News Category
From Date
To Date
Maximum Number of Result

'චීන කොමියුනිස්ට් පක්ෂයේ සාර්ථකත්වය යනු ජනතාවගේ සාර්ථකත්වයයි': ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සභාපති විනී මොලිනා

Aug 18, 2025 at 10:54 PM
|

2025 ජූලි 1 වන දිනය යනු චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 104 වන සංවත්සරය සමරණ දිනයයි. සංවර්ධනය සඳහා සියවසකට වැඩි කාලයක් වෙහෙසෙන ආකාරය ආපසු හැරී බලන විට, චීන ජනතාව අඛණ්ඩව "කළ නොහැකි දේ" "කළ හැකි දේ බවට " බවට පත් කර ඇත්තේ පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ ය. ග්ලෝබල් ටයිම්ස් (GT) වාර්තාකාරිනී මා රුයිකියන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සභාපති විනී මොලිනා (මොලිනා), චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව ශක්තීන්, එහි ජනතාව කේන්ද්‍ර කරගත් දර්ශනය, ප්‍රායෝගික පාලනය සමඟ න්‍යායික නවෝත්පාදනයන් ඒකාබද්ධ කිරීම සහ මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දැක්ම ඇතුළු බහු දෘෂ්ටිකෝණවලින් CPC හි ආදර්ශමත් භූමිකාව සහ ජයග්‍රහණ පිළිබඳ ඔහුගේ අවබෝධය ලෝක ජනතාව සමඟ බෙදා ගැනීමට සම්මුඛ සාකච්ඡාව මගින් ප්‍රවේශයක් ලබා ගත්තේය.


GT: සමාජවාදී සමාජයක් කරා චීන සමාජය රැගෙන යාමේදී Cඵ්C ය චීන ජනතාවට ශක්තිමත් නායකත්වයක් ලබා දී ඇති බව ඔබ වරක් පැවසුවා. ඔබ සිතන ආකාරයට Cඵ්C නායකත්වයට තිබෙන ප්‍රධාන වාසිය කුමක්ද?

මොලිනා: මගේ මතය අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට ප්‍රධාන වාසි තුනක් තිබෙනවා. පළමුව, එයට ජනතාවගෙන් ලැබෙන පුළුල් සහයෝගය. දෙවනුව, එහි ප්‍රතිපත්ති සම්පාදනය දිගු කාලීන වන අතර විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත රාජ්‍ය සැලසුම් මට්ටමින් ඉහළ සම්බන්ධීකරණයක් තිබීම. තෙවනුව, සුළුතරයන්ගේ සහ ආන්තික කණ්ඩායම් යන දෙඅංශයේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කරන කැපවීම.

කැපී පෙනෙන එක් නිශ්චිත උදාහරණයක් වන්නේ කාබනීහරණය්යේ දිශාවට ගමන් කරමින් හරිත ආර්ථිකයක් ගොඩනැගීමට චීනය දක්වන ආකර්ෂණීය ප්‍රවේශයයි. මෙම ක්ෂේත්‍රය තුළ, චීනය බොහෝ රටවලට වඩා ගව් ගනණක් ඉදිරියෙන් සිටිනවා. "පාරිසරික ශිෂ්ටාචාරය" යන සංකල්පය චීනය සැබෑ ප්‍රගතියක් ලබා ඇති ක්ෂේත්‍රයක්. මෙම ප්‍රවේශය පරිසරය සහ ජනතාවගේ ජීවනෝපායන් යන දෙකම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් පාරිසරික ඉලක්ක සමඟ ආර්ථික සංවර්ධනය ඒකාබද්ධ කරනවා. ආදර්ශයන් මගින්, චීනයට පෙරමුණ ගත හැකි බව ලෝකයට පෙන්වා දී තිබෙනවා.

ඊට වෙනස්ව, බටහිර විලාසිතාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්` බොහෝ විට මෙම ක්ෂේත්‍රයේදී අසාර්ථක වී තිබෙනවා. ද්වි-පක්ෂ ආකෘතිය කෙටි කාලීන අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වන අතර බොහෝ විට පුළුල් මහජනතාවට වඩා සුළුතරයකගේ අදහස් නියෝජනය කරනවා. එපමණක් නොවෙයි, ජනතාව  සැලකිලිමත් වන ප්‍රධාන ගැටළු විසඳීම සඳහා සම්බන්ධීකරණය කළ හෝ මධ්‍යගත දිගුකාලීන සැලසුම් කිරීමක් ඔවුන් සතුව නැහැ. එවැනි රාජ්‍යයන් ජනතාවගේ අවශ්‍යතා සමඟ නොව පෞද්ගලික අවශ්‍යතා සමඟ පෙළ ගැසී සිටින බව පෙනෙනවා. ඒ අර්ථයෙන් ගත් කල, චීනය පොදු ජන ගැටළු කළමනාකරණය කරන ආකාරයෙහි විශාල වෙනසක් මම දකිනවා.

