News Category
From Date
To Date
Maximum Number of Result

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.

වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධි කරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර වෙත එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ජනවාරි 2 වැනිදායින් පසු ජනාධිපතිවරයාට අවශ්‍ය අලුත් විගණකාධිපතිවරයෙක් පැමිණෙන බවත්, ජනවාරි 2 වැනි දායින් ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීන සභිකයන් තිදෙනාගේ ධුර කාලය අවසන් වන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ වසර මුල දී රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද කන්ටේනර් 323කට අදාළ තොරතුරු මොනවා දැයි රේගුව හෝ ආණ්ඩුව අනාවරණය කළේ නැත.

සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 21ක් සපිරේ.

ජෝන් කීල්ස් ආයතනය LGBTQI + ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩනීති සංග්‍රහයේ අන්තර්ගත 365 සහ 365 (අ) වරදකට අනුබලදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් නීතිය හමුවට පනවන ලෙස දේශහිතෛෂී ජාතික සංවිධානය කරනු ලැබූ පැමිණිල්ල සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය කාර්යාලය මගින් ප්‍රතිචාර දක්වා තිබේ.


දේශීය පුවත්

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තැබීමේ ස්ථානයක් ලෙස ගැසට් කෙරේ..

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිල සංචිත වත්කම් සැප්: මාසයේදී 1.1% කින් පහළට..

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසයේ පැවති අමෙරිකානු ඩොලර් මිලියන 6,929ක ප්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 1.1% කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්..

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිතය.

සෞදි ගුවන් තොටුපොළ දෙකකට හූති ප්‍රහාර..

ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළ දෙකක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබේ.

තොරතුරු පිටට දෙන්න එපා කියලා රජයේ සේවකයින්ට තග දානවා.. අනුරාධපුරයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක යවපු ලිපියක් ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්..

තුන්වන පාර්ශ්වයකට තොරතුරු ලබා නොදෙන ලෙස දන්වමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නි. ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට යවන ලද ලිපියක් සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව විසින් අනාවරණයක් සිදු කරයි.

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වට පියවර ගන්නවා.. – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි..

අධිකරණය මගින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ සිවුරු ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ඉදිරියේදී සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

කොටුව හිටපු මහෙස්ත්‍රාත් යළි සේවයේ පිහිටුවයි - සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්..

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවීමට ලක්ව සිටි කෝසල සේනාධීර මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

තුන්හුලස් නාලිකාවකුයි, ටින් එකක් වගේ නාලිකාවකුයි තියෙනවා මේ දවස්වල පෙන්නන්නෙම ජාත්‍යන්තර පුවත් විතරයි.. කොවිඩ් කාලෙ පෙන්නුවෙම පෝලිම් ප්‍රවෘති විතරයි.. - විමල්

තුන්හුලස් වැනි එකක් සහ ටින් එකක් වැනි ආණ්ඩුවට කඩේයන නාලිකා දෙකක් ඇති බවත්, මේ දිනවල එම නාලිකාවල ඇත්තේ ජාතික පුවත් නොව ජාත්‍යන්තර පුවත් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ වහතා පවසයි.

මේ සිංහල රටේ වීරයෝ හදන්නේ උඹල නෙවෙයි අපි.. යටි උගුල් අටවන පරයන්ට කියන්නේ සිවුර ගලවල සුදු ඇඳුම් ඇන්දුවාට වීරයෝ මරන්න බෑ.. - ඥානසාර හිමිවෙනුවෙන් පෙළගැසුනු හිමිවරුන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

රට කරවන අයට සහ රට අල්ලා ගැනීමට බලා සිටිමින් යටි උගුල් අටවන අයටත් දීමට ඇති පනිවුඩය නම් ඥානසාර හිමිගේ සිවුර ගලවා වීරයා මැරුවා යැයි පැවසීමට හැකි වුවත්, මේ රටේ වීරයන් හදන්නේ මහා සංඝරත්නය මිස අන් කිසිවෙකු නොවන බව මතක තබාගත යුතු බවත් මහා සංඝතරත්නය පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.