News Category
From Date
To Date
Maximum Number of Result

සීතල යුද්ධයේ සිට සීතල සාමය දක්වා: නැංගූරම්පලේ සහ ධවල මන්දිර රැස්වීම් ලෝකයට දෙන පණිවිඩය කුමක්ද?

Aug 22, 2025 at 02:11 PM
|

ඇලස්කාව ගෝලීය වශයෙන් සංකේතාත්මක සන්ධිස්ථානයක් ලෙස හෝ ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාර සම්බන්ධයෙන් පුරසාරම් දොඩන්නේ නැත. නමුත් වසර පුරා ඇලස්කාව ලොව පුරා සංචාරකයින් ආකර්ෂණය කරයි. සංචාරකයන් එක්සත් ජනපදයේ උතුරු කෙළවරට පැමිණෙන්නේ කුතුහලයෙන් පිරි නිරීක්ෂණයක් අත් විඳිය හැකි වටපිටාවක් මනසේ තබාගෙන ය: එහි මනුෂ්‍යවාසයක් නැති ප්‍රදේශයන්හි සීතල මතුපිට සහ අයිස් සහිත සන්සුන් භාවය පිටුපස,ඇමරිකාවේ එකම ආක්ටික් රාජ්‍යය කැපී පෙනෙන තේරුම් ගැනීමට දුෂ්කර ප්‍රපංචයක් ඉදිරිපත් කරයි. ඇලස්කාවේ හිම යටින් උණුසුම සහ ආගන්තුක සත්කාරය ගැබ්ව තිබෙන අතර  ඇලස්කාව වාසභූමිය කරගත් ජනතාවගේ ජීවිතවලට ගැඹුරින් එබී බැලීමට කැමති ඕනෑම කෙනෙකුට එය මග හෙළි කරදෙයි.

මෑතකදී ඇලස්කාවේ නැංගූරම්පලේදී පැවති එක්සත් ජනපද-රුසියා සමුළුවට ද එම තේරුම් ගැනීමට දුෂ්කර ප්‍රපංචයක්ය යන්න අදාළ වේ. මුලින්ම බැලූ බැල්මට, ජනාධිපතිවරුන් දෙදෙනා අතර හමුව දුරස්ථ, කිසිදු සජීවී බවක් නොපෙනුණ, කිසිදු ප්‍රධාන මාතෘකාවක් මත ගොඩ නැගුණු ගිවිසුම් හෝ ඉදිරි ගමනක් නොමැතිව සිදුවූ හමුවක් ලෙස පෙනෙන්නට තිබුණි.

නමුත් සිද්ධිය දෙස සමීපව බලන්නට මනස යොමු කළේ නම් හමුවීම උණුසුම් හා වඩා සාධනීය ලෙස පෙනේ. එනම් දෘෂ්ටි විද්‍යාව සම්බන්ධයෙන් අඩුවෙන් සහ හරය සම්බන්ධයෙන් වැඩි යමක් සෙවීමේ අරමුණින් ඇස යොමු කළ යුතුය. සීතල යුද්ධය තුළ දිගු කලක් තිස්සේ හැඩගස්වා ඇති දෙරටෙහි සබඳතා සඳහා, අයිස් කුට්ටියේ උපමාව සුදුසුය. එනම් ජල තලයේ මතුපිටට ඉහළින් දෘශ්‍යමාන වන්නේ ජල රේඛාවට යටින් ඇති ස්කන්ධයෙන් කොටසක් පමණි.

කඩිමුඩියේ සංවිධානය කරන ලද සමුළුව,සමුළුවේ න්‍යාය පත්‍රය හදිසියේම නැවත වෙනස් කිරීම, එතරම් වටිනාකමක් ඇති නොකළ බව සිරස්තල පිළිබඳ කෙටි විශ්ලේෂණයකින් පෙනී යා හැකිය. අත්සන් කරන ලද ගිවිසුම් නැත, නිකුත් කළ මහා නිවේදන නැත.