GT: චීනයේ නවීකරණය පදනම් වී ඇත්තේ එහි ජනතාවගේ අවශ්‍යතා සඳහා වන සංවර්ධනය මත බවත් එමඟින් CPC හි මුලපිරීම් සහ නායකත්වය සඳහා ශක්තිමත් මහජන සහයෝගයක් ලැබී ඇති බවත් ඔබ සඳහන් කළා. CPC හි ජනතා කේන්ද්‍රීය පාලනය තුළ වන දර්ශනය ඔබ තේරුම් ගන්නේ කෙසේද?

මොලිනා: CPC හි ජනතා කේන්ද්‍රීය සමාජවාදී පාලන ආකෘතිය සම්මුතිය මත පදනම් වූ එහි ආයතනික ශක්තීන්ගෙන් එකක් බව මම සිතනවා. උදාහරණයක් ලෙස, ජාතික මහජන කොංග්‍රසයේ (NPC) සැසිවාරවලට සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කරන උපදේශන ක්‍රියාවලියක් ඇතුළත් වෙනවා. මෙම ක්‍රියාවලිය නව මට්ටම් කරා ළඟා වෙමින් පවතින අතර, එය අපගේ සමහර බටහිර රටවල ක්‍රියාත්මක වන මතුපිට හෝ නොගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන බව පෙනෙනවා. බටහිර රටවල, අපි සෑම වසර තුනකට හෝ පහකට වරක් ආණ්ඩු වෙනස් කරනවා. නමුත් යථාර්ථයේ දී, ජනතාවගේ යහපැවැත්ම පිණිස ඉතා සුළු වෙනස්කම් පමණක් සිදු වෙනවා. ඊට වෙනස්ව, ජාතික මහජන කොංග්‍රසය තුළ,  මහජනයා පරිපාලනය කිරීමේදී - ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහ සුළුතර ජාතිකයන්, ආබාධ සහිත පුද්ගලයින් සහ කාන්තාවන් ඇතුළු චීන ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රගතිශීලී ලෙස සංවර්ධනය කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශ වනවා. ජාතික මහජන කොංග්‍රසයේ මෑතදි පැවැත්වූ සැසිවාරවලදී මෙම තත්වය පැහැදිලිව දක්නට තිබුණා.

තවත් ප්‍රධාන කරුණක් නම්, චීනයේ, මධ්‍යගතකරණය උපදේශනය සමඟ අත්වැල් බැඳගෙන තිබීමයි. මධ්‍යගතකරණය සහ උපදේශනය ඒකාබද්ධ වී එකිනෙකා ශක්තිමත් කරනවා. කොමියුනිස්ට් පක්ෂය වන අපි "ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය" ලෙස හඳුන්වන්නේ මෙයයි. තීරණයක් ගත් පසු, එය සාමූහිකයේ අවශ්‍යතා සඳහා සෑම කෙනෙකුටම බැඳී තිබෙනවා.

එසේම, ආර්ථික ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව ජනතාවගේ අධ්‍යාත්මික හා සංස්කෘතික මට්ටම ඉහළ නැංවීම සඳහා ද වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම,පළමුව ජනතාවගේ ද්‍රව්‍යමය තත්වයන් ඉහළ නැංවීමකින් තොරව එය කළ නොහැකියි. නීතිමය අයිතිවාසිකම්, ආර්ථික අයිතිවාසිකම් ආදියෙහි ප්‍රගතියක් තිබිය යුතුයි. මේ සම්බන්ධයෙන්, චීන නායකත්වය අන් අයට අනුගමනය කිරීමට හොඳින් දියුණු ආකෘතියක් පෙන්වා ඇති බව මම විශ්වාස කරනවා.

GT: චීනය අඛණ්ඩ ප්‍රගතියක් ලබා ගැනීමේදී භාවිත කරන යතුර, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ආධානග්‍රාහීත්වයට එරෙහි වීමට උත්සාහ කර ඇති බව ඔබ වරක් සඳහන් කළා. චීන කොමියුනිස්ට් පක්ෂය "ප්‍රතිසංස්කරණවාදීන්ගේ පක්ෂයක්" ලෙස ඔබ වටහාගෙන ඇත්තේ කෙසේද?

