News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා කරනු ලබන විනාශයට එරෙහිව පෙරට එයි

Aug 12, 2025 at 11:29 AM
|


මාස 22 ක යුද්ධය, සාගතය සහ ක්‍රමානුකූල විනාශය ඇති කිරීමෙන් පසු, ඊශ්‍රායලයේ ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන දෙකක් ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ජන සංහාරයක් බව නිගමනය කර තිබේ.මානව හිමිකම් සඳහා වූ වෛද්‍යවරු-ඊශ්‍රායලය (Physicians for Human Rights-Israel -PHRI)  සහ B’Tselem විසින් පසුගිය ජූලි 28 වනදා නිකුත් කරන ලද මෙම වාර්තාව ඊශ්‍රායල සිවිල් සමාජය තුළ බිඳීමක් සනිටුහන් කරයි. පලස්තීන කණ්ඩායම්, ඊශ්‍රායල ජන සංහාර සහ සමූහ ඝාතන විද්වතුන් සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, හියුමන් රයිට්ස් වොච් සහ මෙඩෙසින්ස් සැන්ස් ෆ්‍රොන්ටියර්ස් (Amnesty International, Human Rights Watch, සහ Médecins Sans Frontières) වැනි ජාත්‍යන්තර ආයතන මීට මාස කිහිපයකට පෙර මෙම තත්වය පිළිගත් නමුදු, ඊශ්‍රායල මානව හිමිකම් සංවිධාන මේ වන තෙක් “ජන සංහාරය” යන යෙදුම භාවිතා කිරීම බොහෝ දුරට සීමා කර තිබුණි.

වසර දෙකකට ආසන්න කාලයක ලියකියවිලි මත පදනම්ව, ගාසා තීරයේ ඊශ්‍රායල ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ 1948 ජන සංහාර සම්මුතියේ දක්වා ඇති පරිදි ජන සංහාරයේ අර්ථ දැක්වීම සපුරාලන බවට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.

“අපගේ ජන සංහාරය” යන මාතෘකාව යටතේ ඇති B’Tselem හි වාර්තාව, ඊශ්‍රායලය සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම සහ ගාසා තීරයේ පලස්තීන සමාජය ක්‍රමානුකූලව අහෝසිකර හැරීම කෙරෙහි අවධානය යොමු කරයි. ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතිය ඊශ්‍රායලය විසින් හිතාමතාම විනාශ කිරීම පිළිබඳ සෞඛ්‍ය පාදක නීතිමය විශ්ලේෂණයක් PHRI වාර්තාවෙන් සපයයි.

+972 වෙබ් අඩවිය සමඟ කළ සංවාදයකදී, B’Tselem විධායක අධ්‍යක්ෂිකා යුලි නොවැක්, ජන සංහාරය දිගු, වේදනාකාරී අභ්‍යන්තර ගණනය කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විස්තර කළාය. “ඔබ ජන සංහාරය සිදු කරන සමාජයක සාමාජිකයෙකු බව අවබෝධ කර ගැනීම සඳහා කිසිවෙක් ඔබව සූදානම් කරන්නේ නැහැ.” ඇය පැවසුවාය. “මෙය අපට ඉතා වේදනාකාරී අවස්ථාවක්.”

“අපි දකින්නේ ගාසා තීරයේ පලස්තීන සමාජය විනාශ කිරීම අරමුණු කරගත් හිතාමතා ක්‍රියාමාර්ග සහ සම්බන්ධීකරණ පිළිවෙත්ය. ජන සංහාරයේ නිශ්චිත අර්ථ දැක්වීම එයයි. එනම් කණ්ඩායම විනාශ කිරීම සඳහා සිවිල් වැසියන්ට පහර දීමයි.”

