එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි මදුරෝ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ජගත් අධිරාජ්‍ය විරෝධී සංවිධාන වලින් දැඩි විරෝධය
ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු ශාඛාව සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මෙන්ම ලතින් ඇමරිකානු සහ කැරිබියානු කළාපයේ දේශපාලන, සමාජීය, වෘත්තීය සමිති සහ සංස්කෘතික නායකයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ පිළිබඳව නිවැරැදි තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පිරිනමන බවට එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි විසින් නිකුත් කරන ලද නිවේදනයට දැඩි විරෝධය පාමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
එහිදී ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු ශාඛාව සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මගින්, එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි විසින් නිකුත් කරන ලද ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි. එම ප්‍රකාශය මගින්, වොෂින්ටනය නැවත වරක් බොලිවේරියානු වෙනිසියුලානු ජනරජයේ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාහට අහිතකර මහජන මතයක් ගොඩ නැගීමේ වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරයි.
"මෙම කෲර සහ දුෂ්ට ප්‍රකාශ සමඟ, මෑත ඉතිහාසයේ වෙනත් තැන්වල සහ වෙනත් කාලවලදී සිදු කර ඇති පරිදි, වෙනිසියුලානු භූමියේ අධිරාජ්‍ය මැදිහත්වීම සාධාරණීකරණය කිරීම සඳහා ව්‍යාජ නීතිමය හේතු ස්ථාපිත කිරීමට උත්සාහ කරන භයානක පූර්වාදර්ශයක් නැවත වරක් සකසා ඇත.
පසුගිය මාසවලදී, බොලිවේරියානු විප්ලවයට එරෙහි ප්‍රහාර තීව්‍ර වීමක් අපි නිරීක්ෂණය කළෙමු. වෙනිසියුලාවේ පමණක් නොව, ධවල මන්දිරයේ සහ ගෝලීය බටහිර ධනපති පන්තියේ සැලසුම්වලට පටහැනිව තීරණ ගන්නා ඕනෑම ස්වෛරී රාජ්‍යයකට එරෙහිව සාවද්‍ය තොරතුරු නිෂ්පාදනාගාර පැය 24 පුරාම පොදු ජනටාව අතර කාංසාව ජනනය කිරීමට ක්‍රියා කරයි.
චෝදනා සහ තර්ජන නිකුත් කරන මෙම ක්‍රියාකාරීන්ම ඊශ්‍රායල රාජ්‍යය විසින් ගාසා තීරයේ සිදු කරන ලද ජන සංහාරය නිහඬ කිරීමට උත්සාහ කරන අයුරු අපි අත් වීන්දිමින් සිටින්නෙමු. ගාසා තීරයේ අහිංසක ජීවිත විනාශ කළ හැකි වන පරිදි හමුදා උපකරණ යවන්නේද මෙම අනුකම්පා විරහිත බලවේග නියෝජනය කරන ඔවුන්මය. මෙම පිරිස අන්තර්ජාතික ප්‍රාග්ධනයට සම්බන්ධ විශාල මාධ්‍ය සංස්ථා වල හිමිකරුවන් වන අතර මෙලෙස ගාසා තීරයේ මෙහෙයුම් වලට ආධාර අනුබල දීම මගින් බටහිර මිලිටරි-කාර්මික සංකීර්ණයට අරමුදල් සපයනු ලබයි.
මෙම නව ආක්‍රමණය හමුවේ, ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පරිච්ඡේදය සහ ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය, බොලිවාර්ගේ සහ චාවේස්ගේ පුත්‍රයන් වන නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාට ඇතුළු වෙනිසියුලානු ජනතාවට සහය දැක්වීම සඳහා එක හඬින් නැගී සිටිමු." යනුවෙන් එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසයි.
ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු දේශපාලන, සමාජීය, වෘත්තීය සමිති සහ සංස්කෘතික නායකයින්ගේ ප්‍රකාශය මගින් ජනාධිපති නිකොලස් මදුරෝ මොරොස් වෙත සහයෝගීතාවය පල කරන බව අවධාරණය කරයි.
එම ප්‍රකාශය මගින් වැඩිදුරටත්, නෛතික පදනමක් නොමැති ක්‍රියාවකින් සහ ජාත්‍යන්තර නීතිය විවෘතව උල්ලංඝනය කරමින්, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ව්‍යවස්ථාපිත ජනාධිපති නිකොලස් මදුරෝ මොරොස් අත් අඩංගුවට ගැනීම සඳහා ඩොලර් මිලියන ගණනක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ එක්සත් ජනපද නීතිපති පැමෙලා බොන්ඩිගේ මෑත කාලීන ප්‍රකාශයන් දැඩි ලෙස හෙළා දකින බව අවධාරණය කරයි.
පැමෙලා බොන්ඩිගේ ප්‍රකාශය වෙනිසියුලාවේ ස්වෛරීභාවය, කලාපීය සාමය සහ මැදිහත් නොවීමේ මූලික මූලධර්මවලට සෘජු ප්‍රහාරයක් වන බවත් අධිරාජ්‍යවාදීන්ගේ අනේක විධ පීඩනයන්ට එරෙහිව තම ස්වාධීනත්වය ආරක්ෂා කරන සියලුම ජනතාවට සහ රජයන්ට බරපතල තර්ජනයක් සපයන බවත් එම ප්‍රකාශය අවධාරණය කරයි.
"ස්වයං නිර්ණය සඳහා තම කැමැත්ත යටපත් කිරීමට අසාර්ථක උත්සාහයක් දරන ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් දරන රටකින් එල්ලවූ ප්‍රහාරයට ගෞරවාන්විතව ප්‍රතිරෝධය දැක්වූ ජනාධිපති නිකොලස් මධුරෝ සහ වෙනිසියුලානු ජනතාව සමඟ අපගේ ක්‍රියාකාරී සහයෝගීතාවය පෙළ ගැසෙන බව අපි නැවත අවධාරණය කරමු.
වෙනිසියුලාව තනි නොවන බව නැවත තහවුරු කරමින්, අවදියෙන් සිටින ලෙසත්, මෙම කෝපයට එරෙහිව පෙළ ගැසෙන ලෙසත්, ජනතාවගේ එකමුතුකම සැමවිටම ආධිපත්‍යය දැරීමේ ඕනෑම උත්සාහයකට එරෙහිව හොඳම ආරක්ෂාව වනු ඇති බවත් නැවත තහවුරු කරමින්, අපි ජාතීන්ගෙන්, සමාජ ව්‍යාපාරවලින් සහ කලාපයේ ක්‍රියාකාරී බලවේගවලින් ඉල්ලා සිටිමු.
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් වෙනත් රටක රැකවරණය හෝ තර්ජන පිළිගන්නේ නැත. අපගේ ජනතාවට ආත්ම ගෞරවය මිල කළ නොහැකි දෙයකි." යනුවෙන් එම නිවේදනය වැඩිදුරටත් පවසයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්