News Category
From Date
To Date
Maximum Number of Result

මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවට රාජ්‍ය ඇමැතිවරුන්ගේ අති බහුතරයක් පොදුජන පෙරමුණේ නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ.

2023 මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ අගමැති ජස්ටින් ටෘඩෝ නිකුත් කරන ලද පණිවිඩයට අභියෝග කරමින් කැනඩාවේ ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචන අයදුම්පත විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ දෙමළජන සංහාරයක් සිදුව නැති බව එරට ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර සිටී.

සෞදි අරාබිය එක්සත් ජනපදය සමඟ වසර 50 ක් තිස්සේ පැවැති ජුනි 9 ඉරිදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ පෙට්‍රොඩොලර් ගිවිසුම අලුත් නොකිරීමට තීරණය කර ඇත.

පසුගිය දිනෙක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කිලිනොච්චි ප්‍රදේශයේදී 13 බලාත්මක කරන බවට කල ප්‍රකාශයට එරෙහිව අද දින ජාතික සංවිධාන වීසින් විපක්ෂ නායක කාර්යාලය අසල විරෝධතාවයක් දක්වමින් ඔහුට එහි බරපතළකම පෙන්වා දෙමින් ලිපියක් බාරදෙනු ලැබීය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිලිනොච්චියේ දී සිදුකළ ප්‍රකාශය මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත්වීමේ අනතුරක් ඇති බව පෙන්වා දෙමින් ජාතික සංවිධාන විසින් සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමුකර තිබේ.

මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බවත්, මින් එක සාකච්ඡාවක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක අවස්ථා දෙකක දී පවත්වා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.


දේශීය පුවත්

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.

පිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.

ආදායම් වියදම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තුව පොලිසියට

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සතුරු කණ්ඩායම් පසමිතුරුකම් පසෙකලා අපිට එරෙහිව එකතු වෙනවා - ජනපති ජර්මනියේදී පොහොට්ටුවට, සජබෙට දොස් කියයි..

සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.