B’Tselem වාර්තාවේ අපේක්ෂිත බලපෑම ගැන විමසූ විට, ජන සංහාරය අවසන් කිරීමට එම සංවිධානයට පමණක් නොහැකි බව නොවැක් පිළිගත්තාය. “අපි බලාපොරොත්තු වන්නේ මෙහි ජීවත් වන ජනතාව, ඊශ්‍රායල ජාතිකයන් සහ පලස්තීනුවන් ලෙස අපගේ හඬ අවදි කිරීමයි.” ඇය පැහැදිලි කළාය. "තත්වය ගැඹුරින් තේරුම් ගැනීමට අපට හැකියාව තිබෙනවා. වින්දිතයින්ගේ හඬ මතු කිරීමට, එය අපගේ පළමු හා ප්‍රධානතම සදාචාරාත්මක වගකීම වන අතර, ජන සංහාරක පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විශ්ලේෂණයක් ද ඉදිරිපත් කිරීමටද මෙම වාර්තාව මගින් උත්සහා කර තිබෙනවා. දේශපාලන පද්ධතිවලට එරෙහිව සටන් කිරීමට නම්, ඔබ ඒවා තේරුම් ගත යුතුයි."

"මිනිසුන් අපගේ හඬට සවන් දී ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර, එය ඊශ්‍රායල සහ පලස්තීන ජාතිකයන්ගේ හුදු ගැටලුවක් නොවන බව තේරුම් ගනු ඇතැයි අප විශ්වාශ කරනවා." නොවැක් තවදුරටත් පැවසීය. "පලස්තීනුවන් නිසැකවම වින්දිතයින්. නමුත් මනුෂ්‍යත්වය මකා දැමීම සෑම මිනිසෙකුටම ඉවසිය නොහැකි කාරණයක්."

සමාජයක් විනාශ කිරීම

B’Tselem ඊශ්‍රායලයේ ජන සංහාරක ව්‍යාපාරයේ ප්‍රධාන කුළුණු හතරක් හඳුනා ගනු ලබයි. සමූහ ඝාතන, ප්‍රචණ්ඩකාරී ජන සංහාර, ක්‍රමානුකූල විනාශය සහ සෑම මට්ටමකින්ම පලස්තීන සමාජය විසුරුවා හැරීම එම කුළුණු හතරයි.

මෙහි ඇති වැදගත්ම කාරණය වන්නේ වාර්තාව අනතුරු අඟවන්නේ මෙම ක්‍රියාමාර්ග ගාසා තීරයට පමණක් සීමා නොවන බව වීමයි. “මෙම ජන සංහාරක පාලන තන්ත්‍රය ගාසා තීරයේ පලස්තීනුවන් පාලනය කරන අතර බටහිර ඉවුරේ මෙන්ම ඊශ්‍රායලය තුළ පලස්තීනුවන් ද පාලනය කරනවා.” නොවැක් පැවසීය. “මෙම භාවිතයන්ගෙන් සමහරක් දැනටමත් බටහිර ඉවුරට පැතිරී තිබෙනවා. සම්පූර්ණයෙන්ම වෙනස් පරිමාණයකින්. නමුත් තර්කනය සමානයි. සමහර විට දැන් බටහිර ඉවුරට ගෙන යනු ලබන්නේ ගාසා තීරයේ ක්‍රියාත්මක වූ  අණ දෙන නිලධාරීන් සහ හමුදා ඒකකයන්මයි.”

ජන සංහාරය යනු හුදෙක් නීතිමය කාණ්ඩයක් නොව, දේශපාලන හා සමාජ ප්‍රචණ්ඩත්වයේ සුවිශේෂී ආකාරයක් බව නොවැක් අවධාරණය කළාය. “අනෙකුත් කුරිරුකම්වලට වඩා ජන සංහාරයේ මූලික වශයෙන් වෙනස් දෙයක් තිබෙනවා.” ඇය පැහැදිලි කළාය. “එය වින්දිතයින්ගේ මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම මකා දමනවා. එය සෑම පුද්ගලයෙකුම සලකුණු කරනවා. ඔහු හෝ ඇය සිතන දේ, ඔවුන් කළ දේ හෝ ඔවුන් කවුරුන්ද යන්න නොසලකා, පුද්ගලයන් ලෙස නොව, ඔවුන්ව ඉලක්ක කළ හැකි සමූහයක් ලෙස සලකනවා.”



