ස්පාඤ්ඤය සමඟ 'සියලු වෙළඳ සබඳතා' ට්‍රම්ප් කපා හැරීමට නියමිතය.
ඉරානයට පහර දීම සඳහා එක්සත් ජනපදයට තම ඒකාබද්ධ හමුදා කඳවුරු භාවිතා කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට මැඩ්රිඩ් ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ස්පාඤ්ඤය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. කෙසේ වුවද ඉරානයට එරෙහිව ට්‍රම්ප්ගේ "අසාධාරණ සහ භයානක" මැදිහත්වීම ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් හෙළා දැක තිබේ.
ඊයේ(03) ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ "අපි ස්පාඤ්ඤය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත් හිටුවීමට යන" බවත්, මධ්‍යධරණී ජාතිය සමඟ "කිසින්දු ගනුදෙනුවක් කිරීමට ඔහුට අවශ්‍ය නැති" බවත්ය. ඔහු ඉදිරිපත් කරනු ලබන වෙළඳ සම්බාධක ක්‍රියාත්මක වන්නේ කවදාදැයි ට්‍රම්ප් අනාවරණය කළේය.
සඳුදා(02), ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරෙස් පැවසුවේ ඉරානය සමඟ පවතින යුද්ධයේදී එක්සත් ජනපදයට ස්පාඤ්ඤ නාවික කඳවුර රොටා හෝ මොරොන් ගුවන් කඳවුර (මෙම කඳවුරු ස්පාඤ්ඤ සහ ඇමරිකානු හමුදා විසින් හවුලේ භාවිත කරන කඳවුරු වේ.) භාවිතා කිරීමට තම රජය ඉඩ නොදෙන බවයි. ඉරානයට එරෙහිව සෙනසුරාදා(පෙබරවාරි 28 ) ආරම්භක ප්‍රහාර එල්ල කිරීමේදී කඳවුරු භාවිතා නොකළ බවත්, ගැටුමේ කාලසීමාව සඳහා "ඒවා භාවිතා නොකරන" බවත් ඇල්බරෙස් පැවසීය.
"ඇත්තටම ස්පාඤ්ඤය දැන්වුවා අපිට එයාලගේ කඳවුරු පාවිච්චි කරන්න බෑ කියලා, ඒක හරි," ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසීය.නමුත් "අපට අවශ්‍ය නම් අපිට එයාලගේ කඳවුරු පාවිච්චි කරන්න පුළුවන්," ට්‍රම්ප් මාධ්‍යවේදීන් හට පැවසීය. "අපට අපේ ගුවන් යාන පියාසර කර ඔවුන්ගේ ගුවන පාවිච්චි කරන්න පුළුවන්, කිසිවෙකු අපට එය පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ නැහැ."
2001 ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේදී සහ 2003 ඉරාක ආක්‍රමණයේදී ඇමරිකානු භාණ්ඩ ප්‍රවාහන සහ ප්‍රහාරක ගුවන් යානා ස්පාඤ්ඤ කඳවුරු දෙකම බහුලව භාවිතා කරන ලදී. 2011 නේටෝව ලිබියාවට බෝම්බ හෙලීමේදී ටැංකි ගුවන් යානා ඉන්ධන පිරවීම සඳහා ප්‍රධාන කඳවුර ලෙස මොරොන් ගුවන් කඳවුර සේවය කළේය. ස්පාඤ්ඤය තහනම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සඳුදා(02) රොටා සහ මොරොන් කඳවුරු ය්ද ටැංකි දුසිමකට වඩා හැර ගිය බවද පැවසේ .
ඒ අනුව ඉරානය සමඟ ගැටුම එක්සත් ජනපදයේ යුරෝපීය සහචරයින් අතර බෙදීම් හෙළි කර තිබේ. ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර විවෘතව හෙළා දුටු එකම යුරෝපා සංගම් නායකයා ස්පාඤ්ඤ අගමැති සැන්චෙස් ය. 'ඔපරේෂන් එපික් ෆියුරි' "ජාත්‍යන්තර නීතියට පිටින් වූ අසාධාරණ සහ භයානක මිලිටරි මැදිහත්වීමක්" ලෙස ස්පාඤ්ඤ අගමැතිවර්යා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, එක්සත් රාජධානිය මුලදී එක්සත් ජනපදයට තම හමුදා කඳවුරු භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ අතර, අගමැති කීර් ස්ටාර්මර් ඉරිදා(01) තම තීරණය ආපසු හරවමින් ඉරානයේ මිසයිල යටිතල ව්‍යුහයට එරෙහිව "සීමිත ආරක්ෂක" ප්‍රහාර සඳහා පහසුකම් භාවිතා කිරීමට එක්සත් ජනපදයට අවසර දීමට අත්සන් කරනු ලැබීය. ප්‍රංශය සහ ජර්මනිය ද ඉරානයට එරෙහිව "අවශ්‍ය සහ අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂක ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමට විවෘත" බව පවසා තිබේ.
යුරෝපා සංගමයේ වඩාත්ම ඇමරිකානු ගැති සාමාජිකයින් තවත් ඉදිරියට ගොස් ඇති අතර,ලිතුවේනියානු ජනාධිපති උපදේශක ඇස්ටා ස්කයිස්ගිරිට් ප්‍රකාශ කළේ ට්‍රම්ප් ඉල්ලා සිටියහොත් රට මෙහෙයුමට එක්වන බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..