එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි මදුරෝ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ජගත් අධිරාජ්‍ය විරෝධී සංවිධාන වලින් දැඩි විරෝධය
ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු ශාඛාව සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මෙන්ම ලතින් ඇමරිකානු සහ කැරිබියානු කළාපයේ දේශපාලන, සමාජීය, වෘත්තීය සමිති සහ සංස්කෘතික නායකයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ පිළිබඳව නිවැරැදි තොරතුරක් සපයන්නෙකුට ඩොලර් මිලියන 50ක ත්‍යාගයක් පිරිනමන බවට එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි විසින් නිකුත් කරන ලද නිවේදනයට දැඩි විරෝධය පාමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
එහිදී ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු ශාඛාව සහ ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය මගින්, එක්සත් ජනපදයේ නීතිපති පැම් බොන්ඩි විසින් නිකුත් කරන ලද ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි. එම ප්‍රකාශය මගින්, වොෂින්ටනය නැවත වරක් බොලිවේරියානු වෙනිසියුලානු ජනරජයේ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාහට අහිතකර මහජන මතයක් ගොඩ නැගීමේ වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරයි.
"මෙම කෲර සහ දුෂ්ට ප්‍රකාශ සමඟ, මෑත ඉතිහාසයේ වෙනත් තැන්වල සහ වෙනත් කාලවලදී සිදු කර ඇති පරිදි, වෙනිසියුලානු භූමියේ අධිරාජ්‍ය මැදිහත්වීම සාධාරණීකරණය කිරීම සඳහා ව්‍යාජ නීතිමය හේතු ස්ථාපිත කිරීමට උත්සාහ කරන භයානක පූර්වාදර්ශයක් නැවත වරක් සකසා ඇත.
පසුගිය මාසවලදී, බොලිවේරියානු විප්ලවයට එරෙහි ප්‍රහාර තීව්‍ර වීමක් අපි නිරීක්ෂණය කළෙමු. වෙනිසියුලාවේ පමණක් නොව, ධවල මන්දිරයේ සහ ගෝලීය බටහිර ධනපති පන්තියේ සැලසුම්වලට පටහැනිව තීරණ ගන්නා ඕනෑම ස්වෛරී රාජ්‍යයකට එරෙහිව සාවද්‍ය තොරතුරු නිෂ්පාදනාගාර පැය 24 පුරාම පොදු ජනටාව අතර කාංසාව ජනනය කිරීමට ක්‍රියා කරයි.
චෝදනා සහ තර්ජන නිකුත් කරන මෙම ක්‍රියාකාරීන්ම ඊශ්‍රායල රාජ්‍යය විසින් ගාසා තීරයේ සිදු කරන ලද ජන සංහාරය නිහඬ කිරීමට උත්සාහ කරන අයුරු අපි අත් වීන්දිමින් සිටින්නෙමු. ගාසා තීරයේ අහිංසක ජීවිත විනාශ කළ හැකි වන පරිදි හමුදා උපකරණ යවන්නේද මෙම අනුකම්පා විරහිත බලවේග නියෝජනය කරන ඔවුන්මය. මෙම පිරිස අන්තර්ජාතික ප්‍රාග්ධනයට සම්බන්ධ විශාල මාධ්‍ය සංස්ථා වල හිමිකරුවන් වන අතර මෙලෙස ගාසා තීරයේ මෙහෙයුම් වලට ආධාර අනුබල දීම මගින් බටහිර මිලිටරි-කාර්මික සංකීර්ණයට අරමුදල් සපයනු ලබයි.
මෙම නව ආක්‍රමණය හමුවේ, ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පරිච්ඡේදය සහ ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය, බොලිවාර්ගේ සහ චාවේස්ගේ පුත්‍රයන් වන නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාට ඇතුළු වෙනිසියුලානු ජනතාවට සහය දැක්වීම සඳහා එක හඬින් නැගී සිටිමු." යනුවෙන් එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසයි.
ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු දේශපාලන, සමාජීය, වෘත්තීය සමිති සහ සංස්කෘතික නායකයින්ගේ ප්‍රකාශය මගින් ජනාධිපති නිකොලස් මදුරෝ මොරොස් වෙත සහයෝගීතාවය පල කරන බව අවධාරණය කරයි.
එම ප්‍රකාශය මගින් වැඩිදුරටත්, නෛතික පදනමක් නොමැති ක්‍රියාවකින් සහ ජාත්‍යන්තර නීතිය විවෘතව උල්ලංඝනය කරමින්, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ව්‍යවස්ථාපිත ජනාධිපති නිකොලස් මදුරෝ මොරොස් අත් අඩංගුවට ගැනීම සඳහා ඩොලර් මිලියන ගණනක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ එක්සත් ජනපද නීතිපති පැමෙලා බොන්ඩිගේ මෑත කාලීන ප්‍රකාශයන් දැඩි ලෙස හෙළා දකින බව අවධාරණය කරයි.
පැමෙලා බොන්ඩිගේ ප්‍රකාශය වෙනිසියුලාවේ ස්වෛරීභාවය, කලාපීය සාමය සහ මැදිහත් නොවීමේ මූලික මූලධර්මවලට සෘජු ප්‍රහාරයක් වන බවත් අධිරාජ්‍යවාදීන්ගේ අනේක විධ පීඩනයන්ට එරෙහිව තම ස්වාධීනත්වය ආරක්ෂා කරන සියලුම ජනතාවට සහ රජයන්ට බරපතල තර්ජනයක් සපයන බවත් එම ප්‍රකාශය අවධාරණය කරයි.
"ස්වයං නිර්ණය සඳහා තම කැමැත්ත යටපත් කිරීමට අසාර්ථක උත්සාහයක් දරන ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් දරන රටකින් එල්ලවූ ප්‍රහාරයට ගෞරවාන්විතව ප්‍රතිරෝධය දැක්වූ ජනාධිපති නිකොලස් මධුරෝ සහ වෙනිසියුලානු ජනතාව සමඟ අපගේ ක්‍රියාකාරී සහයෝගීතාවය පෙළ ගැසෙන බව අපි නැවත අවධාරණය කරමු.
වෙනිසියුලාව තනි නොවන බව නැවත තහවුරු කරමින්, අවදියෙන් සිටින ලෙසත්, මෙම කෝපයට එරෙහිව පෙළ ගැසෙන ලෙසත්, ජනතාවගේ එකමුතුකම සැමවිටම ආධිපත්‍යය දැරීමේ ඕනෑම උත්සාහයකට එරෙහිව හොඳම ආරක්ෂාව වනු ඇති බවත් නැවත තහවුරු කරමින්, අපි ජාතීන්ගෙන්, සමාජ ව්‍යාපාරවලින් සහ කලාපයේ ක්‍රියාකාරී බලවේගවලින් ඉල්ලා සිටිමු.
ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් වෙනත් රටක රැකවරණය හෝ තර්ජන පිළිගන්නේ නැත. අපගේ ජනතාවට ආත්ම ගෞරවය මිල කළ නොහැකි දෙයකි." යනුවෙන් එම නිවේදනය වැඩිදුරටත් පවසයි.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..