සංචාරක සභාපති අධිකරණය හමුවේ දණගසයි - සමලිංගික සංචාරක ව්‍යාපෘතිය හකුළාගනියි..
අද දින අභියාචනාධිකරණය හමුවේ CA/Writ/1044/2025 නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩල තීන්දුවක පිටපතක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා කිසිඳු ආකාරයකින් ක්‍රියා නොකරන බවය.
එසේ විභාගයට ගනු ලැබුවේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ දේශප්‍රේමී ජාතික පෙරමුණ ආදී වශයෙන් වන සංවිධාන කිහිපයක නායකයින් විසින් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් සමලිංගික සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීම අනුමත කරමින් නිකුත් කරන ලද ලිපියකට අදාළව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමකි.
ඒ අනුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් අනුව සමලිංගික සංචාරක ව්‍යාපෘතිය ප්‍රචලිත නොකරන බවට පිළිගැනීම ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස පිළිගන්නා බවයි. එහිදී නඩුව තවදුරටත් විභාග කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව සහ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවුව හොත් නැවත අධිකරණයට පැමිණිලි කිරීම සඳහා පත්සම්කරුවන්ට හැකියාව ඇති බව අධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ සමතා සඳහන් කළේ සංචාරක අධිකාරියේ ලියාපදිංචි ආයතන සමලිංගික සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කරනවාද යන්න සොයා බලා ඉදිරි පියවර ගන්නා බවය. මේ වන විට යම් ආයතනයක් ශ්‍රී ලංකාව සමලිංගික ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කරමින් වෙබ් අඩවිවල දැන්වීම් පළ කර ඇතත් ඒවා අධිකාරියේ ලියාපදිංචි වී ඇත්ද යන්න පැහැදිලි නැත.
මෙම නඩුවේ පෙත්සම්කරුවන් වූයේ අචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ මනෝ උපදේශක ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි යන මහත්වරුන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..