මෙම අමානුෂික ක්‍රියාවේ අරමුණ තවදුරටත් පැහැදිළි කරමින් , ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: "මිනිසුන් කුසගින්නේ තැබීම හෝ ඔවුන්ට වෛද්‍ය ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම පමණක් නොවේ, එය සමාජයක් විනාශ කිරීම සහ කණ්ඩායමක් ලෙස පලස්තීනුවන්ට අනාගතයේදී පැවතිය නොහැකි බව සහතික කිරීම මෙහි අරමුණ වෙනවා."

පලස්තීන සමාජ විනාශයේ එක් මානයක් වන්නේ එම සමාජයේපවුල් ඒකකය විනාශ කිරීමයි. ප්‍රහාරයේ ආරම්භය සහ 2025 මාර්තු අතර කාලය තුළ කාන්තාවන් පලස්තින සමාජයේ කාන්තාවන්ගෙන් 14,000 ක් පමණ වැන්දඹුවන් වූ අතර එම කාන්තාවන් තමන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා පමණක් වගකියන තත්වයට පත් කළේය. ආසන්න වශයෙන් ළමුන් 40,000 ක් පමණ පිරිසකගේ දෙමාපියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම අහිමි තත්වයකට පත් කර තිබේ. ඹ්’ඨ්සෙලෙම් ගේ වාර්තාවට අනුව, මෙය ගාසා තීරය "නූතන ඉතිහාසයේ විශාලතම සරණාගත  අර්බුදය" බවට පත්ව තිබේ.

නොවැක් උපුටා දක්වන තවත් උදාහරණයක් වන්නේ ගාසා තීරයේ අධ්‍යාපන ක්‍රමයේ ඉලක්කගත විනාශයයි. " ගාසා තීරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලන්න! දරුවන් අත්විඳින අඛණ්ඩ කම්පනයට අමතරව ගාසා තීරයේ සිසුන්ට පසුගිය වසර දෙක තුළ යාමට පාසල් හෝ උසස් අධ්‍යාපන ආයතන තිබුණේ නැහැ. මෙය වර්තමානයේ ගාසා තීරයේ සිදුවන ජීවිත විනාශය පමණක් නොව අනාගතයේදී සිදු වීමට නියමිත තත්වයකි."

මෙම අපරාධ සිදු කරන සමාජය තුළ ඒවායේ පිහිටීම සැලකිල්ලට ගෙන ඒවා නම් කිරීම සඳහා බි’සෙලෙම්ගේ විශේෂ වගකීමක් ලෙස දැනෙන බව ඇය පැවසුවාය. “ජන සංහාරය සිදු කරන සාමූහිකය - අපම කොටසක් වන සමාජය බව අපි තේරුම් ගනිමු. ඒ වගේම එම ජනසංහාරය නැවැත්වීමට අපට කළ හැකි සෑම දෙයක්ම කිරීමටත්, ඊශ්‍රායල ජාතිකයින්ට මෙම කතාව පැවසීමටත්, ඔවුන්ට දැකීමට නොහැකි හෝ ඔවුන් දැකීමට අකමැති දේ දැකීමට ඔවුන්ට ආරාධනය කිරීමටත් අපව පොළඹවනු ලබනවා.”

ගාසා තීරයේ සෞඛ්‍ය සේවයට එරෙහිව යුද්ධ කිරීම

B’Tselem  වාර්තාව ගාසා තීරයේ තිබෙන පුළුල් සමාජ හා දේශපාලන ව්‍යුහයන් කෙරෙහි අවධානය යොමු කරන අතර, PHRI වාර්තාව සිවිල් ජීවිතයේ තීරණාත්මක කුළුණක් වන සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි පමණක් අවධානයක් යොමු කරයි. "ජීවන තත්වයන් විනාශ කිරීම: ගාසා ජන සංහාරයේ සෞඛ්‍ය විශ්ලේෂණයක්" යන මාතෘකාව යටතේ, ඊශ්‍රායලය ගාසා තීරයේ  ජීවත්වන ජනතාව රැකබලා ගැනීමේ හැකියාව මුළුමනින්ම විනාශ කර ඇති ආකාරය ලේඛනගත කරන සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරයි.


