

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව දේශපාලන මණ්ඩලයේ කිසිදු රැස්වීමක් පැවැත්වීමට හැකියාවක් නොමැති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් 2024 අප්‍රේල් 20 වැනි දින කැඳවා තිබූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම සහ අප්‍රේල් 21 වැනි දින කැඳවා තිබූ විධායක සභා රැස්වීම අනීතික ලෙස පැවැත්වූ ඒවා බවත් එබැවින් එම රැස්වීම් වලදී ගනු ලැබූ කිසිදු තීරණයක් නීත්‍යානුකූල නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

චීන ජනපති ෂී ජින්පින්ග් චීන හමුදාවේ විශාල ප්‍රතිසංස්කරණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දෙමුහුන් යුද්ධ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වගකිව යුතු නව යුධ තොරතුරු සහාය බලකායක් නිර්මාණය කර ඇති බවද නිවේදනය කළේය. ඊයේ(19) බීජිං නුවර පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව නිවේදනය කළේය. චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ චීනය සිය හමුදා නවීන යුගයට ගැලපෙන ලෙස සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, ප්‍රතිසංස්කරණ, විද්‍යාව සහ නව කුසලතා තුළින් සිය හැකියාවන් වැඩි දියුණු කරගත යුතු බවත්ය.
දේශීය පුවත්
මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල
තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
දළදා මාලිගාවට ගැසූ අය ඊට සමාව ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳ ක්‍රියාවක් - රනිල් වික්‍රමසිංහ
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ආණ්ඩුවේ මහ මොළකරු කෝ? - ගම්මන්පිල අසයි..
ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට
මර්වින් මැයි 5 දක්වා රිමාන්ඩ්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් - වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක්
