News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම යුරෝපා නායකයින් එක්වන විශේෂ හමුවක් මෙරට වේලාවෙන් අද රාත්‍රියේ ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

නිර්නාමික යුරෝපීය නිලධාරීන් උපුටා දක්වමින්, ජනාධිපති ට්‍රම්ප් සඳුදා ධවල මන්දිරයේදී යුක්රේනයේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමුවීමට යුරෝපීය නායකයින්ට ආරාධනා කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා පවසයි.

චීනය ඊයේ(15) බීජිං නුවර රඳි සිටින ජ්‍යෙෂ්ඨ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැඳවා, දෙවන ලෝක යුද්ධයේදී (WWII) ජපානය කොන්දේසි විරහිතව යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් ජපානයේ යුද්ධයට සම්බන්ධ යසුකුනි සිද්ධස්ථානයට ජපන් දේශපාලඥයන් කළ සංචාර සම්බන්ධයෙන් ජපානයට cඊනයේ දැඩි විරෝදය එල්ල කළේය.

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහි වසර තුනක් පුරා පැවති යුද්ධයේ කල් පවතින සටන් විරාම ගිවිසුමකට තුඩු දිය හැකි පොදු පදනමක් සොයා ගැනීමේ උත්සාහයක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද දින ඇලස්කාවේ ඇන්කරේජ් හිදී හමුවීමට නියමිතය.

ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ආර්ජන්ටිනා පාර්ශවය නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ව්‍යවස්ථාපිත ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධී සහ දුරාචාරමය ත්‍යාගය වැඩි කරමින් නිවේදනය කළ එක්සත් ජනපද රජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයන් දැඩි ලෙස හෙළා දකින බව පවසයි.

ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු ශාඛාව සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මෙන්ම ලතින් ඇමරිකානු සහ කැරිබියානු කළාපයේ දේශපාලන, සමාජීය, වෘත්තීය සමිති සහ සංස්කෘතික නායකයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ පිළිබඳව නිවැරැදි තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පිරිනමන බවට එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි විසින් නිකුත් කරන ලද නිවේදනයට දැඩි විරෝධය පාමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

මාස 22 ක යුද්ධය, සාගතය සහ ක්‍රමානුකූල විනාශය ඇති කිරීමෙන් පසු, ඊශ්‍රායලයේ ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන දෙකක් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ජන සංහාරයක් බව නිගමනය කර තිබේ.

ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස් ඇති බව එම පුවත් සේවය පවසයි.


ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.