රෝහල්වලට සෘජු ප්‍රහාර එල්ල කිරීම, වෛද්‍යවරුන් ඉවත් කිරීම් සහ වෛද්‍ය ආධාර ඇතුළු කිරීම අවහිර කිරීම සහ සෞඛ්‍ය සේවකයින් ඉලක්ක කිරීම හරහා, ඊශ්‍රායලය ගාසා තීරයේ සෞඛ්‍ය සේවාවන්හි අඛණ්ඩ බිඳ වැට්ටවීමක් නිර්මාණය කර ඇති අතර එය ජන සංහාරක අභිප්‍රායයකි. “මෙම ප්‍රතිපත්ති පිටුපස ඇති අභිප්‍රාය සෞඛ්‍ය පද්ධතියේ විනාශයෙන් වෙන් කළ නොහැකි බව තේරුම් ගත යුතුය,” වාර්තාවේ සඳහන් වේ. “එක් එක් ප්‍රතිපත්තිය පමණක් සලකා බැලුවද බරපතල නීතිමය ගැටළු මතු කළ හැකි තත්වයක් උදාවේ. ඔවුන් එක්ව, පද්ධතිමය මකාදැමීමේ සැලැස්මක් සහ ප්‍රතිපත්තියක් සාදයි.”

පසුගිය මාස 22 තුළ, ඊශ්‍රායලයේ මැදිහත්වීම ගාසා තීරයේ සෞඛ්‍ය යටිතල පහසුකම් “ගණනය කළ හැකි සහ ක්‍රමානුකූල ආකාරයකින්” විනාශ කර ඇති බව වාර්තාව සඳහන් කරයි. “උතුරු ගාසා තීරයේ රෝහල්වලට බෝම්බ හෙලීමෙන් සහ බලහත්කාරයෙන් ඉවත් කිරීමෙන් ආරම්භ වූ බිඳවැට්ටවීම දකුණු දෙසට විහිදී ගිය අතර, අවතැන් වූ ජනගහනය ඉතිරි පහසුකම් යටපත් කළ අතර, පසුව ඒවා තවදුරටත් බෝම්බ හෙලීම්, වටලෑම් සහ සම්පත් අහිමි කිරීමට ලක් විය.”

වාර්තාව පෙන්වා දෙන පරිදි,ප්‍රතිඵලය, ගාසා තීරයේ මූලික සත්කාර සැපයීමේ හැකියාව සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටවීමට හේතු වී තිබේ. “ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ක්‍රමානුකූලව විනාශ කර ඇත. එහි රෝහල් අක්‍රිය කර ඇත, රෝගීන් වෙනත් රෝහල් වෙත් රැගෙන යාවා අවහිර කර ඇත. එලෙසම කම්පන සත්කාර, සැත්කම්, රුධිර කාන්දු පෙරීම සහ මාතෘ සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම නතර කර ඇත.” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.

PHRI නිගමනය කරන්නේ මෙම ක්‍රියා යුද්ධයට අහඹුවක් නොවන බවත්, හිතාමතා සහ ඉලක්ක කරගත් ඒවා බවත්ය. ඔවුන් ජන සංහාර සම්මුතිය යටතේ බහුවිධ නිර්ණායක තෘප්තිමත් කරවයි.එනම් කණ්ඩායමේ සාමාජිකයින් ඝාතනය කිරීම, බරපතල ශාරීරික හා මානසික හානියක් සිදු කිරීම සහ කණ්ඩායමේ විනාශය ඇති කිරීමට අදහස් කරන ජීවන තත්වයන් ඇති කිරීම යනාදි ක්‍රියා සිදු කරයි.

