News Category
From Date
To Date
Maximum Number of Result

චීනය ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැඳවා, යසුකුනි සංචාර මධ්‍යයේ යුද කාලීන ඉතිහාසයට මුහුණ දෙන ලෙස ටෝකියෝව පොළඹවයි..

Aug 16, 2025 at 08:21 AM
|

චීනය ඊයේ(15) බීජිං නුවර රඳි සිටින ජ්‍යෙෂ්ඨ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු කැඳවා, දෙවන ලෝක යුද්ධයේදී (WWII) ජපානය කොන්දේසි විරහිතව යටත් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් ජපානයේ යුද්ධයට සම්බන්ධ යසුකුනි සිද්ධස්ථානයට ජපන් දේශපාලඥයන් කළ සංචාර සම්බන්ධයෙන් ජපානයට cඊනයේ දැඩි විරෝදය එල්ල කළේය.

එසේම ඊයේ(15),ජපානයේ සිටින චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා සහ ජපානයේ චීන තානාපති කාර්යාලය, ආක්‍රමණශීලීත්වය උත්කර්ෂයට නැංවීමට, ආක්‍රමණය ප්‍රතික්ෂේප කිරීමට, ඉතිහාසය විකෘති කිරීමට සහ යුද අපරාධකරුවන්ට සුදු හුනු ගෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ජපානයේ සිටින ඇතැම් බලවේග හෙළා දුටු අතර, එවැනි පියවර "අතිශයින්ම පිළිකුල් සහගත සහ ස්වයං-නින්දා සහගත" ලෙසද හැඳින්වීය.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය කොන්දේසි විරහිතව යටත් වීමේ සංවත්සරය සැමරෙන මොහොතේදී ජපන් දේශපාලන චරිත කිහිපයක් කුප්‍රකට යුද්ධයට සම්බන්ධ ජපානයේ යසුකුනි සිද්ධස්ථානයට පැමිණීම හෝ සිද්ධස්තානය වෙත පූජා යැවීමත් සමඟ චීනය සිය දේශපාලන ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම සිදුකරනු ලැබීය.

චීනයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

චීන විදේශ අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලියු ජින්සොං, ඊයේ(15) චීනයේ ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාඉයා වන යොකොචි අකිරා කැඳවා, ජපන් දේශපාලනඥයින් කුප්‍රකට සිද්ධස්ථානයට කළ සංචාර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඉදිරිපත් කළ බව චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊයේ(15)පැවති දසවන ලැන්කැන්ග්-මෙකොං සහයෝගීතාවයේ (LMC) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින්, ආක්‍රමණශීලීත්වය උත්කර්ෂයට නැංවීමට සහ යුද අපරාධකරුවන්ට සුදු හුනු ගෑමට ගන්නා පියවර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට, පශ්චාත් යුධ ජාත්‍යන්තර පිළිවෙලට, මානව හෘද සාක්ෂියට සහ දෙවන ලෝක යුද්ධයේ සියලුම ජයග්‍රාහී රටවල ජනතාවට අභියෝගයක් බව පැවසීය.

"ඉතිහාසයට මුහුණ දීමෙන් පමණක් රටකට ගෞරවය ලබා ගත හැකිය, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීමෙන් පමණක් අනාගතය වැළඳ ගත හැකි අතර, අතීතය මතක තබා ගැනීමෙන් පමණක් අතීත වැරදි නැවත නැවත කිරීමෙන් වළක්වා ගත හැකිය. ජපානය නිවැරදි තේරීමක් කරන ලෙස අපි ඉල්ලා සිටිමු," වැන්ග් පැවසීය.

ජපානයේ චීන තානාපති කාර්යාලය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, යසුකුනි සිද්ධස්ථානය කෙරෙහි ජපන් නායකයින් සහ දේශපාලනඥයින් දක්වන ගෞරවය නැවත වරක් ජපානයේ ආක්‍රමණශීලී ඉතිහාසය කෙරෙහි ඇති වැරදි ආකල්පය හෙළි කරන බවත්, මිලිටරිවාදයේ අවතාරය තවමත් පවතින බවත් පෙන්නුම් කරන බවයි. මෙය එහි ආසියානු අසල්වැසියන්ගේ සහ පුළුල් ජාත්‍යන්තර ප්‍රජාවේ ජපානය අනුගමනය කරන දේශපාලන දිශානතිය පිළිබඳ කනස්සල්ල සහ සැකයන් තවදුරටත් ඉහළ නංවා ඇති බවයි.

