News Category
From Date
To Date
Maximum Number of Result

ඉතිහාසයේ පළමුවරට ග්‍රාම නිලධාරීහු සියලු සේවාවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා සිදු කරන ලද විශේෂ ප්‍රකාශය… "අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා. ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා. රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.Sri Lanka Won …. !!

ජාතික න්‍යාය පත්‍රයක මූලාරම්භය දෙවන පියවර ඊයේ (25) ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජාතික සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව එම උද්ඝෝෂණකරුවන්ට කොටුව පොලිස් වසමේ කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO හන්දිය දක්වා වන ඕල්කට් මාවත, CTO හන්දියේ සිට සෙරමික් හන්දිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගයද, යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් වීදීය, මුදලිගේ මාවත, බාරෝන් ජයතිලක මාවත, බාලදක්ෂ මාවත, චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාරද, ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය වෙතද මාර්ග වලට ඇතුළු වීම වලක්වාලමින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම වාරණ නියෝගයට අනුව වග උත්තරකරුවන් වන

දණ්ඩ නීති සංග්‍රහයට,සමලිංගික සබඳතා වරදක් නොවන ලෙස සංශෝධන ඉදිරිපත් කිරීමට තම පක්‍ෂය එකඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් ගෙන විත් තිබෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට තම පක්ෂය සහයෝගය ඒ අනුව පළ කරන බවද ඇය අවධාරණය කරයි

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති ගංජා සන්තකයේ තබා ගැනීම, වගා කිරීම සහ විකිණීම තහනම් කර ඇතත් තෛලෝක විජය පත්‍ර යන නාමයට මුවා වී ගංජා වගාව ප්‍රචලිත කිරීමට මේ වන විටත් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති බවයි. මෙවැනි ඖෂධීය නාමයන් මුල් කර ගනිමින් ගංජා ව්‍යාප්ත කිරීමේ විශාල උත්සාහයක බහු ජාතික ගංජා ව්‍යාපාරය කටයුතු කරමින් සිටන බවද ඔහු අවධාරණය කරයි.

පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ප්‍රකාශයක් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් සිදුකොට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස ඊයේ (25දා) විජයදාස රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්ව ඇති බව අධිකරණ සේවා සංගමය පවසයි.

රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.


දේශීය පුවත්

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.

පිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.

ආදායම් වියදම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තුව පොලිසියට

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සතුරු කණ්ඩායම් පසමිතුරුකම් පසෙකලා අපිට එරෙහිව එකතු වෙනවා - ජනපති ජර්මනියේදී පොහොට්ටුවට, සජබෙට දොස් කියයි..

සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.