+972 වෙබ් අඩවිය සමඟ කළ සංවාදයකදී, ඉශ්‍රායල අත්පත් කගගෙන සිටින පලස්තීන ප්‍රදේශ සඳහා  PHRI දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අසීල් අබු රාස් මහත්මිය අවධාරණය කළේ රෝහල් න්‍යායාත්මකව නැවත ගොඩනැගිය හැකි වුවද(ඊශ්‍රායලය ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ඉඩ දෙන්නේ නම්) සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ විනාශය මැනිය නොහැකි බවයි.





"ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් 1,500 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර, 300 කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව ඇය පැවසුවාය. " වෛද්‍යවරුන් ඝාතනය කරන විට, වසර ගණනාවක පළපුරුද්ද ඇති වෛද්‍ය විශේෂඥයන් සහ විශේෂත්වය මරා දමනවා. ඔවුන් ගාසා තීරයේ බිඳෙනසුලු සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටියයි."

මේ ආකාරයෙන්, ඊශ්‍රායලය සෞඛ්‍ය යටිතල පහසුකම් ඉලක්ක කිරීම වර්තමාන මොහොත ගැන පමණක් නොව, දිගුකාලීන සුවය ලැබීමේ හැකියාව සහ ගාසා තීරයේ ඕනෑම පලස්තීන අනාගතයක් මකා දැමීමක් බව ඇය අනතුරු ඇඟවීය. "එය ගාසා තීරයේ මිනිසුන් සුව කිරීමට සහ නැවත ගොඩනැගීමට ඇති හැකියාව විනාශ කිරීම සම්බන්ධ කාරණයකි."

නීතිමය සහ වෛද්‍ය සාක්ෂි මත පදනම් වූ, ගාසා තීරයේ සිදුවන දේ ජන සංහාරයක් ලෙස ලේඛනගත කිරීමෙන්, අබු රාස් මහත්මිය +972 වෙත පැවසුවේ වාර්තාව ජාත්‍යන්තර සහ රජයේ ක්‍රියාකාරීන් විවාදයේ සිට හදිසි මැදිහත්වීම දක්වා ගෙන යාමේ අරමුණ ඇතිව කටයුතු කරන බවයි.


“ජන සංහාරය ලෙස නම් කිරීම සංකේතාත්මක නොවේ. මක් නිසාද යත් ජාත්‍යන්තර නීතිය යටතේ, එය නීතිමය සහ සදාචාරාත්මක බැඳීම් දරයි,” ඇය සඳහන් කළාය. “ඊශ්‍රායලය සහ බොහෝ රාජ්‍යයන් අත්සන් කර ඇති ජන සංහාර සම්මුතියට අනුව, පාර්ශවයන් ජන සංහාරය වැළැක්වීමට සහ දඬුවම් කිරීමට පමණක් නොව, එය සිදුවන බරපතල අවදානමක් ඇති විට ක්‍රියා කිරීමටද බැඳී සිටී.

“ඊශ්‍රායල සන්දර්භය තුළ, ‘ජන සංහාරය’ යන යෙදුම දිගු කලක් තහනම් කර තිබෙනවා.” ඇය තවදුරටත් පැවසුවාය. “මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන්, එම නිහඬතාවයට අභියෝග කිරීමට සහ එම යෙදුමේ නිවැරදි භාවිතය සාමාන්‍යකරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. භූමියේ යථාර්ථය සමඟ සම්බන්ධ වී ගාසා තීරයේ කුරිරු යුද්ධය එය කුමක්දැයි හැඳින්වීමට ඊශ්‍රායල මහජනතාවගේ අනෙකුත් සංවිධාන, ආයතන සහ කොටස් දිරිමත් කිරීම ද මෙහි ඉලක්කයයි. ජන සංහාරය යන්නට දිය හැකි නිවැරදි අර්ථකතනය එය යැයි අපි විශ්වාස කරනවා.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

‘Our genocide’: Israeli rights groups abandon their restraint on Gaza

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.