සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් සමඟ ට්‍රම්ප් රැස්වීමක් සැලසුම් කරන බව නිව්යෝක් ටෛම්ස් පුවත් පත පවසයි
නිර්නාමික යුරෝපීය නිලධාරීන් උපුටා දක්වමින්, ජනාධිපති ට්‍රම්ප් සඳුදා ධවල මන්දිරයේදී යුක්රේනයේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමුවීමට යුරෝපීය නායකයින්ට ආරාධනා කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා පවසයි.
2022 පෙබරවාරි මාසයේ රුසියානු-යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසු රුසියානු සහ ඇමරිකානු නායකයින් අතර පළමු මුහුණට මුහුණ සාකච්ඡා සනිටුහන් කරමින්, ට්‍රම්ප් පසුගිය 15 වනදා ඇලස්කාවේ ඇන්කරේජ් හිදී ඔහුගේ රුසියානු සහචරයා වන ව්ලැඩිමීර් පුටින් හමුවිය. එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීම "උණුසුම් හ්මුවීමක්" ලෙස විස්තර කළ පුටින් හමුවීම "අවංක" අරමුණින් කළ "සාරවත්" සාකච්ඡාවක් ලෙස හැඳින්වූයේය.
සමුළුව යුක්රේන ගැටුමට විසඳුමක් සමීප කරවිය හැකි බවට නායකයන් දෙපළම අස්ථිර නමුදු බලාපොරොත්තු පළ කළහ.
ඉයේ(16), නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔවුන්ගේ මූලාශ්‍ර උපුටා දක්වමින් ට්‍රම්ප් සෙලෙන්ස්කිගේ පැමිණීම පිළිගන්නා බවත් "යුරෝපීය නායකයින්ට ද සාකච්ඡාවට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති" බවත් වාර්තා කළේය.
එලෙසම යුක්රේන නායකයා මීට පෙර දිනයේදී, X හි සටහනක් තබමින් 18 වනදා එක්සත් ජනපද අගනුවරට යන බව නිවේදනය කළේය. ට්‍රම්ප් පසුව සංචාරය තහවුරු කළේය.
ඩොන්බාස් හි නව රුසියානු භූමි ප්‍රදේශවල කොටස් තවමත් යුක්රේන පාලනය යටතේ පවතින හෙයින් ඒවා කියෙව්ට පවරා දීමට අවශ්‍ය වන සැලැස්මක් ට්‍රම්ප් යෝජනා කරනු ඇති බව පුවත්පත අනාවැකි පල කරනු කරයි.
එම භූමිය පවරා දීමට හිලව් වශයෙන් , ක්‍රෙම්ලිනය වෙනත් තැන්වල වත්මන් ඉදිරි පෙළ දිගේ සිදුවන ප්‍රහාර නැවැත්වීමට එකඟ වනු ඇති බවද පුවත්පත පවසයි.
සෙලෙන්ස්කි මොස්කව් වෙත කිසිදු භූමි කොටසක් ලබා දීම නැවත නැවතත් ප්‍රතික්ෂේප කර ඇත.
ඇලස්කා සමුළුවෙන් පසුව, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ, ජර්මනියේ, ඉතාලියේ, ෆින්ලන්තයේ, පෝලන්තයේ සහ යුරෝපා සංගමයේ නායකයින් “යුරෝපීය සහාය ඇතිව ත්‍රෛපාර්ශ්වික සමුළුවක් සඳහා ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති සෙලෙන්ස්කි සමඟ වැඩ කිරීමට” ඔවුන්ගේ සූදානම ප්‍රකාශ කරමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ.
ක්‍රෙම්ලිනයේ සහායක යූරි උෂාකොව් මීට පෙර සඳහන් කළේ රුසියාව සහ එක්සත් ජනපදය තවමත් පුටින්, ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා කර නොමැති බවයි.
යුක්රේන ගැටුම සම්බන්ධයෙන් මොස්කව් සමඟ සාකච්ඡා කරන අතරතුර යුරෝපය කියෙව්ට වැඩි වැඩියෙන් සහාය දීම හෝ වොෂින්ටනයට බලපෑම් කිරීම නතර කළ යුතු බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ෆොක්ස් බිස්නස් වෙත බ්‍රහස්පතින්දා(14) පැවසීය.
Trump plans White House meeting with Zelensky and European leaders – NYT
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්