ඊශ්‍රායල ප්‍රහාර වලින් පසුව ඉරානය දක්වන ප්‍රතිචාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙළා දකී!
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම භූමියට සහ අනෙකුත් ගල්ෆ් රටවලට එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින්, එහි ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය අවධාරණය කරනු ලැබීය.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන්, කලාපීය වර්ධනයන් සහ අඛණ්ඩව සිදුවන ඉරාන ප්‍රහාර වලින් සිදුවන බරපතල ප්‍රතිවිපාක සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ දුරකථන ඇමතුම් පැවැත්වූ බව අනාවරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තම ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති 2026 පෙබරවාරි 28 වන දින සිට ඉරානයෙන් දියත් කරන ලද බැලස්ටික් මිසයිල 165 න් බැලස්ටික් මිසයිල 152 ක් සහ ඩ්‍රෝන යානා 506 ක් සහ ඩ්‍රෝන යානා 541 ක් සාර්ථකව වළක්වා විනාශ කළ බවයි.
ඉරාන ගුවන් ප්‍රහාර හේතුවෙන් මරණ තුනක් (පකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන්) සහ විවිධ ජාතීන්ට අයත් (එමිරාටි, ඊජිප්තු, ඉතියෝපියානු, පිලිපීන, පකිස්ථාන, ඉරාන, ඉන්දියානු, බංග්ලාදේශ, ශ්‍රී ලාංකික, අසර්බයිජානියානු, (යේමන, උගන්ඩා, එරිත්‍රියානු, ලෙබනන් සහ ඇෆ්ගන්) 58 දෙනෙකුට සුළු තුවාල සිදුවු බවද එම ප්‍රකාශය මගින් අනාවරණය කළේය. සුන්බුන් වැටීම හේතුවෙන් සිවිල් ජනයා ජීවත් වන සමහර ප්‍රදේශවල දේපල හානි සිදූ බවට වාර්තා වී ඇති බව අවධාරණය කළේය.
ඉරාන ගුවන් ප්‍රහාර වලින් අබුඩාබි සහ ඩුබායි නගර වලට සිදු වූ හානි සම්බන්ධයෙන් නිවේදනය කරමින්
අබුඩාබි න්ගරයට එල්ල කළ ඩ්‍රෝන යානයක සුන්බුන් එතිහාඩ් කුළුණෙහි මුහුණත මතට වැටී කාන්තාවකට සහ ඇගේ දරුවාට සුළු තුවාල සිදු වූ බවත් සුළු දේපල හානි සිදුවූ බවත් පැවසීය.
සයිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගත් ඩ්‍රෝන යානයක සුන්බුන් හේතුවෙන් එක් මරණයක් (ආසියානු ජාතිකත්වය) සහ හත් දෙනෙකුට තුවාල සිදුවිය.
ඩුබායි නගරය ආශ්‍රිතව එල්ල කළ ඩ්‍රෝන යානයක සුන්බුන් නිවාස සංකීර්ණ දෙකක් මතට වැටී ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවද පැවසේ.
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාර වලින් පුද්ගලයන් හතර දෙනෙකුට හදිසි වෛද්‍ය ආධාර ලබා දුන් බවට වාරතා වේ.
ජෙබෙල් අලි වරාය අසලට ඩ්‍රෝන් යානයක සුන් බුන් වැටීමෙන් ඇති වූ සීමිත ගින්නක් ගිනි නිවන දෙපාර්තමේන්තු විසින් පාලනය කරන ලද අතර, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවද පැවසේ.
බර්ජ් අල් අරාබි වෙත එල්ල වූ වලක්වන ලද ඩ්‍රෝන ප්‍රහාරයක සුන් බුන් වැටීම හේතුවෙන් එහි බාහිර මුහුණතෙහි ඇති වූ සීමිත ගින්නක් කිසිදු පුද්ගලයෙකුට හානි වීමකින් තොරව පාලනය කරන ලද බවද පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශක ආචාර්ය අන්වර් ගාර්ගාෂ් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි අසල්වැසියන් ඉලක්ක කර ගනිමින් ඉරාන පාලන තන්ත්‍රය එල්ල කරන ප්‍රහාර මගින් තම තම සීමව ඉක්මවා කටයුතු කර ඇති බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර පෙරමුණ ශක්තිමත් බවත් එවැනි අර්බුද සඳහා හොඳින් සූදානම් බවත් අවධාරණය කරනු ලැබීය.එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයට එරෙහි කිසිදු හමුදා මෙහෙයුමකට සම්බන්ධ නොවන බවත්, එහි භූමිය සහ ජනතාව ආරක්ෂා කරන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් නියමු අබ්දුල් නසාර් මොහොමඩ් අල් හුමයිඩි, මිසයිල සහ ඩ්‍රෝන යානා විශාල සංඛ්‍යාවක් අල්ලා විනාශ කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සහ ගුවන් ආරක්ෂක හමුදාවන්ගේ ඉහළ කාර්යක්ෂමතාව හේතුවෙම් රටේ දියුණු ආරක්ෂක හැකියාවක් තිබෙන බව අවධාරණය කළේය. පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රාලිකයෙකු වන ආචාර්ය ඉබ්‍රාහිම් අල් ඩබාලි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම ප්‍රශංසා කරමින් අදහස් ප්‍රකාශ කළේය).
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්, තොරතුරු සඳහා නිල මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙසත් කටකතා හෝ සත්‍යාපනය නොකළ වීඩියෝ පතුරුවා හැරීමෙන් වළකින ලෙසත්ය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අවධාරණය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි පුරවැසියන්ට, තාවකාලික පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන පුළුල් හා ඒකාබද්ධ ආරක්ෂක පද්ධතියක් තිබෙන බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්