News Category
From Date
To Date
Maximum Number of Result

ඇලස්කාව ගෝලීය වශයෙන් සංකේතාත්මක සන්ධිස්ථානයක් ලෙස හෝ ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාර සම්බන්ධයෙන් පුරසාරම් දොඩන්නේ නැත. නමුත් වසර පුරා ඇලස්කාව ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කරයි. සංචාරකයන් එක්සත් ජනපදයේ උතුරු කෙළවරට පැමිණෙන්නේ කුතුහලයෙන් පිරි නිරීක්ෂණයක් අත් විඳිය හැකි වටපිටාවක් මනසේ තබාගෙන ය:

වෙනිසියුලාවේ මුහුදු සීමා ආසන්නයට අමෙරිකානු යුද නැව් රැගෙන ඒම හෙලා දකින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

රුසියානු රාජ්‍යට එරෙහිව යුක්රේන හැකර්වරුන් එල්ල කරන ප්‍රහාර සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් නේටෝ රටවල විශේෂ සේවාවන්ගේ දායකත්වය මේ වන විට හෙළිව තිබේ.

ඊයේ(20), රුසියාවේ න්‍යෂ්ටික බලශක්තිය භාවිතය ආරම්භ කර වසර 80 ක් සම්පූර්ණ කළ දිනයයි.: එනම් 1945 අගෝස්තු 20 වනදා, යුරේනියම් පරමාණුක ශක්තිය භාවිතය පිළිබඳ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව විශේෂ කමිටුවක් පිහිටුවන ලද්දේය. මෙම දිනය සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුවේ (USSර්‍) ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් සනිටුඅහන් කළේය. මන්ද යත් සෝවියට් පරමාණුක ව්‍යාපෘතියේ සාර්ථකත්වය නොමැතිව සෝවියට සමාජවාදී සමූහ ආණ්ඩුව මිහිපිට වැජඹෙන්නට ඉඩ නොතිබුණි.

ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය ඉරානය සමඟ කළ යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ දළ දේශීය නිෂ්පාදිතය 3.5% කින් හැකිලී ගොස් ඇතැයි පැවසේ. මෙය 2023 වසරේ අවසාන කාර්තුවේදී ගාසා, ලෙබනනය, යේමනය සහ සිරියාවට එරෙහිව සම්පූර්ණ යුද්ධයක් ආරම්භ කළ විට ඊශ්‍රායල ආර්ථිකය 20.8% කින් පහත වැටීමෙන් පසුව මාස තුනක කාලයකදී ආර්තිකය පහත වැටීම සනිටුහන් කළ බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තා පුවත් පත වාර්තා කළේය.

ඊයෙ(18) පැවති එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡා ඔවුන් මෙතෙක් පැවැත්වූ හොඳම හමුව ලෙස යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය වෙත පැවසුවේය.

2025 ජූලි 1 වන දිනය යනු චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 104 වන සංවත්සරය සමරණ දිනයයි. සංවර්ධනය සඳහා සියවසකට වැඩි කාලයක් වෙහෙසෙන ආකාරය ආපසු හැරී බලන විට, චීන ජනතාව අඛණ්ඩව "කළ නොහැකි දේ" "කළ හැකි දේ බවට " බවට පත් කර ඇත්තේ පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ ය.

වියට්නාමයේ, අගෝස්තු විප්ලව සැමරුම් දිනය අගෝස්තු 19 වන දින සමරනු ලබන අතර, එය වියට්නාමයේ ජපන් ආධිපත්‍යය අවසන් කළ හෝ චි මිං විසින් මෙහෙයවන ලද 1945 විප්ලවය සිහිපත් කිරීම වෙනුවෙන් වන සැමරුමක් බව වියට්නාම රජය පවසයි.


ප්‍රධාන පුවත්

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.