ඊශ්‍රායල ප්‍රහාර වලින් පසුව ඉරානය දක්වන ප්‍රතිචාර එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙළා දකී!
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම භූමියට සහ අනෙකුත් ගල්ෆ් රටවලට එල්ල කරන ලද ඉරාන මිසයිල ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින්, එහි ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීමට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය අවධාරණය කරනු ලැබීය.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන්, කලාපීය වර්ධනයන් සහ අඛණ්ඩව සිදුවන ඉරාන ප්‍රහාර වලින් සිදුවන බරපතල ප්‍රතිවිපාක සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ දුරකථන ඇමතුම් පැවැත්වූ බව අනාවරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ තම ගුවන් හමුදා සහ ගුවන් ආරක්ෂක පද්ධති 2026 පෙබරවාරි 28 වන දින සිට ඉරානයෙන් දියත් කරන ලද බැලස්ටික් මිසයිල 165 න් බැලස්ටික් මිසයිල 152 ක් සහ ඩ්‍රෝන යානා 506 ක් සහ ඩ්‍රෝන යානා 541 ක් සාර්ථකව වළක්වා විනාශ කළ බවයි.
ඉරාන ගුවන් ප්‍රහාර හේතුවෙන් මරණ තුනක් (පකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන්) සහ විවිධ ජාතීන්ට අයත් (එමිරාටි, ඊජිප්තු, ඉතියෝපියානු, පිලිපීන, පකිස්ථාන, ඉරාන, ඉන්දියානු, බංග්ලාදේශ, ශ්‍රී ලාංකික, අසර්බයිජානියානු, (යේමන, උගන්ඩා, එරිත්‍රියානු, ලෙබනන් සහ ඇෆ්ගන්) 58 දෙනෙකුට සුළු තුවාල සිදුවු බවද එම ප්‍රකාශය මගින් අනාවරණය කළේය. සුන්බුන් වැටීම හේතුවෙන් සිවිල් ජනයා ජීවත් වන සමහර ප්‍රදේශවල දේපල හානි සිදූ බවට වාර්තා වී ඇති බව අවධාරණය කළේය.
ඉරාන ගුවන් ප්‍රහාර වලින් අබුඩාබි සහ ඩුබායි නගර වලට සිදු වූ හානි සම්බන්ධයෙන් නිවේදනය කරමින්
අබුඩාබි න්ගරයට එල්ල කළ ඩ්‍රෝන යානයක සුන්බුන් එතිහාඩ් කුළුණෙහි මුහුණත මතට වැටී කාන්තාවකට සහ ඇගේ දරුවාට සුළු තුවාල සිදු වූ බවත් සුළු දේපල හානි සිදුවූ බවත් පැවසීය.
සයිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කරගත් ඩ්‍රෝන යානයක සුන්බුන් හේතුවෙන් එක් මරණයක් (ආසියානු ජාතිකත්වය) සහ හත් දෙනෙකුට තුවාල සිදුවිය.
ඩුබායි නගරය ආශ්‍රිතව එල්ල කළ ඩ්‍රෝන යානයක සුන්බුන් නිවාස සංකීර්ණ දෙකක් මතට වැටී ඇති අතර තුවාල ලැබූ දෙදෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවද පැවසේ.
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාර වලින් පුද්ගලයන් හතර දෙනෙකුට හදිසි වෛද්‍ය ආධාර ලබා දුන් බවට වාරතා වේ.
ජෙබෙල් අලි වරාය අසලට ඩ්‍රෝන් යානයක සුන් බුන් වැටීමෙන් ඇති වූ සීමිත ගින්නක් ගිනි නිවන දෙපාර්තමේන්තු විසින් පාලනය කරන ලද අතර, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවද පැවසේ.
බර්ජ් අල් අරාබි වෙත එල්ල වූ වලක්වන ලද ඩ්‍රෝන ප්‍රහාරයක සුන් බුන් වැටීම හේතුවෙන් එහි බාහිර මුහුණතෙහි ඇති වූ සීමිත ගින්නක් කිසිදු පුද්ගලයෙකුට හානි වීමකින් තොරව පාලනය කරන ලද බවද පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශක ආචාර්ය අන්වර් ගාර්ගාෂ් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ එහි අසල්වැසියන් ඉලක්ක කර ගනිමින් ඉරාන පාලන තන්ත්‍රය එල්ල කරන ප්‍රහාර මගින් තම තම සීමව ඉක්මවා කටයුතු කර ඇති බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර පෙරමුණ ශක්තිමත් බවත් එවැනි අර්බුද සඳහා හොඳින් සූදානම් බවත් අවධාරණය කරනු ලැබීය.එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානයට එරෙහි කිසිදු හමුදා මෙහෙයුමකට සම්බන්ධ නොවන බවත්, එහි භූමිය සහ ජනතාව ආරක්ෂා කරන බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් නියමු අබ්දුල් නසාර් මොහොමඩ් අල් හුමයිඩි, මිසයිල සහ ඩ්‍රෝන යානා විශාල සංඛ්‍යාවක් අල්ලා විනාශ කිරීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සහ ගුවන් ආරක්ෂක හමුදාවන්ගේ ඉහළ කාර්යක්ෂමතාව හේතුවෙම් රටේ දියුණු ආරක්ෂක හැකියාවක් තිබෙන බව අවධාරණය කළේය. පර්යේෂකයෙකු සහ ශාස්ත්‍රාලිකයෙකු වන ආචාර්ය ඉබ්‍රාහිම් අල් ඩබාලි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම ප්‍රශංසා කරමින් අදහස් ප්‍රකාශ කළේය).
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්, තොරතුරු සඳහා නිල මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙසත් කටකතා හෝ සත්‍යාපනය නොකළ වීඩියෝ පතුරුවා හැරීමෙන් වළකින ලෙසත්ය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අවධාරණය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය එහි පුරවැසියන්ට, තාවකාලික පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන පුළුල් හා ඒකාබද්ධ ආරක්ෂක පද්ධතියක් තිබෙන බව අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..