2025 වසර ජපන් ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධක යුද්ධයේ සහ ෆැසිස්ට්වාදයට එරෙහි ගෝලීය සටනේ චීනය ලැබූ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සමරණ වර්ෂයයි. ඉතිහාසය නිවැරදිව අවබෝධ කර ගැනීම ජපානයේ පශ්චාත් යුධ සමය ජාත්‍යන්තර ප්‍රජාවට නැවත ඒකාබද්ධ වීමට, අසල්වැසියන් සමඟ සබඳතා පැවැත්වීමට සහ සාමකාමී සංවර්ධනය සඳහා එහි කැපවීම ඔප්පු කිරීම අත්‍යවශ්‍ය බව චීන විදෙශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

"ජපානය සිය ආක්‍රමණශීලී ඉතිහාසයට මුහුණ දී ඒ සම්බන්ධයෙන් මෙනෙහි කරන ලෙසත්, යසුකුනි සිද්ධස්ථානය වැනි කරුණු සම්බන්ධයෙන් විචක්ෂණශීලීව අදහස් දක්වන ලෙසත්, ක්‍රියා කරන ලෙසත්, මිලිටරිවාදයෙන් පිරිසිදු බිඳීමක් කරන ලෙසත්, සාමකාමී සංවර්ධනය සඳහා කැපවී සිටින ලෙසත්, සංයුක්ත ක්‍රියාමාර්ග හරහා එහි ආසියානු අසල්වැසියන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගන්නා ලෙසත් අපි ජපානයෙන් ඉල්ලා සිටිමු." ප්‍රකාශකයා පැවසීය.

දක්ෂිණාංශික බලවේගවල සෙවනැල්ල

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඊයේ(15) යසුකුනි සිද්ධස්ථානයට චාරිත්‍රානුකූල පූජාවක් පිරිනැමූ අතර, එය "ඔහුගේ පක්ෂයේ ගතානුගතික ආධාරක පදනම සතුටු කිරීම අරමුණු කරගත් පියවරක් බව පෙනී යනවා." කියෝඩෝ නිවුස් වාර්තා කළේය.

කෙසේ වුවද එදිනම ජපානයේ ජාතික අනුස්මරණ උත්සවයේදී, ජපානය යටත් වීමෙන් වසර 80 ක් සාමය සඳහා තම ලුහුබැඳීම දිගටම කරගෙන යන බැවින් දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් තම "පසුතැවිල්ල" "මතකයේ තබා ගන්නා" බව ඉෂිබා පැවසීය, දශකයකට වැඩි කාලයක් තුළ එම යෙදුම භාවිතා කළ පළමු අගමැති බවට පත් වූ බව ජපානයේ කියෝඩෝ නිවුස් වාර්තා කළේය.

කෙසේ වෙතත්, චීන විශේෂඥයින් සඳහන් කළේ ඉෂිබාගේ පරිපාලනය 80 වන සංවත්සරය සනිටුහන් කරමින් නිල ප්‍රකාශයක් නිකුත් නොකිරීමෙන් ඔහුගේ පෞද්ගලික අදහස් නිකුත් කිරීමට පමණක් පෙළෙඹුනු බවත්, සමහර කැබිනට් සාමාජිකයින් ජපානයේ දක්ෂිණාංශික ගතානුගතික බලවේගවල දැඩි ප්‍රතිරෝධයට අනුගතවීම පිළිබිඹු කරන පියවරක් ලෙස සැලකෙන කුප්‍රකට යසුකුනි සිද්ධස්ථානයට ගිය බවත්ය.

උත්සවයේදී, ඉෂිබා සඳහන් කළේ දෙවන ලෝක යුද්ධයෙන් වසර 80 ක් ගතවී ඇති බවත්, අද ජීවත්ව සිටින බොහෝ දෙනෙකුට එය කිසිදා අත්විඳ නැති බවත්ය. "අපි කිසි විටෙකත් යුද්ධයේ විනාශය නැවත නොකළ යුතුයි. ගත යුතු මාර්ගය තෝරා ගැනීමේදී අපි කිසි විටෙකත් වැරැද්දක් නොකරමු. එම යුද්ධයෙන් පසු ඇති වූ පසුතැවිල්ල සහ පාඩම් නැවත වරක් අපගේ හදවත් තුළ ගැඹුරින් කැටයම් කළ යුතුයි." ඔහු පැවසීය.

