැක්වෙන ගීතය මගින් මෙම සිදුවීම මනා ලෙස නිරූපනය වන බැවින් එම ගීතය මෙම සිදුවීමත් සමග යළි අපට සිහිපත් වන හෙයින් මෙසේ පළ කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ බලු බද්දට පසු තන බද්දකුත් එයි ද?
අගවිනිසුරුවරයාට ලැබුණු වාහන බලපත්‍රවලට මොකද වුනේ?.. - ධර්මශ්‍රී කාරියවසම්ගෙන් හෙළිදරව්වක්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්
යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..
ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ
ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි