News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා කරනු ලබන විනාශයට එරෙහිව පෙරට එයි

Aug 12, 2025 at 11:29 AM
|


මාස 22 ක යුද්ධය, සාගතය සහ ක්‍රමානුකූල විනාශය ඇති කිරීමෙන් පසු, ඊශ්‍රායලයේ ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන දෙකක් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ජන සංහාරයක් බව නිගමනය කර තිබේ.මානව හිමිකම් සඳහා වූ වෛද්‍යවරු-ඊශ්‍රායලය (Physicians for Human Rights-Israel -PHRI)  සහ B’Tselem විසින් පසුගිය ජූලි 28 වනදා නිකුත් කරන ලද මෙම වාර්තාව ඊශ්‍රායල සිවිල් සමාජය තුළ බිඳීමක් සනිටුහන් කරයි. පලස්තීන කණ්ඩායම්, ඊශ්‍රායල ජන සංහාර සහ සමූහ ඝාතන විද්වතුන් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ මෙඩෙසින්ස් සැන්ස් ෆ්‍රොන්ටියර්ස් (Amnesty International, Human Rights Watch, සහ Médecins Sans Frontières) වැනි ජාත්‍යන්තර ආයතන මීට මාස කිහිපයකට පෙර මෙම තත්වය පිළිගත් නමුදු, ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන මේ වන තෙක් “ජන සංහාරය” යන යෙදුම භාවිතා කිරීම බොහෝ දුරට සීමා කර තිබුණි.

වසර දෙකකට ආසන්න කාලයක ලියකියවිලි මත පදනම්ව, ගාසා තීරයේ ඊශ්‍රායල ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ 1948 ජන සංහාර සම්මුතියේ දක්වා ඇති පරිදි ජන සංහාරයේ අර්ථ දැක්වීම සපුරාලන බවට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.

“අපගේ ජන සංහාරය” යන මාතෘකාව යටතේ ඇති B’Tselem හි වාර්තාව, ඊශ්‍රායලය සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම සහ ගාසා තීරයේ පලස්තීන සමාජය ක්‍රමානුකූලව අහෝසිකර හැරීම කෙරෙහි අවධානය යොමු කරයි. ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ඊශ්‍රායලය විසින් හිතාමතාම විනාශ කිරීම පිළිබඳ සෞඛ්‍ය පාදක නීතිමය විශ්ලේෂණයක් PHRI වාර්තාවෙන් සපයයි.

+972 වෙබ් අඩවිය සමඟ කළ සංවාදයකදී, B’Tselem විධායක අධ්‍යක්ෂිකා යුලි නොවැක්, ජන සංහාරය දිගු, වේදනාකාරී අභ්‍යන්තර ගණනය කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විස්තර කළාය. “ඔබ ජන සංහාරය සිදු කරන සමාජයක සාමාජිකයෙකු බව අවබෝධ කර ගැනීම සඳහා කිසිවෙක් ඔබව සූදානම් කරන්නේ නැහැ.” ඇය පැවසුවාය. “මෙය අපට ඉතා වේදනාකාරී අවස්ථාවක්.”

“අපි දකින්නේ ගාසා තීරයේ පලස්තීන සමාජය විනාශ කිරීම අරමුණු කරගත් හිතාමතා ක්‍රියාමාර්ග සහ සම්බන්ධීකරණ පිළිවෙත්ය. ජන සංහාරයේ නිශ්චිත අර්ථ දැක්වීම එයයි. එනම් කණ්ඩායම විනාශ කිරීම සඳහා සිවිල් වැසියන්ට පහර දීමයි.”

B’Tselem වාර්තාවේ අපේක්ෂිත බලපෑම ගැන විමසූ විට, ජන සංහාරය අවසන් කිරීමට එම සංවිධානයට පමණක් නොහැකි බව නොවැක් පිළිගත්තාය. “අපි බලාපොරොත්තු වන්නේ මෙහි ජීවත් වන ජනතාව, ඊශ්‍රායල ජාතිකයන් සහ පලස්තීනුවන් ලෙස අපගේ හඬ අවදි කිරීමයි.” ඇය පැහැදිලි කළාය. "තත්වය ගැඹුරින් තේරුම් ගැනීමට අපට හැකියාව තිබෙනවා. වින්දිතයින්ගේ හඬ මතු කිරීමට, එය අපගේ පළමු හා ප්‍රධානතම සදාචාරාත්මක වගකීම වන අතර, ජන සංහාරක පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් ද ඉදිරිපත් කිරීමටද මෙම වාර්තාව මගින් උත්සහා කර තිබෙනවා. දේශපාලන පද්ධතිවලට එරෙහිව සටන් කිරීමට නම්, ඔබ ඒවා තේරුම් ගත යුතුයි."

"මිනිසුන් අපගේ හඬට සවන් දී ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර, එය ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයන්ගේ හුදු ගැටලුවක් නොවන බව තේරුම් ගනු ඇතැයි අප විශ්වාශ කරනවා." නොවැක් තවදුරටත් පැවසීය. "පලස්තීනුවන් නිසැකවම වින්දිතයින්. නමුත් මනුෂ්‍යත්වය මකා දැමීම සෑම මිනිසෙකුටම ඉවසිය නොහැකි කාරණයක්."

සමාජයක් විනාශ කිරීම

B’Tselem ඊශ්‍රායලයේ ජන සංහාරක ව්‍යාපාරයේ ප්‍රධාන කුළුණු හතරක් හඳුනා ගනු ලබයි. සමූහ ඝාතන, ප්‍රචණ්ඩකාරී ජන සංහාර, ක්‍රමානුකූල විනාශය සහ සෑම මට්ටමකින්ම පලස්තීන සමාජය විසුරුවා හැරීම එම කුළුණු හතරයි.

මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ වාර්තාව අනතුරු අඟවන්නේ මෙම ක්‍රියාමාර්ග ගාසා තීරයට පමණක් සීමා නොවන බව වීමයි. “මෙම ජන සංහාරක පාලන තන්ත්‍රය ගාසා තීරයේ පලස්තීනුවන් පාලනය කරන අතර බටහිර ඉවුරේ මෙන්ම ඊශ්‍රායලය තුළ පලස්තීනුවන් ද පාලනය කරනවා.” නොවැක් පැවසීය. “මෙම භාවිතයන්ගෙන් සමහරක් දැනටමත් බටහිර ඉවුරට පැතිරී තිබෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් පරිමාණයකින්. නමුත් තර්කනය සමානයි. සමහර විට දැන් බටහිර ඉවුරට ගෙන යනු ලබන්නේ ගාසා තීරයේ ක්‍රියාත්මක වූ  අණ දෙන නිලධාරීන් සහ හමුදා ඒකකයන්මයි.”

ජන සංහාරය යනු හුදෙක් නීතිමය කාණ්ඩයක් නොව, දේශපාලන හා සමාජ ප්‍රචණ්ඩත්වයේ සුවිශේෂී ආකාරයක් බව නොවැක් අවධාරණය කළාය. “අනෙකුත් කුරිරුකම්වලට වඩා ජන සංහාරයේ මූලික වශයෙන් වෙනස් දෙයක් තිබෙනවා.” ඇය පැහැදිලි කළාය. “එය වින්දිතයින්ගේ මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම මකා දමනවා. එය සෑම පුද්ගලයෙකුම සලකුණු කරනවා. ඔහු හෝ ඇය සිතන දේ, ඔවුන් කළ දේ හෝ ඔවුන් කවුරුන්ද යන්න නොසලකා, පුද්ගලයන් ලෙස නොව, ඔවුන්ව ඉලක්ක කළ හැකි සමූහයක් ලෙස සලකනවා.”



මෙම අමානුෂික ක්‍රියාවේ අරමුණ තවදුරටත් පැහැදිළි කරමින් , ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "මිනිසුන් කුසගින්නේ තැබීම හෝ ඔවුන්ට වෛද්‍ය ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පමණක් නොවේ, එය සමාජයක් විනාශ කිරීම සහ කණ්ඩායමක් ලෙස පලස්තීනුවන්ට අනාගතයේදී පැවතිය නොහැකි බව සහතික කිරීම මෙහි අරමුණ වෙනවා."

පලස්තීන සමාජ විනාශයේ එක් මානයක් වන්නේ එම සමාජයේපවුල් ඒකකය විනාශ කිරීමයි. ප්‍රහාරයේ ආරම්භය සහ 2025 මාර්තු අතර කාලය තුළ කාන්තාවන් පලස්තින සමාජයේ කාන්තාවන්ගෙන් 14,000 ක් පමණ වැන්දඹුවන් වූ අතර එම කාන්තාවන් තමන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා පමණක් වගකියන තත්වයට පත් කළේය. ආසන්න වශයෙන් ළමුන් 40,000 ක් පමණ පිරිසකගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි තත්වයකට පත් කර තිබේ. ඹ්’ඨ්සෙලෙම් ගේ වාර්තාවට අනුව, මෙය ගාසා තීරය "නූතන ඉතිහාසයේ විශාලතම සරණාගත  අර්බුදය" බවට පත්ව තිබේ.

නොවැක් උපුටා දක්වන තවත් උදාහරණයක් වන්නේ ගාසා තීරයේ අධ්‍යාපන ක්‍රමයේ ඉලක්කගත විනාශයයි. " ගාසා තීරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලන්න! දරුවන් අත්විඳින අඛණ්ඩ කම්පනයට අමතරව ගාසා තීරයේ සිසුන්ට පසුගිය වසර දෙක තුළ යාමට පාසල් හෝ උසස් අධ්‍යාපන ආයතන තිබුණේ නැහැ. මෙය වර්තමානයේ ගාසා තීරයේ සිදුවන ජීවිත විනාශය පමණක් නොව අනාගතයේදී සිදු වීමට නියමිත තත්වයකි."

මෙම අපරාධ සිදු කරන සමාජය තුළ ඒවායේ පිහිටීම සැලකිල්ලට ගෙන ඒවා නම් කිරීම සඳහා බි’සෙලෙම්ගේ විශේෂ වගකීමක් ලෙස දැනෙන බව ඇය පැවසුවාය. “ජන සංහාරය සිදු කරන සාමූහිකය - අපම කොටසක් වන සමාජය බව අපි තේරුම් ගනිමු. ඒ වගේම එම ජනසංහාරය නැවැත්වීමට අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමටත්, ඊශ්‍රායල ජාතිකයින්ට මෙම කතාව පැවසීමටත්, ඔවුන්ට දැකීමට නොහැකි හෝ ඔවුන් දැකීමට අකමැති දේ දැකීමට ඔවුන්ට ආරාධනය කිරීමටත් අපව පොළඹවනු ලබනවා.”

ගාසා තීරයේ සෞඛ්‍ය සේවයට එරෙහිව යුද්ධ කිරීම

B’Tselem  වාර්තාව ගාසා තීරයේ තිබෙන පුළුල් සමාජ හා දේශපාලන ව්‍යුහයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, PHRI වාර්තාව සිවිල් ජීවිතයේ තීරණාත්මක කුළුණක් වන සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි පමණක් අවධානයක් යොමු කරයි. "ජීවන තත්වයන් විනාශ කිරීම: ගාසා ජන සංහාරයේ සෞඛ්‍ය විශ්ලේෂණයක්" යන මාතෘකාව යටතේ, ඊශ්‍රායලය ගාසා තීරයේ  ජීවත්වන ජනතාව රැකබලා ගැනීමේ හැකියාව මුළුමනින්ම විනාශ කර ඇති ආකාරය ලේඛනගත කරන සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරයි.


රෝහල්වලට සෘජු ප්‍රහාර එල්ල කිරීම, වෛද්‍යවරුන් ඉවත් කිරීම් සහ වෛද්‍ය ආධාර ඇතුළු කිරීම අවහිර කිරීම සහ සෞඛ්‍ය සේවකයින් ඉලක්ක කිරීම හරහා, ඊශ්‍රායලය ගාසා තීරයේ සෞඛ්‍ය සේවාවන්හි අඛණ්ඩ බිඳ වැට්ටවීමක් නිර්මාණය කර ඇති අතර එය ජන සංහාරක අභිප්‍රායයකි. “මෙම ප්‍රතිපත්ති පිටුපස ඇති අභිප්‍රාය සෞඛ්‍ය පද්ධතියේ විනාශයෙන් වෙන් කළ නොහැකි බව තේරුම් ගත යුතුය,” වාර්තාවේ සඳහන් වේ. “එක් එක් ප්‍රතිපත්තිය පමණක් සලකා බැලුවද බරපතල නීතිමය ගැටළු මතු කළ හැකි තත්වයක් උදාවේ. ඔවුන් එක්ව, පද්ධතිමය මකාදැමීමේ සැලැස්මක් සහ ප්‍රතිපත්තියක් සාදයි.”

පසුගිය මාස 22 තුළ, ඊශ්‍රායලයේ මැදිහත්වීම ගාසා තීරයේ සෞඛ්‍ය යටිතල පහසුකම් “ගණනය කළ හැකි සහ ක්‍රමානුකූල ආකාරයකින්” විනාශ කර ඇති බව වාර්තාව සඳහන් කරයි. “උතුරු ගාසා තීරයේ රෝහල්වලට බෝම්බ හෙලීමෙන් සහ බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් ආරම්භ වූ බිඳවැට්ටවීම දකුණු දෙසට විහිදී ගිය අතර, අවතැන් වූ ජනගහනය ඉතිරි පහසුකම් යටපත් කළ අතර, පසුව ඒවා තවදුරටත් බෝම්බ හෙලීම්, වටලෑම් සහ සම්පත් අහිමි කිරීමට ලක් විය.”

