සහරාන්ගේ නීතීඥයා වත්මන් අධිකරණ ඇමති.. - විමල්ගෙන් හෙළිදරව්වක්..
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අද මෙරට අධිකරණ ඇමති ධුරය හොබවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රත්නපුර පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා කියා සිටියේ වත්මන් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා එදා මඩකලපුවට ගොස් සහරාන්ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා බවයි.
රටේ ආරක්ෂාව වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වැනි බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කර පීඩාවට පත් කරමින්, සහරාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ඇමතිකම් ලබා දීම හාස්‍යයට කරුණක් බව ඔහු අවධාරණය කළේය.
ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය හරහා කොටි ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මෙරට බුද්ධි අංශ සහ ආරක්ෂක හමුදාවන් බෙලහීන කරමින් පවතින බවටද මන්ත්‍රීවරයා චෝදනා කළේය. රණවිරු යන වචනය පවා භාවිත කිරීමට මැලි වන පාලනයක් අද බිහි වී ඇති බවත්, ජයමංගල ගාථා සහ සිංහල අවුරුදු චාරිත්‍ර වැනි ජාතික උරුමයන් පවා රජය විසින් නොසලකා හරිමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම වත්මන් රජය ආර්ථිකය හැසිරවීමේදී අසාර්ථක වී ඇති බව පැවසූ වීරවංශ මහතා, හොරු ඇල්ලීමේ සටන් පාඨවලින් බලයට පැමිණි පිරිස් අද මහා දවාලේ මහා පරිමාණ දූෂණවල නිරත වන බව පැවසීය. විශේෂයෙන් බාල ගල්අඟුරු ගෙන්වීම, බාල ඖෂධ ආනයනය සහ හාල් මිල පාලනය කිරීමට අපොහොසත් වීම හරහා ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති බවත්, මෙවැනි ක්‍රියාවල බර අවසානයේ විදුලි බිල සහ බදු හරහා සාමාන්‍ය ජනතාව මතම පටවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රට වැටී ඇති මෙම අගාධයෙන් ගොඩගැනීමට නම් ප්‍රතිපත්ති පාවා නොදෙන, රටේ සංස්කෘතික සහ ජාතික උරුමය හඳුනන නව නායකත්වයක් අවශ්‍ය බව පවසමින් වීරවංශ මහතා සිය දේශනය අවසන් කළේය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..