මොලිනා: චීන කොමියුනිස්ට් පක්ෂය වසර 100 කට වැඩි කාලයක් ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කර දිවි ගලවා ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රායෝගිකව සත්‍යය පරීක්ෂා කිරීමට කරන අවධාරණයයි. අපි න්‍යාය ජනතාව වෙත ගෙන යා යුතුයි. එලෙසම, අපි ජනතාවගේ උවමනා එපාකම් වෙනුවෙන් නැගී සිටිනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාවට දැනෙන දේ අපට පැවසීමට ඉඩ දිය යුතුයි. එයින් අදහස් කරන්නේ මුග්ධවාදයට එරෙහි වීම - සැබෑ ජීවිතයේදී එය පරීක්ෂා නොකර න්‍යායට ඇලී සිටීම හොඳම ප්‍රතිඵල ලබා නොදෙනු ඇත යන්නයි. මාක්ස්වාදය යනු දැඩි මුග්ධතා සමූහයක් නොව, සමාජය සහ තත්වයන් වෙනස් වන විට පරිණාමය විය යුතු ක්‍රියාව සඳහා මාර්ගෝපදේශයක්. මාක්ස්වාදීන් සඳහා, යථාර්ථය තේරුම් ගැනීම සහ අනුවර්තනය වීම, ප්‍රායෝගිකව න්‍යාය පෙළගැස්වීම ඉතා වැදගත් කාරණා වෙනවා.

නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය මාක්ස්වාදයේ දියුණු ආකාරයක් ලෙස සලකා අධ්‍යයනය කළ යුතුයි. එය බොහෝ ප්‍රධාන ක්ෂේත්‍ර ආමන්ත්‍රණය කරනවා: රාජ්‍ය තාන්ත්‍රිකභාවය, නීතියේ ආධිපත්‍යය, පාරිසරික ශිෂ්ටාචාරය ඒ අතර තිබෙනවා. එය සර්ව සම්පූර්ණ මාක්ස්වාදී රාමුවක් සහ අප සැමට ඉගෙන ගත හැකි සමාජවාදී පාලනය සඳහා ප්‍රායෝගික මෙවලමක් ඉදිරිපත් කරනවා.

GT: 2023 මාර්තු මාසයේදී, චීන ජනාධිපති ෂී ජින්පිං ලෝක දේශපාලන පක්ෂ සමඟ සංවාදයේ දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ මට්ටමේ රැස්වීමේදී ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ඉදිරිපත් කරනු ලැබුවා. ඔබේ මතය අනුව, රටවල් සඳහා අන්තර්-පක්ෂ හුවමාරුවල වැදගත්කම කුමක්ද? චීන කොමියුනිස්ට් පක්ෂය චීනයේ ජාතික සංවර්ධන උපාය මාර්ග ගෝලීය මහජන අවශ්‍යතා සමඟ පෙළගස්වන්නේ කෙසේද?

මොලිනා: අදහස් සහ ඉදිරිදර්ශන හුවමාරු කර ගැනීමට සහ එවැනි හුවමාරුවලට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඉතා හොඳ මුලපිරීමක් යැයි මම සිතනවා. චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ උණුසුම් හා සහෝදර සබඳතා භුක්ති විඳීමට අපි වාසනාවන්ත වී සිටිනවා. මෙය විවිධ දර්ශන සහ ප්‍රවේශයන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා. දරිද්‍රතාවය තුරන් කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා, අපි එකට වැඩ කළ යුතුයි.

මෙය බටහිර රටවල් විසින් බොහෝ විට පිරිනමනු ලබන දේවලට සාපේක්ෂව ජාත්‍යන්තර සහයෝගීතාවයට සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයක් නියෝජනය කරනවා. බටහිර ආධාර බොහෝ විට සබඳතා සමඟ පැමිණෙනවා. ඔවුන් බොහෝ විට ශුන්‍ය-ඓක්‍ය ක්‍රීඩා වල නිරත වෙනවා. ශිෂ්ටාචාරවල විවිධත්වයට සහ සමෘද්ධියට ගරු කිරීම වෙනුවට, ඔවුන් අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙනවා.

