News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක මහත්වරුන් හෙරු අල්ලන බව මන්තරයක් මෙන් මැතිරුවද මෙවර ජනපතිවරණයේ දී හොරකම නැවැත්වීමට ප්‍රායෝගික යෝජනාවක් ගෙනැවිත් තිබෙන්නේ සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතා පමණක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන "සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත" හෙවත් "ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත" වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව අද(21) පාර්ලිමේන්තු වටරවුම අසල දී විරෝධතාවක නිරත විය.

ජනාධිපති අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා යාපනයට ගොස් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ අටියෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු දී ඇති බවත්, එයින් රටට වන විනාශය පිලිබඳව ඔවුන් කිසිඳු තැකීමක් නොකරන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

රුසියානු හමුදා ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ නිව් යෝර්ක් නගරය සම්පූර්ණයෙන්ම මුදාගෙන ඇති බව රුසියානු මාධ්‍ය පසුගිය 18 දා වාර්තා කළේය. සුවිශේෂී නමක් සහිත ජනාවාස යුක්රේනය විසින් ප්‍රධාන බලකොටුවක් බවට පත් කර තිබූ බව රුසියානු මාධ්‍ය වාර්තා කර සිටියේය. රුසියානු හමුදාව ඩොන්බාස් හි සිදුකළ අඛණ්ඩ මෙහෙයුම් වල කොටසක් ලෙස ජුනි මාසයේදී නිව් යෝර්ක් සහ අසල්වැසි ටොරෙට්ස්ක් සමුහයට මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරන ලදී. රුසියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ජූලි මස මුලදී, යුක්‍රේන හමුදා එහි උතුරු මායිම දෙසට තල්ලු කරමින් නගර මධ්‍යය අල්ලා ගැනීමට රුසියානු හමුදා සමත් විය. ඒ අනුව මේ වන විට නගරයේ උතුරු කොටස ද රුසියානු පාලනයට නතු වී ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ශ්‍රී ලංකාවේ ජන මාධ්‍යය වල රුසියාවේ කර්ස්ක් කලාපය ඉලක්ක කර යුක්‍රේන හමුදා එල්ල කරන ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු වාර්තා කර නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අද (19) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය ප්‍රවෘත්ති උපුටාගත් මාධ්‍යවල කතුවරුන්ගේ මතය අනුව රුසියානු සමූහාණ්ඩුවේ භූමිය තුළ යුක්‍රේන හමුදා කළ ආක්‍රමණය "කියෙව් පාලන තන්ත්‍රයේ සටන්කාමීන්ගේ ආත්ම විශ්වාසය ඉහළ යනවා මෙන්ම සාර්ථකව සිදුවෙමින් පවතී". කෙසේ වුවද සත්‍ය තත්වය ඊට හාත්පසින්ම වෙනස් බව පවසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ ජනයා වෙනුවෙන් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන සහ ප්‍රකාශ උපුටා දක්වන බවද පවසයි. සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...

ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

වෙල්ලාල කුලයේ ආධිපත්‍යය බිඳ දමා, සැබෑ දමිළ ජනයාගේ හඬ පාර්ලිමේන්තුවේ රැව් පිළිරැව් දෙන අනාගත දවස කඩිනමින් උදාකර ගතයුතු බවත් ඒ සඳහා සිංහල, දමිළ, මුස්ලිම් සැබෑ සමගිය වෙනුවෙන් කැපවුණු ලකුණ ‘තරුව’, මෙවර ජනාධිපතිවරණයේදී අප කාගේත් ලකුණ බවට පත්කර ගනිමින් ඊට මුල පිරිය යුතු බවත් සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අලුතින් ඉදිරිපත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගෙන ඒමට පෙරත් මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබූ බවත්, එය 2020 දී නිර්මාණය කරනු ලබන්නේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාව විසින් බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාලක සමරවීර මහතා පවසයි.


දේශීය පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි..

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර අද රාත්‍රී 10.30ට හිරු 'බලය' දේශපාලන සංවාදයෙන්..

හිරු මාධ්‍ය නාලිකාව මගින් විකාශය කෙරෙන 'බලය' දේශපාලන වැඩසටහන අද(12) රාත්‍රී 10.30ට විකාශය වන අතර, ඒ සඳහා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මසහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහභාගී වීමට නියමිතය.

ආණ්ඩුවේ ප්‍රධානම සති අන්ත පුවත්පතෙන් “බෝර්න් අගේන්” නිකායට සුපිරි ප්‍රචාරණයක්..

ආණ්ඩුවේ ප්‍රධාන සති අන්ත පුවත්පතකින් දිවැසිවරයකු ලෙස පෙනීසිටිමින්, ජනයා මුලාකරන බවට චෝදනා එල්ලි වී ඇති ජෙරම් ප්‍රනාන්දු නමැති “බෝර්න් අගේන්” නිකාය ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයාට විශාල ප්‍රචාරණයක් ලබාදීම හරහා සමාජයට සිදුවන අනර්ථය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රේගුවේ ස්කෑනර් වෙනුවට හයිකළ යුතු පිරිසක් ගැන ඇමැති නලින්ද කියන කතාව .. (වීඩියෝ)

පරීක්ෂා නොකර නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නගන ප්‍රශ්න කිරීමක දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ රේගුවේ ස්කෑනර් වෙනුවට මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් චෝදනා නගන පිරිස සවිකිරීමට තිබුනා නම් හොඳ බවයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

ඉන්දියාවේ එකඟතාව නැතිව ගිවිසුම් දෙන්න බෑ..- ඩිජිටල් අමාත්‍යංශය ලිඛිතව දන්වලා..

ඉන්දියාවේ එකඟතාවයෙන් තොරව ප්‍රසිද්ධ කරන්න බැරි නිසා ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම් ලබා දෙන්න නොහැකි යයි ලිපියක් මගින් දන්වා ඇතැයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.