නමුත් ඇත්ත වශයෙන්ම, එය 2021 පසුව න්‍යෂ්ටික සුපිරි බලවතුන් දෙදෙනාගේ නායකයින් අතර සිදුවූ පළමු පුද්ගල හමුව සනිටුහන් කළේය. දිගු කලක් තිස්සේ ගල් ගැසී තිබුණු සන්නිවේදන මාර්ග යතාවති කිරීමට පමණක් හමුව  ප්‍රමාණවත් විය. එහෙත් ගෝලීය න්‍යාය පත්‍රයේ ඇති දුෂ්කරම අයිතම සමඟ කටයුතු කිරීම අරමුණු කරගත් ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවකට පෙරවදනක් නායකයින් දෙපල අතර හමුවට සැපයිය හැකිය.

අයිස් කැඩී යාම ආරම්භ වීමට නම්, මොස්කව් සහ වොෂින්ටනය යන පරිපාලනයන් දෙකටම වසර ගණනාවක අවිශ්වාසය සහ සෘජු සංවාදයක් නොමැතිකම තුළ මුල් බැසගත් අන්‍යෝන්‍ය විරසකයක් ජය ගැනීමට සිදු වේ. මෙම සමුළුව ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය සඳහා මාතෘකා සහ අවස්ථාව ලබා ගැනීමට සකසා ඇති වේදිකාවකට වඩා වැඩි දෙයක් නොවන්නක් යැයි රුසියානු නියෝජිත පිරිස බිය වූහ.

මේ අතර, ට්‍රම්ප් මොස්කව් සමඟ ඔහුගේ තිබෙන්නේ යැයි කියනු ලබන සබඳතා පිළිබඳ මහජන මනසේ ඇති කළ පැරණි මතකයන් නැවත උත්පාදනය කිරීමට බිය විය. මොස්කව් සමඟ ඔහුට ඇතැයි පැවසුණු කතා වස්තුව, 2020 මැතිවරණ පරාජයෙන් පසු ඔහුව අන්දමන්ද කළ, නඩු හරහා ඔහුව ලුහුබැඳ ගිය අතර 2024 මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඝාතන උත්සාහයකින් දිවි ගලවා ගැනීමෙන් පසුව පවා ඔහු මත වැටුණු සෙවනැල්ලක් වූ  කථා වස්තුවකි. ඒ ඉතිහාසය සිතේ තබාගෙන පුටින් රැස්වීම ආරම්භ කළේ තියුණු සුබ පැතුම් සමඟිනි: "සුබ සන්ධ්‍යාවක්, ආදරණීය අසල්වැසියා. ඔබ හොඳ සෞඛ්‍ය තත්වයෙන් හා ජීවතුන් අතර සිටිනු දැකීම සතුටක්."

තම රුසියානු සහචරයා සමඟ ඕනෑවට වඩා චාම් ලෙස ගනු දෙනු කරන බව නොපෙන්වීමට වගබලා ගත් ට්‍රම්ප්, මුලපත්‍රය හෙවත් ප්‍රොටෝකෝලය වෙනස් කළේය. ගුවන් යානයේදී පුටින්ට ආචාර කිරීම වෙනුවට, ඔහු එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ගුවන් හමුදා කඳවුරේ රතු පලස් මත ඇවිදීමට තීරණය කර ඊට අනුව කටයුතු සංවිධානය කළේය. සමුළු සැසිවලදී ඔහු පුටින් සමඟ පමණක් කතා කිරීම ප්‍රතික්ෂේප කර "තුනෙන් තුනට" ආකෘතියකින් ප්‍රතිස්ථාපනය කළේය. රුසියානු පාර්ශවයෙන් සර්ජි ලැව්රොව් සහ යූරි උෂාකොව්, ඇමරිකානු පැත්තෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් මේ සඳහා සහභාගි විය. මෙම පියවර මගින් ට්‍රම්ප් පුටින් සමඟ තනිව සාකච්ඡා කළහොත් ඔහු යටත් වන බවට එල්ල වන චෝදනාවලින් ඔහුව ආරක්ෂා කළේය. කෙසේ වෙතත්, සාකච්ඡා සඳහා යන අතරතුර ට්‍රම්ප්ගේ මෝටර් රථය තුළ දෙදෙනාට පෞද්ගලිකව අදහස් හුවමාරුවක් කර ගැනීමට අවස්ථාව ලැබුණි.