අනෙක් රටවල් සමඟ චීනයේ සහයෝගීතාවය, ඊට වෙනස්ව, අන්‍යෝන්‍ය උනන්දුව මත ගොඩනගා තිබෙනවා. පැසිෆික් කලාපයේ සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින කලාපවල අපට මෙය පැහැදිලිව දැකගත හැකියි. චීනයේ ප්‍රවේශය ද්‍රව්‍යමය යහපැවැත්ම පමණක් නොව සංස්කෘතික හා ජාතික ආරක්ෂාව ද සලකා බලනවා. මානව වර්ගයා සඳහා බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක් පිළිබඳ අදහස, මගේ මතය අනුව, ගෝලීය පාලනය සඳහා වඩාත් වගකිවයුතු සහ බලාපොරොත්තු සහගත ප්‍රවේශයක්.ඒවගේම මානව ප්‍රගතිය සඳහා බලවේගයක්. එය සියලු ජනතාවට වඩා හොඳ ජීවිතයක්, සුන්දර අනාගතයක් අපේක්ෂා කළ හැකි සහ එය සැබවින්ම එකට භුක්ති විඳිය හැකි දැක්මක්.

GT: මෙම වසරේ CPC පිහිටුවීමේ 104 වන සංවත්සරය සමරණවා. පක්ෂයේ නායකත්වය යටතේ චීනය එහි දෙවන ශත සංවත්සර ඉලක්කය කරා ගමන් කරන විට, ඔබේ රටේ අනාගතය සඳහා ඔබේ අපේක්ෂාවන් මොනවාද?

මොලිනා: CPC ආරම්භ වූයේ පුද්ගලයන් 13 දෙනෙකුගෙන් පමණක් එකතු වීමෙන් බව සිහියට ගැනීමෙන් වර්ධනය තේරුම්ගත හැකියි. එය අද පවතින මිලියන 100 කට අධික ශක්තිමත් සංවිධානයක් බවට වර්ධනය වනු ඇතැයි කිසි විටෙකත් කිසිවෙක් සිතුවේ නැහැ. ඒ අතින් බලන විට එය පැවැත්මේ කතාවක්. එය අප ඉගෙන ගත යුතු කතාවක්. මෙම ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ සමාජවාදය කළ හැකි දෙයක් බව පමණක් නොව, එය ගොඩනැගෙමින් පවතින බවත්, මාක්ස්වාදය මෙහි පවතින බවත්ය. කොමියුනිස්ට්වාදියෙකු ලෙස, මම විශ්වාස කරන්නේ කොමියුනිස්ට්වාදය නොවැළැක්විය හැකි බවයි. නමුත් එය හුදකලාව පැමිණෙන්නේ නැහැ. ඒ නිසා න්‍යාය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි CPC වැනි පක්ෂ අපට අවශ්‍යයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහ චීන ජනතාවගේ සහයෝගය නිසා අද චීනයේ සමාජවාදී ක්‍රමය කවරදාටත් වඩා ශක්තිමත් වී තිබෙනවා. කම්කරු පන්තියේ බහුතරයක් පක්ෂය පිටුපස එක්සත්ව සිටින බවත් එය සාර්ථක කර ගැනීමට කැමති බවත් මම විශ්වාස කරනවා. මක් නිසාද යත් පක්ෂය සාර්ථක වූ විට ජනතාව සාර්ථක වන බැවිනුයි.

2049 වන විට, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ සියවසේදී, අපි චීනය දියුණු සමාජවාදී ජාතියක් ලෙස දකිනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට සම්පන්න, සමගිය, ශක්තිමත් සහ නවීන සමාජයක් භුක්ති විඳින ජනතාව එහි සිටිනු ඇත. මෙම අවස්ථාවේදී, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 104 වන සංවත්සරයට මගේ සුබ පැතුම් එක් කිරීමට කැමැතියි. චීන කොමියුනිස්ට් පක්ෂයට දීර්ඝායුෂ ලැබේවා. සමාජවාදී චීනයට දීර්ඝායුෂ ලැබේවා.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

'When the CPC succeeds, the people succeed as well': Australian party leader

සම්බන්ධිත පුවත් | Related News

කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා, ව්‍යාජ ආනයන ගෙවීම් ලෙස අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස රටින් බැහැරට යවා ඇති බවට ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් නැවතත් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ දමාම් සහ රියාද් දක්වා ක්‍රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීම නොවැම්බර් පළමු වනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේමැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසුව පූජ්‍ය ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (22) නියම කළේය.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් මට්ටමට පැමිණ තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැටි රුවක් සකසා මහසෝන් යක්ෂයා ආරූඪ කරමින් සහ හිස සත්කඩකට පැළී මියයන ලෙස ශාප කරමින් සිදුකරන මන්ත්‍ර හා යාතුකර්ම පිටුපස ඇත්තේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ සෘජු කුමන්ත්‍රණකාරී චේතනාවක් බවත්, ඒ පිළිබඳව ආරක්ෂක අංශ වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ‘ජන බලය සාමූහිකය’ සංවිධානය අවධාරණය කරයි.
අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.