කෙසේ වුවද, කියෝඩෝ පුවත් සේවය පවසා සිටියේ ඉෂිබා - ඔහුගේ මෑත කාලීන පූර්වගාමීන් මෙන් - ජපානයේ යුද කාලීන ආක්‍රමණ හෝ ආසියාව පුරා ඇති කළ දුක් වේදනා සෘජුවම පිළිගැනීමෙන් වැළකී සිටි බවයි.

15 ද, ජපාන ගොවිපල අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි සහ මුදල් අමාත්‍ය කට්සුනොබු කැටෝ යසුකුනි සිද්ධස්ථානයට ගිය අතර, ඉෂිබා ජපානයේ බලයට පත්වීමෙන් පසු එසේ කළ පළමු කැබිනට් අමාත්‍යවරුන් බවට පත්විය. හිටපු ආර්ථික ආරක්ෂක අමාත්‍යවරුන් වන සනේ ටකයිචි සහ ටකායුකි කොබයාෂි ද දේවස්ථානයේ සිටි බව කියෝඩෝ පුවත් සේවය පවසයි.

ඊයේ(15) උදෑසන යසුකුනි සිද්ධස්ථානයේදී, ග්ලෝබල් ටයිම්ස් විශේෂ වාර්තාකරුවෙකු මීටර් සිය ගණනක් දිගට විහිදී ඇති වීදි පෙළ ගැසී සිටින ජපන් දක්ෂිණාංශික කණ්ඩායම් විශාල වශයෙන් එක්රැස් වන ආකාරය නිරීක්ෂණය කළේය. බාධක සහ බැනර් සවි කර ඇති මෙම කණ්ඩායම්වලට අයත් වාහන මාර්ගය දෙපස නවතා තිබූ අතර, එමඟින් ශක්තිමත් මිලිටරිවාදී හැඩයක් විද්‍යාමාන විය.

යසුකුනි සිද්ධස්ථානය අසල කුඩාන්ෂිටා දුම්රිය ස්ථානයෙන් පිටතට ගිය පසු, වාර්තාකරුට චීන විරෝධී වාචාල කතා ප්‍රවර්ධනය කරන, පුවරු අල්ලාගෙන සිටිමින් ඇතැම් දක්ෂිණාංශික දේශපාලනඥයන් පැමිණෙන තෙක් බලා සිටින කණ්ඩායම් ඇතුළු දක්ෂිණාංශික ක්‍රියාකාරීන් පිරිසක් හමු විය.

යසුකුනි සිද්ධස්ථානය නැරඹීමට පැමිණි කණ්ඩායම් අතර, සමහරු ජාතිකවාදී සටන් පාඨ සහිත පුවරු අතැතිව සිටි අතර, තවත් සමහරු හිටපු අධිරාජ්‍ය ජපන් හමුදාවේ හෝ කමිකාසේ නියමුවන්ගේ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ඇඳ සිටියහ. දක්ෂිණාංශික ප්‍රාදේශීය නීති සම්පාදකයින් කිහිප දෙනෙකු ද මෙම සංචාරවලට එක් වූ බව ග්ලෝබල් ටයිම්ස් විශේෂ වාර්තාකරු සඳහන් කළේය.

හයිලොන්ජියැං පළාත් සමාජ විද්‍යා ඇකඩමියේ ඊසානදිග ආසියානු අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ඩා ෂිගැන්ග් ග්ලෝබල් ටයිම්ස් වෙත පැවසුවේ ඉෂිබා "පසුතැවීම" යන යෙදුම භාවිතා කළද, ඔහුගේ ප්‍රකාශ තවමත් ජපානයේ ආක්‍රමණශීලී අතීතය ගැන මග හරින බවත්, ඔහු සිද්ධස්ථානයට පූජා කිරීම, කැබිනට් සාමාජිකයින්ගේ සංචාර සහ අනෙකුත් ආසියානු ජාතීන්ට එරෙහිව ජපානයේ ආක්‍රමණශීලීත්වයට සමාව අයැදීමක් නොමැතිකම ජපානයේ වඩ වඩාත් ගතානුගතික දේශපාලන වාතාවරණය හෙළි කළ බවත්ය.

ඉෂිබාගේ අදහස් නිල යුද සංවත්සර ප්‍රකාශයක් නොවන බවත්, දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ 80 වන සංවත්සරය පිළිබඳව ඉෂිබාට ඔහුගේ අදහස නිකුත් කිරීමට තවමත් කාලරාමුවක් නොමැති බවත් ඩා සඳහන් කළේය.

