වෙනිසියුලාවේ මුහුදු සීමා ආසන්නයට අමෙරිකානු යුද නැව් රැගෙන ඒම හෙලා දකිමු! - ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය
වෙනිසියුලාවේ මුහුදු සීමා ආසන්නයට අමෙරිකානු යුද නැව් රැගෙන ඒම හෙලා දකින බව ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
එම නිවේදනය පහළින්..
වෙනිසියුලාවේ මුහුදු සීමා ආසන්නයට අමෙරිකානු යුද නැව් රැගෙන ඒම හෙලා දකිමු!
අමෙරිකා එක්සත් ජනපදය 2020 මාර්තු මස 26 වන දින නිවේදනයක් නිකුත් කරමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ පිළිබඳව නිවැරදි තොරතුරක් සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 15ක් ලබා දෙන බව නිවේදනය කළේය. ඒ වෙනිසියුලානු ජනාධිපතිවරයා එක්සත් ජනපද මත්ද්‍රව්‍ය නීති උල්ලංඝනය කිරීම යන චෝදනාව නගමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළේ 2020 වර්ෂයේදී අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් වෙනිසියුලාවට ආර්ථික සම්බාධක පනවමින් අමෙරිකානු හිතැති පුද්ගලයෙකු වෙනිසියුලාවේ බලයට පත් කිරීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුවය. වෙනිසියුලාවේ 2024 වර්ෂයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් නිකොලොස් මදුරෝ විශිෂ්ඨ ජයක් ලබා ජයග්‍රහණය කළේය. ඔහු නව ජනාධිපතිවරයා ලෙස පත්වන දිනයේදීම එනම් 2025 ජනවාරි 10 වෙනිදා අමෙරිකාව, මදුරෝ සම්බන්ධයෙන් ලබා දෙන නිවැරදි ඔත්තුවකට ලබාදෙන ත්‍යාග මුදල ඩොලර් මිලියන 25 දක්වා ඉහළ දැමීය. එහෙත් වෙනිසියුලානු ජනතාව මදුරෝගේ නායකත්වය අනුමත කරමින් 2025 මැයි මාසයේ පැවැත්වූ මහමැතිවරණයෙන් මදුරො නායකත්වය ලබාදෙන වෙනිසියුලාවේ එක්සත් සමාජවාදී පක්ෂයේ ජය ඉහලින්ම තහවුරු කිරීමට කටයුතු කළෝය. අමෙරිකානු අභිලාශයන් ඉෂ්ඨ නොවන පාලනයක් වෙනිසියුලාවේ ස්ථාපිත්ත වන බව වටහා ගත් අමෙරිකානු අධිරාජ්‍යවාදියා නැවත වතාවක් මදුරෝ වෙනුවෙන් ලබා දෙන ඔත්තුවකට ඩොලර් මිලියන 50ක් දක්වා ඉහළ දැමූ ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළේය.
මෙතරම් දිගු කාලයක සිට වෙනිසියුලානු ජනාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු යන චෝදනාව නගමින් අමෙරිකානු සුරතෙලෙකු වෙනිසියුලාවේ බලයට ගෙන ඒමට නොහැකි වීමත් ඉදිරියේදී එය කෙසේවත් නොහැකි බව තහවුරුවීමත් සමඟ අමෙරිකානු අධිරාජ්‍යවාදියාගේ සුපුරුදු සෙල්ලම හෙවත් බාහු බලය පෙන්වීමට මුල පුරා ඇත. ඒ අනුව කැරිබියානු මුහුදේ වෙනිසියුලාවට ආසන්නයේ සෙබළුන් 4000කින් සමන්විත යුද නැව් තුනක් ස්ථානගත කර තිබේ.
