ජනාධිපති ඉරානය ගැන කතා කරන එක මගහැරලා වෙන වෙන දේවල් ගැන කතා කළා.. ජවිපෙ රැඩිකල්වාදය ජූලි චංග් ගෙනිච්චදැයි මුජිබර් අසයි..
ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කිරීම සහ එරටේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කිරීම ගැන විරෝධය පල කර තිබෙන අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව එම ආක්‍රමණය හෙළා දකිමින් ඊට විරෝධය පල කරමින් කිසිදු වචනයක් ප්‍රකාශ නොකිරීම කණගාටුවට කරුණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද(03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානය ආක්‍රමණය කිරීමට එරෙහිව ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඊට එරෙහිව යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව එය සම්මත කරාවි යන බලාපොරොත්තුවක් තමා තුළ තිබූ බවත් නමුත් එවැනි දෙයක් අද දින සිදු නොවූ බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.
"ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කළේ තෙල් ටැංකියේ තියෙන තෙල් ප්‍රමාණය, එන නැව් සංඛ්‍යාව වගේ දේවල්. බලශක්ති ඇමතිට මේවා කියන්න පුළුවන්.
මේ තෙල් ටැංකියට බැස්ස ඇමතිතුමාටත් මේ දේවල් කියන්න පුළුවන්.
ඒ වගේම වෙළඳ ඇමතිට කියන්න පුළුවන් කරුණු, විදේශ ඇමතිට කියන්න පුළුවන් ප්‍රකාශ තමයි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කළේ.
ජනාධිපතිතුමාට මේ අවස්ථාවේදී ජාත්‍යන්තරයත් එක්ක කරන්න පුළුවන් දේවල් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න ඕන. එහෙම දෙයක් ප්‍රකාශ වුණේ නැහැ.
නමුත් ජනාධිපතිතුමා ඉතාමත්ම කපටි ලෙස ඉරානය ගැන කතා කරන එක මගහැරලා වෙන වෙන දේවල් ගැන කතා කළා.
එදා විපක්ෂයේ ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණ ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හැමදාම උද්ඝෝෂණය කළා.
ඒත් අද කෝ? එතකොට ජූලි චංග් තානාපතිතුමිය ජනතා විමුක්ති පෙරමුණේ රැඩිකල්වාදය අරගෙන ගිහිල්ලද?
අද ඇමෙරිකානු අධිරාජ්‍යවාදය හමුවේ වර්තමාන මාලිමා ආණ්ඩුව නිහඬයි.
මේ අය ඒ සටන අද පාවලදීලා ඉවර බව රටම දන්නවා.
ඉරානයේ ආධ්‍යාත්මික නායකතුමා ඝාතනය කළ පසු ශෝකය පළ කරමින් නලින්ද ජයතිස්ස ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. ඉතින් ශෝකය පළ කරන්න අධ්‍යාත්මික නායකයා මැරුණේ පපුවේ අමාරුවක් හැදිලා නෙමෙයිනේ .
මේක ඝාතනය කිරීමක්නේ. ඒ නිසා කොන්ද පණ තියාගෙන විරෝධයක් පළ කරන්න දන්නේ නෑ.
මීට කලින් මේ රටේ හිටපු රාජ්‍ය නායකින් කොන්ද පණ තියාගෙන කටයුතු කරලා තියෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..