චීන ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සහකරුවෙකු වන ෂියැං හඕයු පැවසුවේ ඉෂිබාගේ කතාව ඉතිහාසය පිළිබඳ සාපේක්ෂව පැහැදිලි පෞද්ගලික දැක්මක් පෙන්වීමට උත්සාහ කළ නමුත් දේශීය දේශපාලන පීඩනය හෝ පෞද්ගලික තේරීම හේතුවෙන් ජපානයේ යුද කාලීන වගකීම් ආමන්ත්‍රණය කිරීමේදී වචන සහ ප්‍රකාශනය දුර්වල වූ බවයි.

යුද කාලීන ආක්‍රමණ සඳහා ජපානයේ වගකීම ඉෂිබා පිළි නොගත් බවත්, ආක්‍රමණයට ලක් වූ සහ හානි වූ ආසියානු ජාතීන්ට සහ ඔවුන්ගේ ජනතාවට සමාව අයැදීම හෝ පසුතැවීම වෙනුවට නිහඬතාවයේ මොහොතක් සමඟ ජපානය "යුද්ධයේ අවසානය" ලෙස දිනය සනිටුහන් කරන බවත් ෂියැං සඳහන් කළේය.

ජපානයේ ආක්‍රමණයෙන් පීඩා විඳි ජපානයේ ආසියානු අසල්වැසියන්ට ඔහුගේ දේශනය ප්‍රමාණවත් නොවන බවත්, ඉතිහාසය පිළිබඳ ප්‍රතිගාමී සංජානනයක් සහ තමන් ගොදුරක් ලෙස නිරූපණය කිරීමේ ප්‍රවණතාවක් ඇති ජපානයේ දේශපාලනයේ භයානක ගතානුගතික වෙනසක් පිළිබිඹු කරන බවත් ෂියැං පැවසීය.

ජපානයේ, සමහර පුරවැසියන් ද ඉතිහාසය පිළිබඳ එවැනි විකෘති අදහස්වලට විරුද්ධ විය. ග්ලෝබල් ටයිම්ස් විශේෂ වාර්තාකරු දුටුවේ දුසිම් ගනනක් ජනතාව සංඥා සහ සටන් පාඨ සමඟ වීදි හරහා ගමන් කරමින්, ජපාන රජයට එහි ආක්‍රමණශීලී ක්‍රියාවන්ට මුහුණ දෙන ලෙස ඉල්ලා සිටිමින් සහ කැබිනට් සාමාජිකයින් සහ නීති සම්පාදකයින් කිසි විටෙකත් යසුකුනි සිද්ධස්ථානයට නොයා යුතු බව ප්‍රකාශ කළේය. පොලිසිය පාගමන ආරම්භ වීමට පෙර අවහිර කිරීමට උත්සාහ කළ අතර, එය දෙපාර්ශ්වය අතර සුළු ගැටුමකටද තුඩු දුන්නේය.

1910-45 ජපානයේ යටත් විජිත පාලනයෙන් කොරියානු අර්ධද්වීපය නිදහස් වීමේ 80 වන සංවත්සරය සනිටුහන් කරමින් දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සිය කතාවේදී මෙසේ පැවසීය, "ජපාන රජය අපගේ වේදනාකාරී ඉතිහාසයට සෘජුවම මුහුණ දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. අපගේ රටවල් දෙක අතර විශ්වාසය පවත්වා ගැනීමට උත්සාහ කරනවා," යොංහැප් ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.

ජපානය දැන් තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව ඩා පැවසීය. පශ්චාත් යුධ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කිරීම, දෙවන ලෝක යුද්ධ ඉතිහාසය පිළිබඳ නිවැරදි දැක්මක් පවත්වා ගැනීම සහ එය වරක් ආක්‍රමණය කළ රටවල් කෙරෙහි වගකිවයුතු පරාවර්තනයක් පෙන්වීම හෝ එහි ආක්‍රමණශීලීත්වය අවතක්සේරු කරන හෝ ප්‍රතික්ෂේප කරන ඓතිහාසික සංශෝධනවාදය වැළඳ ගැනීම එම සන්ධිස්ථානය බව ඔහු පැවසීය. "ජපානයට තවමත් ඓතිහාසික ගැටළු සම්බන්ධයෙන් බොහෝ දුර යා යුතුව ඇති අතර, ඉතිහාසය පිළිබඳ නිවැරදි දැක්මක් පවත්වා ගැනීමට සංයුක්ත පියවර අවශ්‍ය වේ." ඩා පැවසීය.

https://www.globaltimes.cn/page/202508/1340984.shtml

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.