සමාජවාදී සෝවියට් රුසියාව බිඳ වැටීමෙන් පසුව ඒක ද්‍රැවීය දේශපාලන ලෝකය තුළ අමෙරිකාව විවිද චෝදනා එල්ල කරමින් විවිධරටවල ශතිමත් දේශපාලන නායකත්වයන් ඉලක්ක කර පළමුව අවලාද එල්ල කර දෙවනුව අවි බලය යොදවා විනාශ කරනු ලැබීය. ඒ අතරින් ඉරාකයේ සහ ලිබියාවේ අත්දැකීම ලෝක ජනයාගේ මනසින් තවම පහව ගොස් නැත. නමුත් අමෙරිකානු අධිරාජ්‍යවාදියා අමතක කරන්නට උත්සහා කරන්නේ ලෝකය ඒක ද්‍රැවීය ලෝකයක සිට බහු ද්‍රැවීය ලෝකයකට මාරු වෙමින් පවතින බවයි. එම අමතක වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට අත පෙවීමට ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන තවමත් ගතවී ඇත්තේ යන්තම් මාසයක් පමණි.
යුක්රේනයේදිද අපේක්ෂිත අරමුණු ළඟා කර ගත නොහැකිව ඇති බව දේශපාලනයේ හෝඩිය දන්න ඕනෑම අයෙකුට වැටහේ. නැගී එන බහුද්‍රැවීය ලෝකයේ රටවල් ඉලක්ක කරගනිමින් අරඹා ඇති තීරු බදු උද්ධයද අමෙරිකානු අධිරාජ්‍යාට පාරාවලල්ලක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ අනුව අප අවධාරණය කරන්නේ අමෙරිකාවේ මුව විටේම තිබෙන ලෝක අධිරාජ්‍යවිරෝධී බල කඳවුරේ ප්‍රතාපවත් නායකයෙකු වූ ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයා මරා දැමීමට 637ත් වතාවක් උත්සහා කරමින් වසර 60 ක් තිස්සේ අසීමිත සම්බාධක පනවමින් විනාශ කළ නොහැකි වූ කියුබාව අදටත් ලෝක ජනයාගේ ගෞරවාදරයට පත් වී තිබෙන රටක්ව වැජඹෙන බවයි. කියුබාවේ ආරක්ෂාවට ඇත්තේ බලවත් අවි ආයුද නොව ලොව පුරා විසිරී සිටින මානව පලිහකි. වෙනිසියුලාව සතුව ලොව ලොකුම ඛනිජ තෙල් සම්පත පවතී. එලෙසම ෆිදෙල් කස්ත්‍රෝ වරක් පැහැදිලිව පැවසුවාක් මෙන් නව අධිරාජ්‍ය විරෝධී සටනේ පාඩම් ඉගෙන ගැනීමට ඇත්තේ වෙනිසියුලාවෙනි. ඒ අනුව කියුබාවට මෙන්ම වෙනිසියුලාවේ ආරක්ෂාවටද ලොව පුරා අධිරාජ්‍යවිරෝධී ජනයා පෙරට එමින් වෙනිසියුලාවේ ආරක්ෂාවට මානව පලිහක් ගොඩ නැගෙමින් පවතී. එනිසා වත්මන් ජනපති අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස බලයට පත් වීමට පෙර ඔහු පත්වුවහොත් ලෝකයේ තවත් යුද්ධ ඇතිවන්නේ නැති බවට ලෝක ජනයා තුළ විශ්වාසය තහවුරු වන ලෙස කටයුතු කළේය. ඒ අනුව ලෝක ජනයා වෙත ලබා දුන් විශ්වාසය තහවුරු කිරීමට නම් අමෙරිකානු ජනාධිපතිවරයා වෙනිසියුලාවේ මුහුදු සීමා ආසන්නයට රැගෙන විත් තිබෙන යුද නැව් ආපසු රැගෙන යායුතු යැයි ලෝක අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ එක්ව අපි බල කර සිටිමු.
ලෝක අධිරාජ්‍ය විරෝධී ජනයා සමඟ එක්ව වෙනිසියුලාවේ බොලිවේරියානු විප්ලවය රැක ගැනීමට ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවයද එක්වන බව සපථ කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්