News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එහි වගන්ති රැසක් ව්‍යවස්ථාවට නොගැළපෙන බව ද සමස්තයක් ලෙස පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ නොහැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) නිවේදනය කළේය.

ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ පොහොට්ටු - එජාප අප්‍රකාශිත සන්ධානය දැන් ප්‍රකාශිත සන්ධානයක් බවට පත්වූ බවයි.

ලංකා ලීඩර් වෙත වාර්තා වන ආකාරයට ඊයේ(06) දින විදුලි පනත සම්මත වීම වැළැක්වීම සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන දෙදෙනාට විශාල බලපෑමක් සිදුකර ඇත.

විදුලිබල පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කාර පර්ශ්වයේ ඇතමුන් කරුණු ඉදිරිපත්කර තිබුනේ විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව නොව තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තහවුරුකර ගැනීම සඳහා පමණක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ආණ්ඩුව මේ වන විට මෙරට ආර්ථික කලමණාකරණය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීමට නැතෙහාත් අත්තනෝමතික ලෙස ඒකාධිපතිකරණය කිරීමට පනත් 4ක් ගෙනවිත් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

පනත් පිට පනත් ගෙනෙමින් රටේ සාරය දෙස් විදෙස් ජාවාරම්කරුවන් අතට පත්කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එම කාර්ය පරිසමාප්ත කිරීම සඳහා තවත් පනත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

හතලිස් දෙදාහක සිංහල ජනතාවක් සිටින උතුරු පළාතේ පාසල් සිසුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් සිටින බවත්, උතුරු පළාතටම ඇත්තේ සිංහල මාධ්‍ය පාසල් 26ක් පමණක් බවත් මුළු උතුරු පලාතටම විද්‍යා අධ්‍යාපනය ලබන්නට හැකි පාසල් ඇත්තේ දෙකක් පමණක් බවත්, උතුරු පළාතේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඉන්දියාවෙන් ගුරුවරු දෙදහසකට වැඩි පිරිසක් වතුකරයේ පාසල් වලට පැමිණ ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

විදුලි පනතට එරෙහිව ලබාදී ඇති අධිකරණ තීන්දුව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,


දේශීය පුවත්

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.

පිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.

ආදායම් වියදම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තුව පොලිසියට

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සතුරු කණ්ඩායම් පසමිතුරුකම් පසෙකලා අපිට එරෙහිව එකතු වෙනවා - ජනපති ජර්මනියේදී පොහොට්ටුවට, සජබෙට දොස් කියයි..

සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.