News Category
From Date
To Date
Maximum Number of Result

රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කරයි.

සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වීමට සහ ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

වයඹ පළාතේ සංවිධානයක් වන අතුගල්පුර බොදු උරුමය සුරැකීමේ සංවිධානය විසින් නසීර් අහමඩ් නමැති හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බවත්, එම ඉල්ලීම අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතට පත්වූ විට ඔහු පවසා තිබුනේ ජනාධිපතිවරයා පත් කිරීමේ දී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති අතර ගිවිසුමක් පැවති බවත්, එම ගිවිසුමට අනුව ආණ්ඩුකාරවරයා නම් කිරීමේ බලය ඇත්තේ බැසිල් රාජපක්ෂට හෙයින් මෙයට කළ හැකි ‍දෙයක් නොවන බවත් යැයි එම සංවිධානයෙන් පැවසූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවට සහ කැබිනට් මණ්ඩලයට අයත් මූල්‍ය බලය තමන් වෙත පවරා ගැනීමට ජනාධිපතිවරයා පනතක් ගෙනවිත් ඇති බවත්, මෙම පනත ගෙන ඒමේ අරමුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තවත් එක් යෝජනාවක් හෝ අධිරාජ්‍යවාදීන්ගේ යෝජනාවක් දැයි සැකයක් පවතින බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

රට විනාශකාරී තැනකට පත්වීමට හේතුවක් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද පනත් බවත්, හොර ජාවාරම්කරුවන්ට විදෙස් විනිමය මංකොල්ල කෑමට හැකි වන ලෙස විදේශ විනිමය පනත 2017 වසරේදී ජනාධිපතිවරයා විසින් සම්මත කළ බව හා විදේශ විනිමය මහ බැංකු පාලනයෙන් මුදා හැරීමට ඔහු කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පනත් 104ක් ගෙන ඒ්මට බලාපොරොත්තු වන බව පවසා ඇති බවත්, ඉන් එක් පනතක් වන්නේ රාජ්‍ය ණය කළමනාකරණ පනත බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පාලකයන් බලය වෙනුවෙනුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියානුකරණය කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආගමන සේවාව VFS ආයතනයට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු පසුගිය දිනවලදී අනාවරණය විය.

ඉදිරි ජනාධිපතිවරණ කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කොඩි ගහ යට නම් ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමේදී එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ තමන්ට මුල්‍ය වංචාවක් සිදු කළ බව එහි නිෂ්පාදක අනිල් බණ්ඩාර මහතා සඳහන් කරයි.


දේශීය පුවත්

මර්වින් මැයි 5 දක්වා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන 05 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් - වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක්

අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් 2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 20වැනි දා වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ මිනීමැරුමක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පෙන්වීමට රජය උත්සාහ කරනවා... විපක්ෂයෙන් චෝදනා

පාස්කු ප්‍රහාර මාලාවට වසර 06 ක් ගතවෙමින් ඇති පසුබිමක් තුළ එම ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයන්ට යුක්තිය ඉටුකරන ලෙසත්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා රජයට බලපෑම් එල්ල වෙමින් තිබේ.

චාමර මැයි 6 දක්වා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මැයි 5 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෛත්‍රී CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

වැදූ මවත් උපන් බිමත් රනින් බැබළවූ තරුෂිගේ අම්මා ගුවන් තොටට යන්නේ ණයට සල්ලි ඉල්ලගෙන

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (20) අලුයම යළි දිවයිනට පැමිණියා.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.