සාකච්ඡාව කඩිනම් අවසන් විය. සැලසුම් කළ පැය හයේ හෝ හතේ සාකච්ඡා වෙනුවට සාකච්ඡාව පැවතුනේ පැය දෙකක් පමණි. දිවා ආහාරය අතරතුර සාකච්ඡාව අවලංගු කරන ලදී. මාධ්‍ය හමුව පවා මුලපත්‍රය කඩ කළේය. පුටින් මුලින් අදහස් දැක්වූ අතර සමුළුවේ සත්කාරකයා අදහස් දැක්වීමට ගත් කාලයට වඩා දෙගුනයකුත් තවත් භාගයකින් දිගු විය. පුදුමයට කරුණක් නොවන ලෙස,අ, මාධ්‍ය එය දෙවිධියකට විග්‍රහයක යෙදුනි. අශුභවාදීන් පැවසුවේ සීතල පෙරමුණ ඉවත් වී නැති බවත්, දෙදෙනාගේ හමුවේදී සීතල පෙරමුණ දියවන බවට තැබූ බලාපොරොත්තු මිය ගිය බවත්ය. ශුභවාදීන් ප්‍රතිතිචාර දක්වමින් පවසා සිටියේ විධිමත් ආකෘතිය යනු ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ සෑම ප්‍රධාන අයිතමයක්ම ආමන්ත්‍රණය කර සැබෑ පසු විපරමක් සඳහා මාර්ගය පැහැදිලි කිරීම බවයි.

යථාර්ථය, සුපුරුදු පරිදි, මේ අදහස් දෙක අතර කොතැනක හෝ ස්ථානගතවනු ඇත. කෙසේ වුවද නායකයන් දෙපල හමුවීමෙන් පසුව එළැඹි පළමු දිනයේම ,ඇමරිකානු පාර්ශවයෙන් රුසියාව විදග්ධව ඉදිරිපත් කළ තර්ක වලට මුහුණ දී ඇති බවට ලැබුණු තොරතුරු වලින් ඉඟියක් ලබා දුන්නේය. වොෂින්ටනය රුසියාව විසින් ගැඹුරින් පෙරහුරු කරන ලද තර්ක සමඟ මුහුණට මුහුණලා සිට ගත් බව පෙන්නුම් කළේය. අවි පාලනය සහ ආක්ටික් සහයෝගීතාව වැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රගතිය රඳා පවතින්නේ ආතතියට මූලික හේතුව වන යුක්රේනය පිළෛබඳ ගැටලුව විසඳීම මත බව එක්සත් ජනපදය දුටුවේය.ගැටුම එහි මූලයට ආමන්ත්‍රණ්ය කරන  විස්තීර්ණ සාම ගිවිසුමකට පමණක් සැබෑ ඉදිරි ගමනට ඉඩ දිය හැකිය.

නැංගූරම්පලෙ හි තාර්කික ප්‍රතිඵලය වූයේ ට්‍රම්ප් සඳුදා වොෂින්ටනයේ ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් පිරිසක් සමඟ හමුවීමක් සංවිධානය කර තිබීමයි. ඕවල් කාර්යාලයේ රැස්ව සිටියේ එම්මානුවෙල් මැක්‍රොන්, ෆ්‍රෙඩ්රික් මර්ස්, ඇලෙක්සැන්ඩර් ස්ටබ්, කීර් ස්ටාර්මර්, ජෝර්ජියා මෙලෝනි, නේටෝවේ මාර්ක් රූට් සහ උර්සුලා වොන් ඩර් ලේයන් ය. ස්වෛරී රාජ්‍ය සමුළුවකට වඩා ට්‍රම්ප් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන 'Corporation West'හි මණ්ඩල රැස්වීමක් මෙන් දර්ශනය විය. කඩිමුඩියේ කැඳවන ලද සැසිය විශ්ලේෂකයින්ට එහි අර්ථය විවාද කිරීමට ඉඩ හැර තිබුණි.