වාර්තාව පෙන්වා දෙන පරිදි,ප්‍රතිඵලය, ගාසා තීරයේ මූලික සත්කාර සැපයීමේ හැකියාව සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටවීමට හේතු වී තිබේ. “ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රමානුකූලව විනාශ කර ඇත. එහි රෝහල් අක්‍රිය කර ඇත, රෝගීන් වෙනත් රෝහල් වෙත් රැගෙන යාවා අවහිර කර ඇත. එලෙසම කම්පන සත්කාර, සැත්කම්, රුධිර කාන්දු පෙරීම සහ මාතෘ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම නතර කර ඇත.” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

PHRI නිගමනය කරන්නේ මෙම ක්‍රියා යුද්ධයට අහඹුවක් නොවන බවත්, හිතාමතා සහ ඉලක්ක කරගත් ඒවා බවත්ය. ඔවුන් ජන සංහාර සම්මුතිය යටතේ බහුවිධ නිර්ණායක තෘප්තිමත් කරවයි.එනම් කණ්ඩායමේ සාමාජිකයින් ඝාතනය කිරීම, බරපතල ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම සහ කණ්ඩායමේ විනාශය ඇති කිරීමට අදහස් කරන ජීවන තත්වයන් ඇති කිරීම යනාදි ක්‍රියා සිදු කරයි.

+972 වෙබ් අඩවිය සමඟ කළ සංවාදයකදී, ඉශ්‍රායල අත්පත් කගගෙන සිටින පලස්තීන ප්‍රදේශ සඳහා  PHRI දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අසීල් අබු රාස් මහත්මිය අවධාරණය කළේ රෝහල් න්‍යායාත්මකව නැවත ගොඩනැගිය හැකි වුවද(ඊශ්‍රායලය ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ඉඩ දෙන්නේ නම්) සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ විනාශය මැනිය නොහැකි බවයි.





"ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් 1,500 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර, 300 කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව ඇය පැවසුවාය. " වෛද්‍යවරුන් ඝාතනය කරන විට, වසර ගණනාවක පළපුරුද්ද ඇති වෛද්‍ය විශේෂඥයන් සහ විශේෂත්වය මරා දමනවා. ඔවුන් ගාසා තීරයේ බිඳෙනසුලු සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටියයි."

මේ ආකාරයෙන්, ඊශ්‍රායලය සෞඛ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කිරීම වර්තමාන මොහොත ගැන පමණක් නොව, දිගුකාලීන සුවය ලැබීමේ හැකියාව සහ ගාසා තීරයේ ඕනෑම පලස්තීන අනාගතයක් මකා දැමීමක් බව ඇය අනතුරු ඇඟවීය. "එය ගාසා තීරයේ මිනිසුන් සුව කිරීමට සහ නැවත ගොඩනැගීමට ඇති හැකියාව විනාශ කිරීම සම්බන්ධ කාරණයකි."

නීතිමය සහ වෛද්‍ය සාක්ෂි මත පදනම් වූ, ගාසා තීරයේ සිදුවන දේ ජන සංහාරයක් ලෙස ලේඛනගත කිරීමෙන්, අබු රාස් මහත්මිය +972 වෙත පැවසුවේ වාර්තාව ජාත්‍යන්තර සහ රජයේ ක්‍රියාකාරීන් විවාදයේ සිට හදිසි මැදිහත්වීම දක්වා ගෙන යාමේ අරමුණ ඇතිව කටයුතු කරන බවයි.


“ජන සංහාරය ලෙස නම් කිරීම සංකේතාත්මක නොවේ. මක් නිසාද යත් ජාත්‍යන්තර නීතිය යටතේ, එය නීතිමය සහ සදාචාරාත්මක බැඳීම් දරයි,” ඇය සඳහන් කළාය. “ඊශ්‍රායලය සහ බොහෝ රාජ්‍යයන් අත්සන් කර ඇති ජන සංහාර සම්මුතියට අනුව, පාර්ශවයන් ජන සංහාරය වැළැක්වීමට සහ දඬුවම් කිරීමට පමණක් නොව, එය සිදුවන බරපතල අවදානමක් ඇති විට ක්‍රියා කිරීමටද බැඳී සිටී.

“ඊශ්‍රායල සන්දර්භය තුළ, ‘ජන සංහාරය’ යන යෙදුම දිගු කලක් තහනම් කර තිබෙනවා.” ඇය තවදුරටත් පැවසුවාය. “මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන්, එම නිහඬතාවයට අභියෝග කිරීමට සහ එම යෙදුමේ නිවැරදි භාවිතය සාමාන්‍යකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. භූමියේ යථාර්ථය සමඟ සම්බන්ධ වී ගාසා තීරයේ කුරිරු යුද්ධය එය කුමක්දැයි හැඳින්වීමට ඊශ්‍රායල මහජනතාවගේ අනෙකුත් සංවිධාන, ආයතන සහ කොටස් දිරිමත් කිරීම ද මෙහි ඉලක්කයයි. ජන සංහාරය යන්නට දිය හැකි නිවැරදි අර්ථකතනය එය යැයි අපි විශ්වාස කරනවා.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

‘Our genocide’: Israeli rights groups abandon their restraint on Gaza

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.