News Category
From Date
To Date
Maximum Number of Result

කෘතිම බුද්ධි තාක්ෂණය (AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මඟින් කරණියමෙත්ත සූත්‍රය විකෘති කර facebook හා Tik Tok සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශ වලින් පැමිණිලි බුද්ධගාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර, පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනය.

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා ලිපියක් මගින් පොල් කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ බෙලිඅත්තේ සම්බුද්ධාලෝක පොසොන් උත්සවය සඳහා මුදල් ආධාර ලබාදෙන ලෙසය.

ජනාධිපතිවරයාගේ බලතල මත ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් මෙන්ම ඉතා විශිෂ්ඨ පූර්වාදර්ශයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.

අධිකරණ තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දැවැන්තම දේශපාලන පක්ෂ දෙකක් බිමට සමතලා වූ බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් සඳහන් කළේය.

ස්ත්‍රී පුරුෂ භාවය හෙවත් ' gender' යන වචනය ව්‍යංගයෙන් 'කාන්තා සවි බලගැන්වීමේ' පනත් කෙටුම්පතට ඇතුලත් කර සමලිංගිකයන්ගේ සහ ලිංගික සංක්‍රාන්තයින්ගේ අයිතීන් නීතිගත කිරීමට දරණ ම්ලේච්ඡ උත්සාහය පිළිබඳව නීතිඥ චරිත සිරිවර්ධන මහතා හෙළි කරයි.

වසර 15කින් රට සංවර්ධනය කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය සකස් කළ උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිළිබඳ අවබෝධතා ගිවිසුමට ඊයේ (19) දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසක් අත්සන් තැබීය.

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් මෙන්ම එම ප්‍ර්‍රහාරය විමර්ශනය කල විමර්ශකයන්ද මාලිමාවේ පිරිස් බවට පත්ව ඇති පසුබිමක “මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී” යැයි කීමට සිදුව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් ‘වැල් පාලමේ‘ යන, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට සූදානම් ත්‍රෛවිද හොරු රැලකට නොරැවටී උතුර - දකුණ එකම මිටකට එකතු කර 'එකම දැයක් - එකම රටක්' නිර්මාණය කිරීමට සූදානම් 'සර්වජන බලය දේශපාලන එකමුතුව' හා එක්වන ලෙස මෙරට සියලු වාමවාදී, ප්‍රගතිශීලී, ජාතිකවාදී ජනතාවට ඇරයුම් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.


දේශීය පුවත්

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.

පිටරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් හිස ඔසවමින් සිටිනවා – යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ

රට අභ්‍යන්තරයේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශාල තර්ජනයක් පෙනෙන්නට නැතත් විදේශයන්හි එල්.ටී.ටී.ඊ හිතවාදීන් හිස ඔසවමින් සිටින බවක් පෙන්නුම් කරන බව යුද හමුදා හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ හා සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) අරුණ වන්නිආරච්චි අවධාරණය කරයි.

ආදායම් වියදම් ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තුව පොලිසියට

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සතුරු කණ්ඩායම් පසමිතුරුකම් පසෙකලා අපිට එරෙහිව එකතු වෙනවා - ජනපති ජර්මනියේදී පොහොට්ටුවට, සජබෙට දොස් කියයි..

සිය පැවැත්ම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පසමිතුරුකම් ඉවත දමා පළාත් පාලන ආයතනවලදී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.

අදූෂිත වූ පමණින් රටක්, පුද්ගලයෙක් ඉදිරියට යනවාද? - දිලිත් කියන කතාව (වීඩියෝ)

රටේ දූෂණය නැවැත්වීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, එහෙත් අදූෂිත සමාජයක් බිහිකිරීමට දූෂිතයන් හොයමින්, අධිකරණ ක්‍රියාවලියටද බලපෑම් කරමින්, අයතනවලට ද බලපෑම් කරමින් රජය විසින් ගෙන යන වැඩපිලිවෙලේ දී රට අකාර්යක්ෂම තැනකට තල්ලුකරමින් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

විදුලි ගාස්තු වැඩි කිරීමෙන් තේ කර්මාන්තයේ ලක්ෂ 20ක් අනාථයි..

විදුලිය ගාස්තුව සියයට 15කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි ගැටළු පැන නැඟී ඇති අතර, මෙය තේ කර්මාන්තයටද තර්ජනයක් බවට පත්වී ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ධනේෂ් දේවනායගම් මහතා පවසයි.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.