යුරෝපීය මාධ්‍ය එය යුක්රේනය සඳහා ලබාදුඉන් ආරක්ෂක සහතිකයන්හි ප්‍රගතියක් ලෙස වර නැංවීය. එය සත්‍ය නම්, ට්‍රම්ප් බයිඩන් මෙන් එකම මාර්ගයකට වැටීමේ අවදානමක් ඇත. එනම් මිලිටරි ආධාර පොරොන්දු වීම, වර්ධක සහතික කිරීම් පසුපස හඹා යාම සහ කියෙව්ගේ අපේක්ෂාවන්ගේ බර යටතේ ඔහුගේ සාම න්‍යාය පත්‍රය බිඳ වැටෙනු නැරඹීම යන කාරණාය.

එයින් අදහස් වන්නේ ගනුදෙනුකරු-ප්‍රධානියා ලෙස ඔහු විසින්ම හඳුන්වාගත් භූමිකාව අසාර්ථක වීම පමණක් නොව, අනාගත සාකච්ඡා වලදී රුසියානු දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට එළඹීමක්ද වනු ඇත. එම තත්ත්වය තුළ, එක්සත් ජනපද-රුසියා සබඳතා තවමත් ඉදිරියට යා හැකි නමුත් රටවල් දෙකෙහිම අභිලාශයන්ට අනුව නම් නොවේ.

එහෙත් ධවල මන්දිර ආරංචි මාර්ග වෙනස් කතාවක් පැවසීය. ට්‍රම්ප්, භූමියේ යථාර්ථයන් හඳුනාගෙන යුක්රේනය සඳහා නේටෝ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන පූර්ණ සාම ගිවිසුමක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව ඔවුන් අවධාරණය කළේය.

වොෂින්ටනයේ පැවති සාකච්ඡා නාටකාකාර උච්චතම අවස්ථාවකට ළඟා වූයේ ට්‍රම්ප් ක්‍රෙම්ලිනයට දුරකථනයෙන් කතා කළ විටය. බොහෝ දෙනෙක් එය දුටුවේ එක්සත් ජනපදය, රුසියාව සහ යුක්රේනය එකට ගෙන ආ හැකි ත්‍රි-මාර්ග සමුළුවකට පෙර නිමිත්තක් ලෙස ය. මොස්කව් වඩාත් ප්‍රවේශම් සහගත විය. සහායක යූරි උෂාකොව් තහවුරු කළේ දුරකතන ඇමතුම දෙපාර්ශ්වයේම සාකච්ඡාකරුවන්ගේ මට්ටම ඉහළ නැංවීමේ අදහස ස්පර්ශ කළ බවයි.

එබැවින් නැංගූරම්පල වෙතින් සැබෑ සංකේතාත්මක ඉවත්වීම නම් එය සිදු වූ බව පමණක් නොව, එය නව අවධියක් සංඥා කරන බවයි. දශක ගණනාවක ප්‍රත්‍යාවර්තී සීතල යුද්ධ ගැටුමකින් පසු, මොස්කව් සහ වොෂින්ටනය සීතල සාමයක් ලෙස හැඳින්විය හැකි දෙයෙහි සැරිසැරීමට ඉගෙන ගනිමින් සිටිති.

ඇලස්කාවේ ගිම්හානයක් මෙන්, මුලදී සීතල හා රළු බවක් ගතට දැනේවි. නමුත් කාලයත් සමඟ, හිම අනපේක්ෂිත උණුසුමකට මෘදු වී, හැකි වුවහොත් සහජීවනය නොවේ නම් මිත්‍රත්වය ඇති කරනු ඇත.

ඇලෙක්සැන්ඩර් බොබ්රොව්

RUDN විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික පර්යේෂණ සහ අනාවැකි ආයතනයේ ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු සහ රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යයන ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහු “රුසියාවේ මහා උපාය මාර්ගය” නම් පොතේ කතුවරයා ද වන්නේය. 

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

From cold war to cold peace: What the Anchorage and White House meetings mean for the world

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.