සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් සමඟ ට්‍රම්ප් රැස්වීමක් සැලසුම් කරන බව නිව්යෝක් ටෛම්ස් පුවත් පත පවසයි
නිර්නාමික යුරෝපීය නිලධාරීන් උපුටා දක්වමින්, ජනාධිපති ට්‍රම්ප් සඳුදා ධවල මන්දිරයේදී යුක්රේනයේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමුවීමට යුරෝපීය නායකයින්ට ආරාධනා කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා පවසයි.
2022 පෙබරවාරි මාසයේ රුසියානු-යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසු රුසියානු සහ ඇමරිකානු නායකයින් අතර පළමු මුහුණට මුහුණ සාකච්ඡා සනිටුහන් කරමින්, ට්‍රම්ප් පසුගිය 15 වනදා ඇලස්කාවේ ඇන්කරේජ් හිදී ඔහුගේ රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින් හමුවිය. එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීම "උණුසුම් හ්මුවීමක්" ලෙස විස්තර කළ පුටින් හමුවීම "අවංක" අරමුණින් කළ "සාරවත්" සාකච්ඡාවක් ලෙස හැඳින්වූයේය.
සමුළුව යුක්රේන ගැටුමට විසඳුමක් සමීප කරවිය හැකි බවට නායකයන් දෙපළම අස්ථිර නමුදු බලාපොරොත්තු පළ කළහ.
ඉයේ(16), නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔවුන්ගේ මූලාශ්‍ර උපුටා දක්වමින් ට්‍රම්ප් සෙලෙන්ස්කිගේ පැමිණීම පිළිගන්නා බවත් "යුරෝපීය නායකයින්ට ද සාකච්ඡාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති" බවත් වාර්තා කළේය.
එලෙසම යුක්රේන නායකයා මීට පෙර දිනයේදී, X හි සටහනක් තබමින් 18 වනදා එක්සත් ජනපද අගනුවරට යන බව නිවේදනය කළේය. ට්‍රම්ප් පසුව සංචාරය තහවුරු කළේය.
ඩොන්බාස් හි නව රුසියානු භූමි ප්‍රදේශවල කොටස් තවමත් යුක්රේන පාලනය යටතේ පවතින හෙයින් ඒවා කියෙව්ට පවරා දීමට අවශ්‍ය වන සැලැස්මක් ට්‍රම්ප් යෝජනා කරනු ඇති බව පුවත්පත අනාවැකි පල කරනු කරයි.
එම භූමිය පවරා දීමට හිලව් වශයෙන් , ක්‍රෙම්ලිනය වෙනත් තැන්වල වත්මන් ඉදිරි පෙළ දිගේ සිදුවන ප්‍රහාර නැවැත්වීමට එකඟ වනු ඇති බවද පුවත්පත පවසයි.
සෙලෙන්ස්කි මොස්කව් වෙත කිසිදු භූමි කොටසක් ලබා දීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත.
ඇලස්කා සමුළුවෙන් පසුව, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ජර්මනියේ, ඉතාලියේ, ෆින්ලන්තයේ, පෝලන්තයේ සහ යුරෝපා සංගමයේ නායකයින් “යුරෝපීය සහාය ඇතිව ත්‍රෛපාර්ශ්වික සමුළුවක් සඳහා ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති සෙලෙන්ස්කි සමඟ වැඩ කිරීමට” ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ.
ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් මීට පෙර සඳහන් කළේ රුසියාව සහ එක්සත් ජනපදය තවමත් පුටින්, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා කර නොමැති බවයි.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මොස්කව් සමඟ සාකච්ඡා කරන අතරතුර යුරෝපය කියෙව්ට වැඩි වැඩියෙන් සහාය දීම හෝ වොෂින්ටනයට බලපෑම් කිරීම නතර කළ යුතු බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ෆොක්ස් බිස්නස් වෙත බ්‍රහස්පතින්දා(14) පැවසීය.
Trump plans White House meeting with Zelensky and European leaders – NYT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..