ත්‍රිකුණාමල තෙල් ටැංකි, ඉන්දියාව සහ ත්‍රිකුණාමලය අතර තෙල් නලය, විදුලි කේබලය කඩිනම් කරන්නැයි ඉන්දියාව දන්වයි..
ඉන්දියාවේ සහයෝගිතාව ඇතිව ත්‍රිකුණාමලය දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කර ඇත.
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතාගේ දෙදින නිල සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි මහතා මේ බව ප්‍රකාශ කරයි
මෙම ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම මෙරට බලධාරීන්ට පෙන්වා දීමට මෙම සංචාරයේදී අවස්ථාව ලැබුණු බව විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කරයි.
ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට සාකච්ඡා පැවැත්වෙන අතර, එහි මූලික අදියර 2023 වසරේදී ආරම්භ විය.
මෙය ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ත්‍රෛපාර්ශ්වික සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
පළමු අදියර යටතේ දකුණු ඉන්දියාව සහ ත්‍රිකුණාමලය අතර ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
ඊට සමාන්තරව තෙල් ගබඩා කිරීම සඳහා තෙල් ටැංකි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇත.
දෙරට අතර විදුලි ජාලකරණ සම්බන්ධතාවක් ඇති කිරීමේ යෝජනාව මගින් දෙරටේම ආර්ථිකයන්ට සෘජු හා වක්‍ර වාසි අත්කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතියේ සංකීර්ණභාවය හේතුවෙන් එය අවසන් කිරීමේ නිශ්චිත කාල රාමුවක් පිළිබඳව මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැති වුවද, මේ සඳහා තවදුරටත් කාලය නාස්ති නොකළ යුතු බව වික්‍රම් මිස්රි මහතා පෙන්වා දුන්නේය.
සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා ඉන්දීය රජය ලබාදී ඇති මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතා ව්‍යාපෘති හයක් සඳහා වන අවබෝධතා ගිවිසුම් අවසන් කිරීමට මෙම සංචාරයේදී හැකිවී තිබේ.
ඉන්දීය උප ජනාධිපතිවරයා අද (20) නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව නැවත ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..